නිවාස කොල්ලකෑමේ යෙදුනු බව කියන කල්ලියක් මත්කුඩු සහ රුපියල් ලක්ෂ 10ක භාණ්ඩ සමග පොලිසියට කොටුවී තිබෙනවා.
හතර දෙනෙකුගෙන් සමන්විත මෙම කොල්ලකල්ලිය නිට්ටඹුව හා අවට ප්‍රදේශවල නිවාස කොල්ල කා තිබුණා. ඔවුන් හොරාගත් උපකරණ අතර වායු සමීකරණ යන්ත්‍ර රූපවාහිනී යන්ත්‍ර සහ ජල මෝටර් ආදිය වනවා.
මෙම කල්ලියේ දෙදෙනෙකු නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 300ක් ද සමගයි. සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූවන් බව පොලිසිය පවසනවා.
The post නිවාස කොල්ලකෑමේ යෙදුනු කල්ලියක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment