Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛද්‍ය චමල් සංජීවගේ‍ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කෙහෙලියට කල් ලැබෙයි  

0 comments

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු වග උත්තරකරුවන්ට  ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නා.

සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තමන් කළ ප්‍රකාශයෙන් අනතරුව  වැඩ තහනම් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවටත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙසටත් ඉල්ලමිනුයි මෙම පෙත්සම ගොණු කර ඇත්තේ.

පෙත්සම්කාර වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ සූරියවැව ප්‍රදේශයේ  තමන් කළ වෛද්‍ය සායනයක්  තුළින් ළමා මන්දපෝෂණය පිළිබද සමීක්ෂණයක් සිදු කළ බවයි.

ඊට සහභාගී වූ දරුවන් 20 දෙනෙකුගෙන් 06 දෙනෙකු දැඩි මන්දපෝෂණයෙන් පෙලෙන බව පවසන පෙත්සම්කරු එම දරුවන්ගේ සියයට 50 ත් 80 ත් අතර සංඛ්‍යාවක් අඩු බරකින් යුක්ත වූ බවද පවසනවා.

ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්ගේ දැනුම්දීමකට අනුව ඉකුත් සැප්තැම්බර් 06 වනදා අමාත්‍යාංශ විශේෂ විමර්ශන කමිටුවට ප්‍රකාශයක් ලබා දුන් බවයි ඔහු පවසන්නේ. පසුව කිසිම සාධාරණ හේතුවක් නොමැතිව තමන් වැඩ තහනමට ලක් වූ බවද පෙත්සම්කරු පවසනවා.

පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින්  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසුවේ තම සේවා දායකයාට විදේශයක විශේෂඥ පුහුණුවක් ලැබීමට නියමිත බවත් වැඩතහනම හේතුවෙන් ඊට බාධා පැමිණ ඇති බවත්ය.

එම කරුණ මීළග නඩු දින සළකා බලන බව විනිසුරුවරුන් සදහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සදහා කල් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඇත්නම් දෙසැම්බර් 09 වනදා ඉදිරිපත් කරන ලෙසත් ප්‍රති විරෝධතා දෙසැම්බර් 12 වනදාට පෙර ගොණු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

 

 

The post වෛද්‍ය චමල් සංජීවගේ‍ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කෙහෙලියට කල් ලැබෙයි appeared first on ITN News.

Read More »

ඊයේ වැඩිම කෙරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ජපානයෙන්  

0 comments

ගත වූ පැය24 ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ පනස් දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් දොළහක්.

ඊයේ දිනයේදී වැඩිම කෙරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙන්. ගත වූ පැය 24 ට එරටින් හමු වූ වයිරස ආසාදිතයින් එක්ලක්ෂ තිස්අට දහස් තුන්සිය අනූ හය දෙනා සමග ජපානයේ සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි හතළිස් අට ලක්ෂයකට ආසන්න වනවා.

එමෙන්ම ප්‍රංශයෙන් හැට අට දහසක්, දකුණු කොරියාවෙන් හැට හත් දහසක් හා ඇමෙරිකාවෙන් හතළිස් පන් දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහතර කෝටි හැත්තෑ නව ලක්ෂයකට ආසන්නයි. සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහය ලක්ෂ හතළිස් දහස් අනූ අටක්.

 

 

The post ඊයේ වැඩිම කෙරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ජපානයෙන් appeared first on ITN News.

Read More »

කෘෂිකර්මයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන්නැයි ඉල්ලීමක්  

0 comments

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

වියදම් කළමනාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල්කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීම් කර ඇත්තේ.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුළු අංශ ගණනාවක නිලධාරීන් වෙනත් ආයතන සඳහා අනුයුක්ත කෙරෙනු ඇති.

එකම අමාත්‍යාංශයක් තුළ සංවර්ධන අංශ තුනක්, පාලන අංශ තුනක්, ගිණුම් අංශ තුනක්,  ප්‍රවාහන අංශ තුනක් ආදී වශයෙන් පවතින අතර ඒ අනුව නිලධාරීන් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඒ අනුව වියදම් කළමනාකරණය පිළිබඳ රාජ්‍ය  ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිම දුෂ්කර වී ඇති බව පෙන්වා දෙන මහින්ද අමරවීර මහතා ඉහත ක්‍රියාමාර්ගය ගැනීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කර තිබෙනවා.

 

The post කෘෂිකර්මයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

ලක්ෂ 65ක කේරල ගංජා තොගයක් ධර්මපුරම්හිදී අත්අඩංගුවට  

0 comments

ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ ලක්ෂ 65 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් ධර්මපුරම් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්ඩිකුලම් රක්ෂිතයේ සිදු කළ වැටලීමකදීයී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් කිසිවෙකුත් මෙහිදී අත්අඩංගුවට ගෙන නැත.

The post ලක්ෂ 65ක කේරල ගංජා තොගයක් ධර්මපුරම්හිදී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ගිරිතලේ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලයි  

0 comments

නීතිවිරෝධී ගිනි අවි දෙකක් සහ මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු ගිරිතලේ දියබෙදුම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව ගිරිතලේ දියබෙදුම පහේ කණුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් වැටලීමට පොලීසිය සමත් වුණා.

ඒ  පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුවයි.

ව්‍යාපාරික ස්ථානයක් මුවාවෙන් කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබූ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක තොරතුරු මෙහිදී හෙළි කර ගැනුණා.

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්ද, මත්පැන් නිෂ්පාදනයට යොදා ගත් බැරල් හා උපකරණ හා ගෝඩා තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරු හා අදාළ උපකරණ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් ධිකරණයට ඉදිරිපත් කිරිමට පොලීසිය කටයුතු කළා.

 

The post ගිරිතලේ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලයි appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් ට පාර්ලිමේන්තු වාරණයක්  

0 comments

ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ව එරට පාර්ලිමේන්තුව වාරණයට ලක් කර තිබෙනවා.

ස්කොටි මොරිසන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලයේදී රහසිතගතව  අමාත්‍යාංශ කිහිපයක බලතල ඔහු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්  වරදකරු වීම හේතුවෙනුයි වාරණයට ලක් කර ඇත්තේ. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වාරණයට ලක් වූ පලමු අවස්ථාවද මෙය වනවා.

එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය රජය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය කඩකර ඇති බවට චෝදනා  එල්ල වනවා.

පසුගිය මැයි මාසයේදී ඔහුට ධුරය අහිමිවූ අතර ඊට ප්‍රථමයෙන් වසර දෙකක් පුරා සෞඛ්‍ය, මුදල්, භාණ්ඩාගාර, ස්වදේශ කටයුතු හා සම්පත් යන අමාත්‍යාංශ කිහිපය ඒකාබද්ධ අමාත්‍යාංශ ලෙස පවත්වාගනිමින් එහි බලතල පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට දැනුම්දීමකින් තොරව රහසිගතව තබාගෙන තිබෙනවා.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයන් අමාත්‍යවරුන් පවා නොදැන සිටි අතර මොරිසන්ගේ සමීපතමයින්ගෙන්ද දැඩි දෝෂාරෝපණයක් එල්ල වනවා.

කෙසේ වුවද හිටපු අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ කොරෝනා වයිරස ව්‍යාප්ති සමයේදී තත්ත්වය පාලනය කිරීමට මෙම පියවර ගත් බවයි.

එමෙන්ම ඔහුට විරුද්ධව සිදු වන පලිගැනීමේ ක්‍රියාවලියක් ලෙස මොරිසන් මෙය හදුන්වනවා.

The post ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් ට පාර්ලිමේන්තු වාරණයක් appeared first on ITN News.

Read More »

චීනයේ ක්‍රියාත්මක උද්ඝෝෂණ මැඬපැවැත්වීමට එරට රජය සූදානම්  

0 comments

චීනයේ ක්‍රියාත්මක උද්ඝෝෂණ මැඬ පැවැත්වීමට එරට රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඬපැවැත්වීමට චීනය ක්‍රියාත්මක කරන ශූන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියට විරෝධය  පළකරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

උද්ඝෝෂණ අතර තුරදී ජනතාව හා සෞඛ්‍ය අංශ අතර මෙන්ම පොලීසිය සමග ද ගැටුම් හට ගත්තා. එහිදී පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂණ මැඬ පැවැත්වීමට පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සියලු ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

එක් ආසාදිතයෙකු හෝ හමු වූ  පසු එම ප්‍රදේශයම සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙනුයි උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

The post චීනයේ ක්‍රියාත්මක උද්ඝෝෂණ මැඬපැවැත්වීමට එරට රජය සූදානම් appeared first on ITN News.

Read More »

උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි ස්වල්පයක්  

0 comments

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-11-30
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 32 24 95 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 30 24 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 31 25 85 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල 30 26 85 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
යාපනය 31 23 95 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 31 20 95 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 21 12 95 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත
රත්නපුරය 34 23 95 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ත්‍රිකුණාමලය 31 24 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 32 25 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත

The post උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි ස්වල්පයක් appeared first on ITN News.

Read More »

ලොව දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24ට පමණක් ලොව පුරා රටවල් 228 කින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ තිස් දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 848 ක්.

ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන් එම සංඛ්‍යාව එක්ලක්ෂ තිස් දහසකට ආසන්නයි.

එමෙන්ම ප්‍රංශයෙන් 91,000 ක්, දකුණු කොරියාවෙන් 71,000 ක් හා බ්‍රසීලයෙන් 38,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගත වූ පැය 24ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 167 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට හය ලක්ෂ තිස් අට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව හැට හතර කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්නයි.

 

The post ලොව දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති කථානායක හමුවෙයි  

0 comments

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී අයවැය කාලසීමාව සහ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබද මෙන්ම දෙරට අතර පවත්නා පාර්ලිමේන්තු ක්‍රමවේදයන් සහ දේශපාලන ව්‍යුහය ආදිය පිළිබඳවද දෙපාර්ශවය සුහද සාකච්ඡාවක නිරත විය.
2023 වර්ෂයේදී ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා සදහා 75 වසරක් සැපිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වූ අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ද නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා මෙහිදී කථානායකවරයාට පැවසීය.

The post ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති කථානායක හමුවෙයි appeared first on ITN News.

Read More »

සුපර් කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය විනාශ කළ බව යුරෝපෝල් පොලිසීය පවසයි  

0 comments

යුරෝපයේ කොකේන් මත්ද්‍රව්‍ය සැපයුමෙන් තුනෙන් එකක පාලනය නතුකරගෙන සිටි සුපර් කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය විනාශ කළ බව යුරෝපෝල් පොලිසීය පවසනවා.

ඔපරේෂන් ඩෙසර්ට් ලයිට් ලෙස නම් කර ඇති මෙම ජාත්‍යන්තර මෙහෙයුම මඟින් රටවල් 6 ක පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම මෙහෙයුම මඟින් මත් කුඩු ටොන් 30කට වැඩි ප්‍රමාණයක් අත්ඩංගුවට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මෙම ජාවාරමට උපයෝගී කරගත් සුඛෝපභෝගි නිවාස වාහන ඇතුළු දේපළ රැසක් ද මෙහෙයුමේ දී සොයාගැණුනා. වසර දෙකක් මෙම මෙහෙයුම සඳහා ගතව ඇති අතර ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් එක්වයි මෙම මෙහෙයුම සිදු කළේ. ජාත්‍යන්තර පොලිසීයට අවශ්‍ය ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසේ සිටින බවද සඳහන්. එමෙන්ම සුපර් කාටෙල් හි ප්‍රධානියා බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පලා ගොස් ඇති අතර මේ වන විට ඔහු පිළිබද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම මත්ද්‍රව්‍ය ගනුදෙනු සිදු කර ඇති බව ද සඳහන්.

The post සුපර් කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය විනාශ කළ බව යුරෝපෝල් පොලිසීය පවසයි appeared first on ITN News.

Read More »

ලබන වසර තමයි රට යථාතත්ත්වයට පත් කිරීමේ වසර  

0 comments

2023 වසර රට යථාතත්ත්වයට පත් කිරීමේ වසර බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය ජය ගැනීමට දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

 

The post ලබන වසර තමයි රට යථාතත්ත්වයට පත් කිරීමේ වසර appeared first on ITN News.

Read More »

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග පැනවීම සඳහා කැබිනට් අනුමැතිය  

0 comments

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණා. ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව සකස් කෙරුණු එම නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

The post සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග පැනවීම සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

විදේශ ඇමති ඇමෙරිකාව බලා පිටත්ව යයි  

0 comments

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇමෙරිකාවේ නිල සංචාරයක් සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුව  දෙසැම්බර් 4 දක්වා අලි සබ්රි මහතා මෙම සංචාරයට සහභාගි වනවා. මෙහිදී ඒ මහතා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිලිබද මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post විදේශ ඇමති ඇමෙරිකාව බලා පිටත්ව යයි appeared first on ITN News.

Read More »

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වසර 40 කට පසු පුපුරා යයි  

0 comments

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායිහි පිහිටි මවුනා ලෝවා ගිනි කන්ද වසර 40 කට පසු පුපුරා ගොස් තිබෙනවා.

මේ වනවිට එම ගිනි කන්දෙන් ලාවා පිටවීම ආරම්භ වී තිබෙනවා. එමෙන්ම අලු සහ දැඩි දුමාරයක් ද පිටවන බවයි වාර්තා වන්නේ. ඒ අවට සිටින ජනතාව ඉවත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කෙසේ වෙතත් ඇමෙරිකා භූ විද්‍යා සේවය සදහන් කරන්නේ මෙම තත්ත්වය වේගයෙන් වෙනස්විය හැකි බවයි. ගිනි කන්ද පුපුරායාම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් උපරිම මට්ටමට පැමිණ තිබෙනවා.

 

 

 

 

The post ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වසර 40 කට පසු පුපුරා යයි appeared first on ITN News.

Read More »

කැමරුන් රාජ්‍යයේ අගනුවර සිදු වූ නායයාමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කැමරුන් රාජ්‍යයේ අගනුවර සිදු වූ නායයාමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කැමරුන් රාජ්‍යයේ යවුන්ඩේ අගනුවර අවමංගල්‍ය උත්සවයක් අතරතුරයි මෙම නායයාම සිදු ව ඇත්තේ. පාපන්දු පිටියක සිදු කෙරුණු මෙම අවමංගල්‍ය උත්සවයට විශාල පිරිසක් එක්ව සිට ඇති අතර විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන්. ඔවුන් සොයා මෙහෙයුම් සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රෝහල් ගත කරනු ලැබු 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post කැමරුන් රාජ්‍යයේ අගනුවර සිදු වූ නායයාමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටේ  

0 comments

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ සිදුවු මෙම අනතුර හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. නිවාස හා ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික සංඛ්‍යාවකට විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවු වී නැති අතර ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා සහ සහායකයා බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අයහපත් කාලගුණික තත්ත්වය අනතුර සිදුවන්නට හේතුවී ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

 

 

 

The post ඇමරිකාවේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටේ appeared first on ITN News.

Read More »

තැලසීමියා ඖෂධ තොගයක් පාකිස්තානයෙන් පරිත්‍යාග කරයි  

0 comments

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමේ පළමු අදියර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම ඖෂධ නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ පාකිසකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙය සිදු කෙරුණු අතර මෙලෙස මාස හයකට වරක් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව නොමිලේ මෙම ඖෂධ මෙරට තැලසීමියා රෝගීන් සඳහා එම සමාගම විසින් ඉදිරියටත් ලබා දීමට සැළැසුම් කර තිබේ.

Highnoon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අදීල් අබ්බාස් මෙහිදී ප්‍රකාශ කළේ පකිථානය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙල උපකාරී වන බවත්, අසල්වැසි රටක් වන ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට යම් පිටිවහලක් වීමට ලැබීම ඉතාම සතුටට කරුණක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා;

ඉතිහාසයේ ඉතාම දුෂ්කර අවධියකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවත් මෙම ආර්ථික අර්බුද තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයටද ප්‍රභලව බලපා ඇති බවත් කීය. අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් හිඟව පවතින අවස්ථාවක මිත්‍ර රටවල්, ජාත්‍යන්තර සංවිධාන රැසක් අප සමග සිටීම අපට මහත් ශක්තියක් යැයිද ඒ අතරින් මිත්‍ර රටවල් බොහොමයක් කොන්දේසි විරහිතව අප සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් අසල්වැසි රටක් වන පාකිස්තානය ඒ අතරින් ප්‍රමුඛ වන බවත් පැවසීය.මෙම රටවල පරිත්‍යාගශීලීත්වයට ශ්‍රී ලංකා රජය හා මෙරට පුරවැසියන් වෙනුවෙන් අවංක ස්තුතිය පිරිනමන බවද මෙහිදී පැවසීය.

පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන භාර අස්මා කමල් , Highnoon Laboratories සමාගමේ විධායක අධ්‍යක්ෂ Hassan M. Murad, Highnoon Laboratories හි මෙරට ප්‍රවර්ධන කටයුතු හා බෙදාහරින්නන් වනTruvic සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදිත ඩයස් යන මහත්වරුන් ඇතුළු එම සමාගමේ නිලධාරීන් පිරිසක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික කමිටු අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සහ රාගම ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ වෛද්‍ය කුමාරී අත්තනායක මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

The post තැලසීමියා ඖෂධ තොගයක් පාකිස්තානයෙන් පරිත්‍යාග කරයි appeared first on ITN News.

Read More »

ඉතාලියේ නේප්ල්ස් ප්‍රබල නායයෑමක  

0 comments

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්නයේ ප්‍රබල නායයාමක් සිදුව තිබෙනවා. ඊට හසුවූ කුඩා දරුවෙකු ඇතුළු 7 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර මියගිය පුද්ගලයින් පිළිබද නිෂ්චිත තොරතුරු ලබාගැනීමට නොහැකිවී තිබෙනවා.

මෙම නායයාමෙන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙහෙයුම් අංශ සඳහන් කරන්නේ කුඩා දරුවකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි. අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර මෝටර් රථ රැසක්ද විනාශ වී ඇති බව වාර්තා වනවා. සුන්බුන් අතර සිරිවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස රැසක විදුලිය බිඳවැටී ඇති අතර මෙහෙයුම්වලට ද බාධා එල්ලවී තිබෙනවා.

 

 

The post ඉතාලියේ නේප්ල්ස් ප්‍රබල නායයෑමක appeared first on ITN News.

Read More »

චීන රජයෙන් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවලට ඉන්ධන ලීටර් මිලියන 10.06ක පරිත්‍යාගයක්  

0 comments

චීන රජය මෙරට කෘෂිකාර්මික හා  ධීවර අංශ සදහා පාරිත්‍යාගයක් ලෙස ලබාදුන් ඉන්ධන ලීටර් මිලියන දහයක තොගය නිළ වශයෙන් භාරගැනීම කොළඹ වරායේ දි අද සිදු කෙරුණා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙරට කෘෂිකර්මික හා ධීවර ක්ෂේත්‍රවල නිරත පිරිස් වෙනුවෙන් ලබාදීම සදහා චීන රජය මෙම ඉන්ධන තොගය පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ වරාය වෙත පැමිණි එම නෞකාව භාර ගැනීම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,  රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙරට චීන තානාපති ෂි ෂෙන් හොන්ක් මහතා ද එම අවස්ථාවට සහභාගී වුණා. මෙම ඉන්ධන තොගයෙන් ලීටර් ලක්ෂ හැත්තෑපහක් කෘෂිකර්මාන්තයට ලබා දීමට නියමිතයි.

 

 

The post චීන රජයෙන් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවලට ඉන්ධන ලීටර් මිලියන 10.06ක පරිත්‍යාගයක් appeared first on ITN News.

Read More »

සෝමාලියාවේ රාජ්‍ය නිලධාරීන් නවාතැන්ගෙන සිටින හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්  

0 comments

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි රාජ්‍ය නිලධාරීන් නවාතැන්ගෙන සිටින හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සෝමාලියාවේ අල් ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම මෙම හෝටලය මේ වනවිට වටලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සෝමාලියාවේ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයා තුවාල ලබා ඇති බවට ද එරට මාධ්‍ය වාර්තා කරනවා. මොගඩිෂු අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය ආසන්නයේ මෙම හෝටලය පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ත්‍රස්තවාදීන් කොපමණ පිරිසක් හෝටලය තුළ සිටිනවාද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. එම ප්‍රදේශයෙන් විශාල ශබ්ද සහ වෙඩිහුවමාරු සිදුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

 

The post සෝමාලියාවේ රාජ්‍ය නිලධාරීන් නවාතැන්ගෙන සිටින හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ පළමු අස්වැන්න ඩුබායි වෙත  

0 comments

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ වගා කෙරුණු ඇඹුල් කෙසෙල් පළමු කන්ටේනරය අපනයනය කෙරුණා. රාජාංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ පළමු අස්වැන්න ලෙස කිලෝග්‍රෑම් 12,500කුයි මෙලෙස ඩුබායි රාජ්‍ය වෙත අපනයනය කෙරුණේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 400 ක ඇඹුල් කෙසෙල් වගාකර තිබෙනවා. එහි පළමු අස්වැන්න ලබාගැනීම සිදුකෙරුණු අතර කිලෝග්‍රෑම් 12,500 කින් යුත් තොගය ඩුබායි රාජ්‍ය වෙත අපනයනය කෙරුණා. ඒ අනුව ඉදිරියේ දී සෑම සතියකම සෙනසුරාදා දිනයේ දී ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙදපොලට අපනයනය කිරීමට සැළසුම්කර තිබෙනවා. අපේ රට ඩොලර් අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවේ මෙවැනි ව්‍යාපෘති තුළින් ඊට යම් සහනයක් ලැබෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

The post ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ පළමු අස්වැන්න ඩුබායි වෙත appeared first on ITN News.

Read More »

රටේ පවත්නා නීතියට ගරු කරමින් සියලු දෙනා ක්‍රියා කළ යුතුයි  

0 comments

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් පැවතියද රටේ පවත්නා නීතියට ගරු කරමින් සියලු දෙනා ක්‍රියා කළ යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

රට ගොඩනැගීමේදී මේ සියල්ල පිළිබද සැලකිලිමත් විය යුතු බවයි පානදුර ප්‍ර දේශයේදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

The post රටේ පවත්නා නීතියට ගරු කරමින් සියලු දෙනා ක්‍රියා කළ යුතුයි appeared first on ITN News.

Read More »

මාලු අල්ලපු නැති ධීවර සංස්ථාව ගැන කෝප් කමිටුවත් මවිත වෙයි  

0 comments

ධිවර සංස්ථා පනතේ ප්‍රධානතම අරමුණ මසුන් ඇල්ලීම හා මෙහෙයුම්වල නිරතවීම යනුවෙන් දක්වා තිබුණද සංස්ථා නිලධාරීන් එම රාජකාරිය පැහැර හැර ඇති බව කෝප් කමිටුවේදී හෙළි වුණා.

ධීවර අමාත්‍යාංශයේ සහ ධීවර සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මෙසේ වගකීම් පැහැර හැර තිබූ බව අවධාරණය කෙරුණා.

 

The post මාලු අල්ලපු නැති ධීවර සංස්ථාව ගැන කෝප් කමිටුවත් මවිත වෙයි appeared first on ITN News.

Read More »

ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීම අපේක්ෂා කරන බව කිම් ජොංග් උන් පවසයි  

0 comments

ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීම අපේක්ෂා කරන බව උතුරු කොරියා ජනාධිපතිවරයා පවසනවා.

උතුරු කොරියා ජනාධිපති කිම් ජොංග් උන් උතුරු කොරියාවේ විශාලතම බැලස්ටික් මිසයිලය වන හ්වොසොං 17 අත්හදා බැලිමේ මෙහෙයුමට සම්බන්ධ වු සියලු විද්‍යාඥයන් හා හමුදා නිලධාරීන් උසස් කිරීමට කටයුතු කර තිබෙනවා. උතුරු කොරියා නායකයා ඔහුගේ දියණිය සමග මිසයිලය අත්හදා බැලිමේ කටයුතුවලට සම්බන්ධ වු විද්‍යාඥයන්,  ඉංජිනේරුවන් හා හමුදා නිලධාරීන් සමග ඡායාරූප සැසියකට සහභාගී වුණා. එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල කිරීමට තරම් හැකියාවක් ඇති හ්වොසොං 17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන අතර එය උතුරු කොරියාව අත්හදා බැලු විශාලතම න්‍යෂ්ටික අවියවනවා. උතුරු කොරියා රාජ්‍යයේ ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම අවසාන ඉලක්කය ලෝකයේ බලවත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනිම කොරියා ජනාධිපතිවරයා පවසනවා.

 

The post ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීම අපේක්ෂා කරන බව කිම් ජොංග් උන් පවසයි appeared first on ITN News.

Read More »

චීන ජනපතිගෙන් උතුරු කොරියානු නායකයාට ලිපියක්  

0 comments

උතුරු කොරියාව විසින් මෑතක දී අසාමාන්‍ය ආකාරයෙන් මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙත විශේෂ ලිපියක් යවා තිබෙනවා.

උතුරු කොරියාව විසින් මෑතක දී අසාමාන්‍ය ආකාරයෙන් මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙත විශේෂ ලිපියක් යවා තිබෙනවා. කලාපයේ සාමය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන චීන ජනාධිපතිවරයා පවසන්නේ ඒ සඳහා උතුරු කොරියාව සමඟින් සමීප ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි. උතුරු කොරියාව විසින් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් පහර එල්ල කළ හැකි අන්තර් මහද්වීපික මිසයිල කිහිපයක් පසුගියදා අත්හදා බැලුවා. මේ හේතුවෙන් උතුරු කොරියාවට එරෙහි ව දැඩි ජාත්‍යන්තර පීඩනයක් එල්ල වී තිබෙන අතර උතුරු කොරියාවේ  ද්විපාර්ශික වෙළෙඳාම මූලික වශයෙන් සිදු වන්නේ චීන සමග පමණයි. එරට වෙළෙදාමෙන් සියයට 90ක් ම චීනය  සමග සිදු වනවා.

 

 

The post චීන ජනපතිගෙන් උතුරු කොරියානු නායකයාට ලිපියක් appeared first on ITN News.

Read More »

මත්පැන් බෝතල්වල QR කේතය නිසිපරිදි ක්‍රියා නොකිරීම වංචනික තත්වයක්  

0 comments

මත්පැන් බෝතල්වල කිව්ආර් කේතය නිසිපරිදි ක්‍රියා නොකරන බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා චෝදනා කරනවා. එය වංචනික තත්ත්වයක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුවද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරන්නේ මෙම ස්ටිකර් ක්‍රමය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් බවයි. පසුගිය මාස 10 තුළ සුරාබදු ආදායම සියයට විස්සකින් ඉහළ ගොස් ඇති බවද ඒ මහතා පවසනවා.

 

 

The post මත්පැන් බෝතල්වල QR කේතය නිසිපරිදි ක්‍රියා නොකිරීම වංචනික තත්වයක් appeared first on ITN News.

Read More »

අරගලය අසාර්ථක වූයේ එයට නිසි නායකත්වයක් නොතිබූ නිසා  

0 comments

අරගලය අසාර්ථක වූයේ එයට නිසි නායකත්වයක් නොතිබූ නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා.

බුද්ධිමය අරගලයේ පදනම විසින් සම්පාදනය කළ  රට ගොඩනගන අර්බුධ විසදන ජාතික සංවර්ධන සැලසුම එළිදැක්වීම අද කොළඹදී සිදු කෙරුණා.  එහි පළමු කෘතිය පිරිනැමුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි.

කෙසේ වෙතත් මෙම පදනම් ආයතනයේ පැවති වැඩසටහනට සහභාගී වී සිටියේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. බුද්ධිමය අරගලය පදනමේ මෙහෙයුම් නායක චන්දන ප්‍රේමසිංහ මහතා සදහන් කලේ මෙම වැඩසටහනට විපක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළත් කිසිවෙකුත් නොපැමිණි බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

 

The post අරගලය අසාර්ථක වූයේ එයට නිසි නායකත්වයක් නොතිබූ නිසා appeared first on ITN News.

Read More »

ඉන්ධන කෝටාව වැඩි කරන හැටි  

0 comments

කාර්යාල හා පාසල් ප්‍රවාහන සේවා සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉදිරි මාස කිහිපයේදී වැඩිකිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

 

The post ඉන්ධන කෝටාව වැඩි කරන හැටි appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන්ට පාකිස්ථාන බුද්ධි අංශ වෙතින් දැනුම්දීමක්  

0 comments

අද දිනයේ රාවල් පිණ්ඩි හිදී පැවැත්වෙන රැලියට සහභාගී නොවන ලෙසට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත පාකිස්ථාන බුද්ධි අංශ දැනුම් දී තිබෙනවා.

පාකිස්ථාන බුද්ධි අංශ සදහන් කර ඇත්තේ අද දින පැවැත්වෙන රැලියට ආයුධ රැගත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පිළිබඳ තමන්ට අනාවරණ වී ඇති බවයි.

පසුගිය   තුන්වැනිදා   ඉම්රාන් ඛාන් සහභාගී වූ රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ පාදයකට හානි සිදු වුණා. වහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය පසුගිය ඔක්තෝබර් මස 28 ලාහෝරයේ සිට විරෝධතා පාගමනක් ආරම්භ කළා. එම විරෝධතා පාගමන ඉස්ලාමාබාද් නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

 

The post ඉම්රාන් ඛාන්ට පාකිස්ථාන බුද්ධි අංශ වෙතින් දැනුම්දීමක් appeared first on ITN News.

Read More »

බුදු සසුනේ ආරක්ෂාව මෙන්ම පෝෂණය වෙනුවෙන් රජය කැපවී සිටිනවා  

0 comments

බුදු සසුනේ ආරක්ෂාව මෙන්ම පෝෂණය වෙනුවෙන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අරලිය ගහමන්දිරයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

දිවයිනේ තොරා ගත් විහාරස්ථාන 14ක් පූජා භුමි ලෙස ප්‍රකාශයකට පත් කර තිබෙනවා. ඊට අදාළ සන්නස්පත්‍ර අදාළ විහාරස්ථාවලට ප්‍රධානය කිරීම අරලියගහ මන්දිරයේ දි සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩි බී හේරත්, සිසිර ජයකොඩි සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ වන විට දිවයින පුරා විහාරස්ථාන 124ක් පූජා භුමිබවට ප්‍රකාශයට පත් කර ඇති බව මෙම උත්සවයේ දි අවධාරණය කෙරුණා.

 

 

The post බුදු සසුනේ ආරක්ෂාව මෙන්ම පෝෂණය වෙනුවෙන් රජය කැපවී සිටිනවා appeared first on ITN News.

Read More »

කේසන් ප්‍රදේශයට දෙවැනි දිනටත් රුසියා හමුදා වෙතින් ප්‍රහාරයක්  

0 comments

කේසන් ප්‍රදේශයට දෙවැනි දිනටත් රුසියා හමුදා වෙතින් ප්‍රහාරයක් එල්ල වූ බව යුක්රේන රජය පවසනවා.

මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි යුක්රේන ආරක්ෂක අංශ සදහන් කළේ.

රුසියාව විසින් කේසන් ප්‍රදේශ අල්ලා ගත් අතර එය නැවත අත්පත් කර ගැනීමට යුක්රේන හමුදා පසුගියදා සමත් වුණා.

කෙසේවෙතත් රුසියා හමුදා දිගුදුර මිසයිල ඇතුළු විවිධ අවි යොදා ගනිමින් මෙම ප්‍රදේශයට තවමත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රුසියා හමුදා සිවිල් ජනතාව වාසය කරන ස්ථාන ද ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කනගාටුවට කරුණක් බවයි යුක්රේන රජය සඳහන් කළේ.

 

 

The post කේසන් ප්‍රදේශයට දෙවැනි දිනටත් රුසියා හමුදා වෙතින් ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

සුදු හඳුන් දැව තොගයක් කපා රැගෙන යමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

සුදු හදුන් දැව තොගයක් අනවසරයෙන් කපා රැගෙන යමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු ඌව පරණගම පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඌව පරණගම පෙරමණ්ඩිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හොරරහසේ කැපූ සුදු හදුන් දැව සැකකරුවන් කරමතින් රැගෙන යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් වැලිමඩ ප්‍ර දේශයේ පදිංචිකරුවන්.

 

 

 

 

The post සුදු හඳුන් දැව තොගයක් කපා රැගෙන යමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තායිවාන්තයේ ප්‍රාදේශීය මැතිවරණය අද  

0 comments

තායිවාන්තයේ ප්‍රාදේශීය මැතිවරණය අද පැවැත්වෙනවා.

චීන තායිවාන සබදතා දැඩි ලෙසින් කප්පාදු වී ඇති අවස්ථාවක දී මෙම මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක් බවයි විචාරකයන් පවසන්නේ. මෙවර මැතිවරණයේ ද ප්‍රධානතම මාතෘකාව බවට පත් වී ඇත්තේ චීනය සමඟ පවත්වා ගන්නා සබදතායි.

මැතිවරණය සදහා චීනය රහසිගත ආකාරයෙන් බලපෑම් සිදු කරමින් සිටින බවට තායිවාන රජය මීට පෙර චෝදනා කර තිබුණා. චීනය සලකන්නේ තායිවානය යනු තම රටට අයත් කොටසක් ලෙසයි.

 

The post තායිවාන්තයේ ප්‍රාදේශීය මැතිවරණය අද appeared first on ITN News.

Read More »

භාණ්ඩ සොරකමේ නිරත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට  

0 comments

වෙළෙදසැල්වල් බිද භාණ්ඩ සොරකමේ නිරත තවත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට බඩල්ගම පොලිසිය සමත්වුණා.

කෙහෙල්ඇල්ල, විවිධසේවා සමූපකාර සමිතිය යටතේ ක්‍රියාත්මක බඩල්ගම කටු කෙන්ද කෝප්සිටි වෙළදසැල කොල්ලකා රුපියල් ලක්ෂ 10කට අධික භාණ්ඩ සොරකම්කළ කණ්ඩායමක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙළෙදසැලේ තිබූ සියලු භාණ්ඩ මොවුන් සොරකම් කර ඇති බවයි අදාළ සමූපකාර සමිතියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. කාන්තාවන් හා පිරිමි පුද්ගලයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ප්‍ර දේශ කිහිපයකම වෙළෙදසැල් මෙසේ කොල්ලකා කුඩා ලොරි රථයක් යොදා ගනිමින් විවිධ ස්ථානවලට භාණ්ඩ අලෙවිකර තිබෙනවා.

 

 

 

 

 

The post භාණ්ඩ සොරකමේ නිරත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මානව හිමිකම්වලට මුවා වී ප්‍රචන්ඩත්වයට ඉඩදිය නොහැකියි  

0 comments

මානව හිමිකම්වලට මුවා වී ප්‍රචන්ඩත්වයට ඉඩදිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබද විවාදයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

The post මානව හිමිකම්වලට මුවා වී ප්‍රචන්ඩත්වයට ඉඩදිය නොහැකියි appeared first on ITN News.

Read More »

ඝානාව ඩොලර් වෙනුවට රත්තරන් ලබා දී ඛනිජ තෙල්  මිල දී ගනී  

0 comments

ඇමරිකා ඩොලර් වෙනුවට රත්තරන් ලබා දී ඛනිජ තෙල්  මිල දී ගැනීමට ඝානාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

ඝානාවේ විදෙස් සංචිත දිනෙන් දින පහත වැටීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට රජය කටයුතු කර තිබෙනවා. මේ වන විට එරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6යි දශම 6ක් දක්වා පහත වැටී ඇති බවයි රජය සඳහන් කළේ.

ඝානාව බොර තෙල් නිෂ්පාදනය කරන රටක් වුව ද පිරිපහදු තෙල් ලබා ගැනීමේ දී දැඩි ගැටලුවකට මුහුණ පා සිටිනවා.

 

The post ඝානාව ඩොලර් වෙනුවට රත්තරන් ලබා දී ඛනිජ තෙල්  මිල දී ගනී appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර කිහිපයක සරම්ප රෝගය ව්‍යාප්ත වෙයි  

0 comments

ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර කිහිපයක සරම්ප රෝගය දරුණු ලෙසින් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතය පැවති අවදියේ දී සරම්ප එන්නත් ලබා දීම ප්‍රමාද වීම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර කිහිපයක සරම්ප රෝගය දරුණු ලෙසින් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ රෝගය වැළැදීමෙන් දරුවන් 12 දෙනෙකුට වැඩි පිරිසකට මේ වන විට ජීවිත අහිමි වී ඇති බවයි.

කොවිඩ් වසංගතය සමයේ දී සරම්ප එන්නත් ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. සරම්ප රෝගය වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර වේගයෙන් බෝ වීමේ හැකියාවක් පවතිනවා.

 

 

 

The post ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර කිහිපයක සරම්ප රෝගය ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

Read More »

ආනයනය අත්හිටුවා තිබූ භාණ්ඩ වර්ග 15 ක ආනයන සීමා ඉවත් කෙරේ  

0 comments

ආනයනය අත්හිටුවා තිබූ භාණ්ඩ වර්ග 15 ක ආනයන සීමා ඉවත් කෙරේ.

ඒ පිළිබද ගැසට් නිවේදනය නිකුත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ. සුවද විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණද , ඇගළුම් ද මෙම භාණ්ඩවලට අයත් වනවා. මේ පිළිබද තොරතුරු අපගේ රාත්‍රි 6.30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

 

The post ආනයනය අත්හිටුවා තිබූ භාණ්ඩ වර්ග 15 ක ආනයන සීමා ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

ස්කෑන යන්ත්‍රයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ස්කෑන යන්ත්‍රයක් සමග පුද්ගලයින් 04 දෙනෙකු ලාහුගල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන්, රිදී, මැණික් ආදිය ඇති ස්ථාන පරීක්ෂා කිරිමට යොදා ගන්නා මෙම ස්කෑන යන්ත්‍රය සමග සැකකරුවන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දි අත්අඩංගුවට ගනු ලැබුවේ පොතුවිල් ලාහුගල ප්‍රදේශයේ දියි.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරුගම්ඹේ කදවුරේ නිලධාරීන් පිරිසක් කළ වැටලිමකට අනුවයි. සැකකරුවන් හා මෝටර් රථය මෙන්ම ස්කෑන යන්ත්‍රය වැඩිදුර පරීක්ෂණ සදහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.

 

 

 

The post ස්කෑන යන්ත්‍රයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලන්සාට පහර දෙන්න හැදු චමින්ද මැතිසබයෙන් ඉවතට  

0 comments

පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට සභාවෙන් පිටව යන ලෙසට කතානායකවරයා නියෝග කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ සංවාදයක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙනුයි  චමින්ද විජේසිරි  මන්ත්‍රීවරයා ඉවත් කෙරුණේ.

The post ලන්සාට පහර දෙන්න හැදු චමින්ද මැතිසබයෙන් ඉවතට appeared first on ITN News.

Read More »

චීනයේ අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අභ්‍යන්තරයේ ගැටුමක්  

0 comments

චීනයේ අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අභ්‍යන්තරයේ ගැටුම්ක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂෙංෂු   නැමැති ප්‍රාන්තයේ කර්මාන්තශාලාවකයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. විරෝධතාකරුවන් පිරිසක් හා පොලීසිය අතර ගැටුම් ඇති වූ බව වාර්තා වනවා.

මෙය ලොව විශාලතම අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

කම්කරුවනගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයෙන් සමාගම කටයුතු කිරීම නිසා මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වුණා.

 

 

 

The post චීනයේ අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අභ්‍යන්තරයේ ගැටුමක් appeared first on ITN News.

Read More »

මන්න කන්නාට වෙඩි තැබිමේ සිද්ධියට පුද්ගලයින් 4ක් අත්අඩංගුවට  

0 comments

කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ දි මාරිමුත්තු නාගරාසා හෙවත් මන්න කන්නා නැමැත්තාට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රැන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ දි පසුගිය 19වන දා මන්න කන්නා නැමැත්තාට ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කර තිබුණා. ඒ අපරාධ කල්ලියක සාමාජිකයින් පිරිසකගේ මෙහෙයවීම මතයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය මෙම වෙඩි තැබීමට අධාර අනුබල දිමේ චෝදනා මත පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ 13 සහ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පුද්ගලයින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

The post මන්න කන්නාට වෙඩි තැබිමේ සිද්ධියට පුද්ගලයින් 4ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 5ක් සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 5ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු වාකරේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා‌ය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඌත්තමඩිහේන ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.

එහිදි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 5ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරුවන් කදිරවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්.

ගිනිඅවි සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළේ.

 

The post මෙරට නිෂ්පාදිත ගිනිඅවි 5ක් සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

2023 අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද ඇරඹේ  

0 comments

2023 අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද ආරම්භවනවා. එය ලබන 8වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

අයවැය දෙවන වර කියවිමේ විවාදය ඊයේ අවසන් වු අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දි වැඩි ඡන්ද 37කින් එය සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 84ක්. අයවැය තුන්වන වර කියවිමේ විවාදය අද ආරම්භ වන අතර එය ලබන 8වනදා දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කළේ.

තුන්වන වර කියවිමේ ඡන්ද විමසීම 8වනදා පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. මේ අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ද අද රැසවීමට නියමිත අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මෙම කාරක සභාව හමුවට කැදවා ඇති බවයි වාර්ථා වන්නේ.

 

The post 2023 අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද ඇරඹේ appeared first on ITN News.

Read More »

හිඟුරන්ගොඩ මාරක රිය අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකුට බරපතළ තුවාල  

0 comments

හිඟුරන්ගොඩ දි සිදු වු මාරක රිය අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

හිගුරන්ගොඩ ගුවන්තොටුපළ මාර්ගයේ දි මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා.

යතුරු පැදියේ ගමන්ගත් මව, පියා සහ දරු දෙදෙනා තුවාල ලබා හිගුරන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරු මහ රෝහලට මාරුකර යැවුණා.

තුවාල ලැබු මව ගැබිනියක වන අතර ඇයගේ තත්ත්වය බරපතළ වන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. මෝටර් රථයේ රියදුරුගේ අධික වේගය අනතුරට හේතු වු බව මුලික පරීක්ෂණ වලදි හෙළිවුණා.

මේ අතර පොලොන්නරුව ඇළහැර දීයබෙදුම ගල්පිළිමයාය ප්‍රදේශයේ දි නවදරු මවක වනඅලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

74 හැවිරිදි එම මව තම නිවසේ සිට දියණියගේ නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අවසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ.

 

The post හිඟුරන්ගොඩ මාරක රිය අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකුට බරපතළ තුවාල appeared first on ITN News.

Read More »

තුර්කියට භූ කම්පනයක්  

0 comments

රීච්ටර් පරිමාණ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් තුර්කියට බලපෑම් එල්ලවී තිබෙනවා.

පුද්ගලයින් විසිදෙදෙනෙකු පමණ භූ කම්පනයෙන් තුවාල ලබා තිබෙනවා.

තූර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් නගරයට කිලෝමිටර් 210 පමණ දුරින් පිහිටි ප්‍රදේශයකයි මෙම භූ කම්පනය සිදුව ඇත්තේ.

කෙසේ වුවද ඉස්තාන්බුල් නගරයට හා අන්කාරා අගනුවරට භූ කම්පනයේ ප්‍රබලත්වය දැනි තිබෙනවා.

එම භූ කම්පනයෙන් විනාඩි 20කට පසු තවත් භූ කම්පනයක් සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය රිච්ට පරිමාණ ඒකක 4.7ක් බවයි වාර්ථා වන්නේ.

1999 වසරේ දි තූර්කියට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයින් 845 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

 

 

The post තුර්කියට භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

ගල්වැව සිරිධම්ම හිමිට ඇප  

0 comments

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිට රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගල්වැව සිරිධම්ම ස්වාමීන්වහන්සේ ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම ස්වාමීන්වහන්සේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 7 දෙක වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා එකගතාව පල කරන බවයි දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව සිරිධම්ම ස්වාමීන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. එමෙන්ම සෑම මසකම  අවසන් ඉරිදා දිනයේ ත්‍රස්ත මර්දන කාර්යංශයට වාර්තා කළ යුතු බවට ද ඇප කොන්දේසියක් පැනවීමටයි කටයුතු කෙරුණේ. නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකාර සිරිධම්ම ස්වාමීන්වහන්සේට ඇප කොන්දේසියක් පැන වූ අධිකරණය නඩු කටයුත්ත පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැලකී සිටිය යුතු බවත් එය කඩ කල බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවත් දැනුම් දුන්නා.

The post ගල්වැව සිරිධම්ම හිමිට ඇප appeared first on ITN News.

Read More »

ගුගල් මව් සමාගම වන ඇල්ෆබට් සමාගම සේවක කප්පාදුවකට සුදානම්  

0 comments

ගුගල් සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් සමාගම සේවක කප්පාදුවක් සිදු කිරීමට සුදානම් බව වාර්තා වනවා.

සිදු කිරීමට නියමිත සේවක කප්පාදුව යටතේ දසදහසකට පමණ රැකියා අහිමිවනු ඇති බවටයි මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇල්ෆබට් සමාගමේ සේවයේ නියුතු කාර්ය සාධනය දුර්වල සේවකයින් මෙලෙස ඉවත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉවත් කරන සේවක සංඛ්‍යාව එහි සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට හයක ප්‍රමාණයක් හඳුන්වාදී ඇති නව කාර්යසාධන ක්‍රමවේදය හරහා සේවකයින්ට ලබාදෙන ප්‍රසාධ දීමනා ඇතුලු අනෙකුත් දීමනා කප්පාදුකිරීමට ද සමාගම බලාපොරොත්තු වන බව සඳහන්.

සේවක කප්පාදුව හරහා හටගෙන ඇති ආර්ථික අර්බුධයට ශක්තිමත්ව මුහුණදිම හා අනවශ්‍ය වියදම් කපා හැරීමට බලාපොරොත්තු වන බව ද එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇති බව වාර්තා වනවා. ‍

මේ අකාරයටම පසුගිය සති කිහිපය තුළදි මෙටා ඇමසන් හා ට්විටර් ඇතුලු සමාගම් රැසක් සේවක කප්පාදු සිදුකළා.

 

The post ගුගල් මව් සමාගම වන ඇල්ෆබට් සමාගම සේවක කප්පාදුවකට සුදානම් appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 4 ක්  

0 comments

ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 994 ක්.

ඊයේ දිනයේදී  වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව එක් ලක්ෂ විසි දහසකට අධිකයි.

එමෙන්ම දකුණු කොරියාවෙන් 72,000 ක්, ප්‍රංශයෙන් 64,000 ක්  හා බ්‍රසීලයෙන් 27,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 198 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව  හැට හය ලක්ෂ තිස් දහසකට ආසන්න වනවා.

හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැට හතර කෝටි තිස් අට ලක්ෂ  හැත්තෑ හතර දහස් දෙසිය අනූ පහක්.

 

 

The post ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 4 ක් appeared first on ITN News.

Read More »

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ  

0 comments

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ කැස්බෑව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් දෙකක් පසුගියදා පැවැත්විණි.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාම්පෙ නැගෙනහිර හා මාම්පෙ උතුර ග්‍රාමසේවා වසම් ඒකාබද්ධව මාම්පෙ සණස ශාලාවේදී සංවිධානය කර තිබූ වැඩසටහනට ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“ගමක සියළු පවුල් , පවුල් මට්ටමින් ශක්තිමත් විය යුතුය” යන සංකල්පය යටතේ සෑම පවුලක්ම මුහුණ දෙන ගැටළු සොයා බලා විසඳුම් දීම සඳහා සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බවත් ඒ යටතේ, ආහාර නොමැති කමින් අපහසුතාවයට පත්ව ඇති ජනතාවට ඇති හැකි අයගේ දායකත්වය ලබාදෙමින් අතීතයේ පැවති සහයෝගීතාව යළි අප අතර ගොඩනඟා ගැනීමේ වැදගත්කමත් සුරේන් බටගොඩ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ආහාර අවශ්‍යතාවය පවතින ප්‍රජාව වෙත උපකාරක සේවාවක් වශයෙන් ස්ථාපිත කරනු ලබන මෙම ආහාර බැංකුව, ආහාර හුවමාරු වැඩසටහන් වෙනුවෙන් දේශීය හා විදේශීය පුන්‍ය ආයතන රාජ්‍ය පෞද්ගලික අංශය දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින් සහ දානපතියන් විසින් කරනු ලබන පරිත්‍යාග ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා උපකාර කර ගත හැකි බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසීය.

එමෙන්ම රජයේ කාර්යභාරය පුරවැසියාට පොදු පහසුකම් සැපයීම හා ඒවා නඩත්තු කර පවත්වා ගෙන යාම බවත් පුරවැසියාගේ යුතුකම එම පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් යමක් නිෂ්පාදනය කර සමාජයට සැපයීම බවත් ඒ මහතා පැවසීය. එකිනෙකාට දොස් නගමින් නොසිට ඕනෑම දේශගුණික තත්වයක් යටතේ වගා කළ හැකි අපේ රටේ ආහාර නිෂ්පාදනය දිරිමත් කරන්නේ නම් ආහාර අර්බුදයක් ඇති නොවන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් 100ක් සඳහා වියළි ආහාර මළු බෙදා දීම ද සිදු කෙරිණි. විශ්වකලාව බෞද්ධ මධ්‍යස්ථානයේ පුජ්‍ය පුලිකණ්ඩිකුලමේ රතනසිරි ස්වාමීන් වහන්සේ, ආහාර සුරක්ෂිතතා අංශයේ අධ්‍යක්ෂිකා ශානිකා ශ්‍රියානන්ද, කැස්බෑව ප්‍රදේශීය ලේකම් කේ.පී. පේමදාස, කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා
වික්‍රමරත්න, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ ඒ.ජී. පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ආහාර සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හොන්නන්තර උතුර, ග්‍රාමසේවා වසමේ අඩු ආදායම්ලාභී පවුල් හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හොන්නන්තර උතුර, ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේදී සිදු විය. හොන්නන්තර ශ්‍රී විජයනන්දනාරාමයේ ආරම්භ කර ඇති ආහාර හුවමාරු වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රයාත්මක කෙරෙන අතර විහාරාධිපති, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්‍ය හල්විටිගල යසස්සි ස්වාමීන් වහන්සේ ද මෙහිදී
අනුශාසනාවක් සිදු කළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් 20කට වියළි ආහාර මලු බෙදාදීම ද සිදු විය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කැස්බෑව නාගරික මන්ත්‍රී ප්‍රසාද් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

The post ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්  

0 comments

ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කබිනට් අනුමැතිය හිමිවෙයි.

The post ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් appeared first on ITN News.

Read More »

ඉන්දුනිසීයාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට  

0 comments

ඉන්දුනිසීයාවේ ජාවා දූපතට බලපෑ භුකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 700ට වැඩි පිරිසක්  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.කෙසේ වෙතත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවමත් මෙහෙයුම් සිදු කරන අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි මෙහෙයුම් අංශ සදහන් කරන්නේ.ඉන්දුනිසීයාවේ ජාවා දූපතේ සියන්ජූර් නගරයටයි  රිච්ටර් පරිමාණ ඒකක 5.6 භූ කම්පනයකින් බලපෑම් එල්ල වුණේ. ගොඩනැගිලි සහ නිවාස 2500 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 5000කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. මෙම ප්‍රභල භූ කම්පනයෙන් පසු පසුකම්පන 80 කට අධික ප්‍රමාණයක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

The post ඉන්දුනිසීයාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම යෝජනාවක්  

0 comments

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා විධිවිධාන සළස්වමින් පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

The post පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම යෝජනාවක් appeared first on ITN News.

Read More »

පේරු ජනධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලීමා නගරයේ විරෝධතා  

0 comments

පේරු ජනධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලීමා නගරයේ විරෝධතා පැවැත්වෙනවා.

පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් ලීමා නගරයට රැස්වු ජනතාව උද්ඝෝශන පවත්වනවා. එහිදි විරෝධතාකරුවන් සහ පොලිසීය අතර ද ගැටුම් ද හටගෙන තිබෙනවා. 2021 ජූලි මාසයේ දී ජනාධිපතිවරයා ලෙස පත්වු පේද්‍රෝ කැස්ටිලෝට එරෙහිව මේ වන විටත් දෝෂාභියෝග 2ක් ඉදිරිපත්වි තිබුණා. පේරු රාජ්‍යයේ විපක්ෂය තුන්වන දෝෂාභියෝගය ගෙන ඒමට උත්සහ කළද එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඡන්ද නොමැති බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post පේරු ජනධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලීමා නගරයේ විරෝධතා appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට  

0 comments

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයින් 80 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණියා. අද උදෑසන කටුණායක ගුවන් තොටුපලෙනුයි ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ.

මහනුවර,  බෙන්තොට සහ කොළඹ ප්‍රදේශවල සංචාරය කරන මෙම නියෝජිතයින් අදාළ ප්‍රදේශවල ඇති හෝටල් පද්ධති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයින් කැඳවාගෙන ඒමට නියමිතව තිබෙනවා. සංචාරක හෝටල්වල නියෝජිතයින්,  සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථ සේවා සංගම්වල නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංහයේ නිලධාරීන් සමග ද මොවුන් සාකච්ඡා කරනු ඇති.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පසුගිය ඔක්තෝබර් මාසය වනවිට සංචාරක ක්ෂේත්‍රයේ සියයට 850 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

 

 

 

The post ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.

Read More »

උතුරු පළාතට හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්  

0 comments

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ විසදුම් පිළිබද සාකච්ඡා කිරීම සංචාරයේ අරමුණයි.

ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය අද (20) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙරට පුනර්ජනනීය බලශක්ති විභව සහ එහි වත්මන් ප්‍රගතියත්, ඉදිරි දස වසරක සැලසුම් පිළිබඳවත් විෂයභාර ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලය හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්වල හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්‍රජන් බලශක්ති ක්‍රමවේදය හඳුන්වාදීම මගින් රටේ ආර්ථිකයේ මෙන්ම උතුරේ ආර්ථිකයේ ද සුවිශේෂී වෙනසක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ඉදි කෙරෙමින් පවතින මුහුදු ජල පවිත්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. එවැනි ව්‍යාපෘති මගින් ඉදිරියේ දී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්‍ර රැක ගැනීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය. කුඩා ජල ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා ජල ව්‍යාපෘති බවට පත්කළ හැකි වාරි ඇළ මාර්ග හඳුනා ගැනීමට ද නිලධාරීන්ට උපදෙස් දුන් අතර ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටලු එමඟින් අවම කර ගත හැකි බව පැවසීය.

මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සහාය ඇතිව බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත තාක්ෂණයන් හා ක්‍රමවේද හඳුනාගැනීම සහ පර්යේෂණ කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මින් අනතුරුව තලෛමන්නාරම ජැටිය නිරික්ෂණයට එක් වූ ජනාධිපතිවරයා මන්නාරම් කලාපීය සංවර්ධන සැලැස්ම යටතේ ජැ‍ටිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ඉදිරි භාවිතය පිළිබඳවද නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

The post උතුරු පළාතට හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක් appeared first on ITN News.

Read More »

රහසිගතව අයුධ ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

රහසිගතව අයුධ ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මාලිගාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවන නිවාස සංකීර්ණය හා බෝධිරාජා මාවතේ නිවාස කිහිපයක් වැටලූ අවස්ථාවේදී නීති විරෝධි ලෙස විශාල ආයුධ ප්‍රමාණයක් සඟවාගෙන තිබූ ස්ථානයක් සොයා ගැනීමටත් ඊට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටත් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. කිසියම් අපරාධයක් සිදුකිරීමේ චේතනාවෙන් මෙම ආයුධ ගබඩා කර තබන්නට ඇතැයි පොලීසිය සැකකරනවා. කඩු,  අත් පොරව,  තියුණු උල් ආයුධ රැසක් අදාළ සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ මාලිගාවත්ත පොලීසිය මගින් සිදුකෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

 

 

The post රහසිගතව අයුධ ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ පූනේ අධිවේගී මාර්ගයක වාහන 48ක් අනතුරකට ලක්වෙයි  

0 comments

ඉන්දියාවේ පූනේ අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

පූනේ බෙංගලූර් අධිවේගී මාර්ගයේ සිදු වු මෙම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම අනතුර සිදු ඇති අතර ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත වී තවත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. මේ හේතුවෙන් කිලෝමීටර 2 වැඩි දුරකට රථවාහන තදබදයක්ද පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය දින කිහිපයේ ද මෙම අධිවේගි මාර්ගයේ අනතුරු රැසක් වාර්තා වු බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.

 

 

The post ඉන්දියාවේ පූනේ අධිවේගී මාර්ගයක වාහන 48ක් අනතුරකට ලක්වෙයි appeared first on ITN News.

Read More »

දකුණු යුක්‍රේනයේ රුසියාව අත්පත් කරගෙන ඇති දැවැන්ත න්‍යෂ්ටික බලාගාරයක ප්‍රබල පිපිරීම් රැසක්  

0 comments

දකුණු යුක්‍රේනයේ රුසියාව අත්පත් කරගෙන ඇති දැවැන්ත න්‍යෂ්ටික බලාගාරයක ප්‍රබල පිපිරීම් රැසක් සිදුව තිබෙනවා.

යුරෝපයේ විශාලතම බලාගාරය ලෙස සැලකෙන සපොර්ෂ්ෂියා බලාගාරයේ මෙම පිපිරීම් සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධානී රෆායල් ග්‍රෝසි පවසන්නේ. මෙම ක්‍රියාව පිටුපස සිටින පිරිස් හදුනාගැනීම සහ එම කුමන්ත්‍රණ වහාම නතර කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් රුසියාව පාලනයේ පවතින ප්‍රදේශයට යුක්‍රේන හමුදා විසින් ප්‍රහාර එල්ලකරන බවටයි රුසියාව චෝදනා කරන්නේ.

 

 

 

 

The post දකුණු යුක්‍රේනයේ රුසියාව අත්පත් කරගෙන ඇති දැවැන්ත න්‍යෂ්ටික බලාගාරයක ප්‍රබල පිපිරීම් රැසක් appeared first on ITN News.

Read More »

වසර 53කට පසු මහතීර් මොහොමඩ්ට අසුන අහිමි වෙයි  

0 comments

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්වුණා. ඊයේ පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ ආසනය ද අහිමි වී ඇති අතර අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මැලේසියා මහමැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා ගැනිමට නොහැකි වි ඇති අතර මැලේසියා ඉතිහාසයේ මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. පසුව මහතීර් මොහොමඩ් 2018 වසරේදී නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුයේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙස ද පත් වෙමින්. ඒ වන විට එහු 93 වන වියේ පසු වුණා. ඉන් මාස කිහිපයකට පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වු අතර ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියා. කෙසේ වෙතත් ඊ‌යේ පැවැති මහමැතිවරණයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ ආසනය ද අහිමි වී ඇති අතර 8%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැහැ. මැලේසියාවේ මෙන්ම ලෝක දේශපාලනය තුළ ද ජීවමානව සිටින ජේෂ්ඨම දේශපාලනඥයෙකු ලෙසයි මහතීර් මොහෝමඩ් සැලකෙන්නේ. පසුගියදා ඔහු සක්‍රීයම වයස්ගත දේශපාලනඥයා ලෙස ගිනස් වාර්තා පොතටද එක්වුණා. කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට සඳහන් කරන්නේ.

 

The post වසර 53කට පසු මහතීර් මොහොමඩ්ට අසුන අහිමි වෙයි appeared first on ITN News.

Read More »

ඉඩම් ගැටලු  නිරාකරණයට පළාත් මට්ටමින් කමිටු 08ක්  

0 comments

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ගසහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහායද අපේක්ෂා කරන බව සඳහන් කළේය.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

සෙට්ටිකුලම  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදු කිරීමට කටුයුතු කරන බව ද පැවසීය.

මුලතිව් දිස්ත්‍රික්කයේඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

උතුරු පළාතේ ජනතාවගේ නිවාස ගැටලුව කෙරෙහි මෙහිදී විශේෂඅවධානය යොමු වූ අතර උතුරු  පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට අවශ්‍ය නිවාස ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවිධ අදියරවල පවතින බවත්, ඒ සඳහා තවත් රුපියල් මිලියන තුන්දහසක් පමණ අවශ්‍යව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට ද  කඩිනම් විසඳුම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවයි.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට  භූමිතෙල් ලබා දීමේදී  සිදුවන විවිධ අක්‍රමිකතා  පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා කරුණු පැහැදිළි කළ අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ධීවර අමාත්‍ය  ඩග්ලස් දේවානන්ද ,නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය  තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්,උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යනමහත්ම මහත්මීහු ද වව්නියාව, මන්නාරම  සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

The post ඉඩම් ගැටලු  නිරාකරණයට පළාත් මට්ටමින් කමිටු 08ක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයට අධික හිමපතනයකින් බලපෑම්  

0 comments

ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයට අධික හිමපතනයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයට ඉන් වැඩි බලපෑම් එල්ල වී ඇති අතර අඩි 6කට වඩා හිමවලින් වැසි ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මාර්ග රැසක් වසා දමා ඇති අතර ගුවන් ගමන් ද අවලංගු කර තිබෙනවා. නිව් යෝර්ක්, පෙන්සල්වේනියා, ඔහියෝ, ඉන්දියානා, මිචිගන් සහ විස්කොන්සින් යන ප්‍රදේශවලට හිම කුණාටුවකින් ඉදිරියේ දී බලපෑම් එල්ල විය හැකි බවටද එරට කාළගුණ අංශ අනතුරු අඟවනවා.

 

The post ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයට අධික හිමපතනයකින් බලපෑම් appeared first on ITN News.

Read More »

මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට අදාළ අණපනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට  

0 comments

මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට අදාළ අණපනත් නුදුරේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද කරුණු පැහැදිලි කළා.

 

The post මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට අදාළ අණපනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි ස්ථාපිත කෙරේ  

0 comments

ඊලෝන් මස්ක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි ස්ථාපිත කර තිබෙනවා.

ඊලෝන් මස්ක් පැවැත්වු මත විමසුමකින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මිලියන 15කට ආසන්න ජනතාවකගෙන් ට්‍රම්ප්ගේ ගිණුම ස්ථාපිත කළ යුතුදැයි ඡන්දය පැවැත්වුණා. සියයට 51.8ක සුළු ට්‍රම්ප්ගේ ගිණුම ස්ථාපිත කරන්නැයි පක්ෂව ඡන්දය ලබා දී තිබුණා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනතාවගේ කැමැත්ත මත ට්‍රම්ප්ගේ සේවය නැවතත් පිහිටවු බවයි. ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම හේතුවෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වසර දෙකකට තහනම් කර තිබෙන අවස්ථාවකයි මෙලෙස ට්විටර් ගිණුම යළි ස්ථාපිත කර තිබෙන්නේ.

 

 

The post ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි ස්ථාපිත කෙරේ appeared first on ITN News.

Read More »

අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි  

0 comments

ආර්ථික අර්බුදය හා ඩොලර් ගැටලුව ඖෂධ සැපයීම සඳහා ද බලපෑම් කර තිබුණ ද අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා නිසි කලමනාකාරීත්වයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පවසනවා.

ඉන්දීය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර පදනම් කර ගනිමින් ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ.

 

 

 

The post අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

නාඳුනන තුවක්කුකරුවෙකු කළ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු ජීවිතක්ෂයට  

0 comments

ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේදී  යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු කළ වෙඩි තැබීමකින් මන්නකන්නා නමැත්තා තුවාල ලබා තිබෙනවා.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පාතාලකල්ලි නායකයෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස මන්නකන්නා හදුනාගෙන තිබෙනවා.

 

 

 

 

 

The post නාඳුනන තුවක්කුකරුවෙකු කළ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මැලේසියා මහ මැතිවරණය ඇරඹෙයි  

0 comments

මැලේසියා මහ මැතිවරණය ඇරඹී තිබෙනවා.

මැලේසියාව නිදහස ලැබීමෙන් පසු පැවැත්වෙන උණූසුම් ම මැතිවරණය මෙය බවයි විචාරකයන් පවසන්නේ. බොහෝ ජනතාව පෝලිම්වල රැදී සිටිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළා. මෙවර කිසිදු දේශපාලන පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත්. විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනු ඇති බවයි වාර්තා වන්නේ. පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ මහ මැතිවරණය නියමිත කාලයට කලින් කැදවීමට එරට රජය කටයුතු කළා.

 

The post මැලේසියා මහ මැතිවරණය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

සුමාත්‍රා ප්‍රදේශයේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නැහැ  

0 comments

ඉන්දීය සාගරයේ දකුනු සුමාත්‍රා ප්‍රදේශයේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව අදාළ අංශ අවධානය කරනවා.

මේ හේතුවෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි පෙන්වා දෙන්නේ.දකුණු සුමාත්‍රා ප්‍රදේශයේ හටගත් මෙම භූකම්පනයේ ප්‍රභලත්වයෙන් වාර්තා වුණේ රිච්ටර් පරිමාන ඒකක 6.8ක් ලෙසටයි. අද පස්වරු 7.07 ට පමණ භූකම්පනය ඇති වුණා. කිලෝමීටර් 10 ක් ගැඹුරු මුහුදේ ඇති වූ මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බව අවධාරණය කෙරෙනවා.කෙසේ වුවද මෙම භූකම්පනයෙන්  සුනාමි පූර්ව අනතුරු ඇගවීම් මධ්‍යස්ථානයෙන් මේ සම්බන්ධයෙන් හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි දැක්වෙන්නේ.

 

 

 

 

 

 

The post සුමාත්‍රා ප්‍රදේශයේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නැහැ appeared first on ITN News.

Read More »

විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුගේ එම යතුරුපැදි එකිනෙක ගැටීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගියා.

මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමග කළුතර බණ්ඩාරගම මාර්ගයේ විනෝදයට යතුරුපැදි ධාවනය කර තිබෙනවා. අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී ඇති බවයි පොලිස් පරික්ෂණවලදී හෙළිවුණේ.

එම යතුරුපැදි දෙක ධාවනය කළ තරුණයන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය හා වාද්දුව අරියගම යන ප්‍ර දේශවල පදිංචි දෙදෙනෙකුයි.

ඔවුන් 18 වන වියේ පසුවුණා.ඔවුන් සමග සිටි සෙසු තරුණයන් අනතුර සිදුවීමත් සමග පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටි තරුණයන් දෙදෙනා මොරොන්තුඩුව පොලිසියේ නිලධාරීන් පැමිණ රෝහල්ගත කර තිබෙනවා.

 

 

 

 

The post විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි  

0 comments

ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ඉරානයේ කොමීන් නම් නගරයේ අයතුල්ලා කොමේනිගේ මෙම නිවස පිහිටා තිබෙනවා. නිවස ගිනි ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. මෙම නිවස පසුගිය කාලය තුළ දී කෞතුකාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැහැ. මාෂා අම්නි නම් තරුණියක පොලිස් අත්අඩංගුවේ දී මිය යාමත් සමඟ පසුගිය කාලය තුළ දී ඉරානය තුළ විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා.

 

 

The post ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි appeared first on ITN News.

Read More »

සෞදියේ ඔටුන්න හිමි කුමරුට විශේෂ මුක්තියක් හිමි වෙයි  

0 comments

ජනමාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධියට අදාළ ව  සෞදි අරාබියේ නිල නොවන නායකයා වශයෙන් සැලකෙන ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් හට‌ විශේෂ මුක්තියක් හිමි වන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

සෞදි අරාබි රජය සහ ඔටුන්න හිමි කුමරු දැඩි ලෙස විවේචනයට ලක් කළ පුද්ගලයෙකු වූ ජමාල් කෂෝගි 2018 වසරේ දී ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සියුලර් කාර්යාලයේ දී ඝාතනයට ලක් වුණා.

මෙම ඝාතනය සෞදි ඔටුන්න හිමි කුමරුගේ ඍජු අණ දීම යටතේ සිදු වූ බවටයි චෝදනා එල්ල වුණේ. කෙසේවෙතත්, ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමිකුමරා වෙත විශේෂ මුක්තියක් හිමි වන බවයි.

ඇමරිකා රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

 

 

The post සෞදියේ ඔටුන්න හිමි කුමරුට විශේෂ මුක්තියක් හිමි වෙයි appeared first on ITN News.

Read More »

ඉතා දුර්ලභ වර්ගයේ පරවියෙකු වසර 140කට පසු හමුවෙයි  

0 comments

වඳ වී ගිය බවට සිතා සිටි ඉතා දුර්ලභ වර්ගයේ පරවියෙකු වසර 140කට පසු හමු වී තිබෙනවා.

පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ දී මෙම දුර්ලභ පරවියා හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ ග්‍රාමීය ජනතාවගෙන් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින් විද්‍යාඥයන් පිරිසක් විසින් මාස කිහිපයක් පුරා කළ සොයා බැලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පරවියා මුණ ගැසුණා. මෙම සොයා ගැනීම අනුව මෙම පරවි වර්ගය යළි බෝ කිරීමේ හැකියාවක් ලැබෙන බවයි විද්‍යාඥයන් සඳහන් කළේ. මෙම පරවියා පිළිබඳ අවසන් වරට වාර්තා වූයේ 1882 වසරේ දී යි.

 

 

The post ඉතා දුර්ලභ වර්ගයේ පරවියෙකු වසර 140කට පසු හමුවෙයි appeared first on ITN News.

Read More »

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් 3000කට ආදර්ශ ප්‍රශ්නපත්‍ර  

0 comments

ආර්ථික අපහසුතා පැවතිය ද රුවන්ට නිසි අධ්‍යාපනය ලබා දීමේ අඛණ්ඩ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා.

මහර ප්‍රාදේශීය සභාව සෑම වසරකම ක්‍රියාත්මක කරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආදර්ශ ප්‍රශ්නපත්‍ර ලබා දෙමින් එම විභාගයට සූදානම් කිරීමේ වැඩසටහන මෙවර ද සාර්ථකව ක්‍රියාත්මක වනවා.

ඒ ප්‍රාදේශීය සභාවේ සභාපති සුධීමා චාන්දනී මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සෑම පාසලකම අධ්‍යාපනය ලබන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දූ දරුවන් ඉලක්ක කර ගනිමින් මෙය ක්‍රියාත්මකයි. මූලික අදියර යටතේ සිසුන් 3000කට ආසන්න පිරිසකට ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා දීම සිදුවුණා.

 

 

 

The post ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් 3000කට ආදර්ශ ප්‍රශ්නපත්‍ර appeared first on ITN News.

Read More »

ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්  

0 comments

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දි පැවැත්වුණා.

ඉන්දුනිසියාවේ පැවති ජී20 සමුළුවට සහභාගි වි නැවත සිය රට බලා ගමන් ගන්නා අතරතුරයි කෙටි සංචාරයක් සදහා දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා මෙරටට පැමිණියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශිලිව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා පිළිගත් අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශික සාකච්ඡාවලට එක්වුණා.

ප්‍රජාවන් අතර කල් පවත්නා සංහිදියාවක් ඇති කිරිම වෙනුවෙන් විශ්වසනීය සත්‍ය සෙවිමේ යාන්ත්‍රණයක් පිහිටුවීම සදහා දකුණු අප්‍රිකානු සහය, මඟපෙන්වීම හා උපදේශන ලබා ගැනිම කෙරෙහි මෙහිදි අවධානය යොමු වුණා.

අමාත්‍ය අලි සබ්‍රි ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක් appeared first on ITN News.

Read More »

ඇමරිකා එක්සත් ජනපද කථානායක ධුරයෙන් නැන්සි පෙලෝසි ඉල්ලා අස් වෙයි  

0 comments

ඇමරිකා එක්සත් ජනපද කථානායක ධුරයෙන් නැන්සි පෙලෝසි ඉල්ලා අස්වී තිබෙනවා.

නැන්සි පෙලෝසි මේ වන විට 82 හැවිරිදි වියේ පසු වනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ඩිමොක්‍රැටික් පක්ෂය සදහා දශක දෙකකට ආසන්න කාලයක් නායකත්වය ලබා දීමට ඇය සමත් වුණා.

ඇමරිකා කථානායක ධූරයේ කටයුතු කළ පළමු කාන්තාව වන්නේ ද ඇයයි. අතරමැදි මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ බලය පිහිටුවීමත් සමග ඇය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා.

 

 

The post ඇමරිකා එක්සත් ජනපද කථානායක ධුරයෙන් නැන්සි පෙලෝසි ඉල්ලා අස් වෙයි appeared first on ITN News.

Read More »

ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ  

0 comments

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කළා. කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්ද අමරසිංහ මහතායි නියෝගය ලබා දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොණුකර ඇති පැමිණිල්ල අධිකරණය හමුවේ අද කැදවනු ලැබුවා. එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශ්වයක් පැමිණ තමසේවා දායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බවයි.

එබැවින් එම තහනම  ඉවත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා හා සමගි ජනබලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට විරෝධය පල කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම පිළිබද නියෝගය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා. එතෙක් විදෙස්ගමන් තහනම දීර්ඝ කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැදුනුම්පත ව්‍යාජ බව පවසමින් සමාජ ක්‍රියාකාරිකයකු වන ඔසල හේරත් මහතා අදාළ පැමිණිල්ල ගොණ් කර තිබෙනවා.

 

 

 

The post ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව තුළ කෝවිඩ් වේගයෙන් පැතිරෙයි  

0 comments

උතුරු කොරියාව තුළ කෝවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින බව  විදෙස් මාධ්‍ය  වාර්තා කළා.

වෛද්‍ය පහසුකම් මෙන් ම ආහාර ඇතුළු මූලික අවශ්‍යතා ද නොමැති වීම හේතුවෙන් එරට තුළ විශාල පිරිසක් පීඩාවට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

කෝවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා උතුරු කොරියා බලධාරීන් දැඩි තීරණ රැසක් ගෙන තිබුණ ද පසුගිය කාල සීමාව තුළ දී කෝවිඩ් රෝගය උතුරු කොරියාව තුළ විශාල වශයෙන් හිස ඔසවන්නට වුණා.

බොහෝ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා නොගන්නා උතුරු කොරියාව තුළ සියයට 40කට වැඩි ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙනවා.

 

 

The post උතුරු කොරියාව තුළ කෝවිඩ් වේගයෙන් පැතිරෙයි appeared first on ITN News.

Read More »

පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ 6 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පිරිසක් පුබුදුපුර ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයේ වැටලීමක් සිදු කළා.  එහිදී එක් සැකකරුවකු පලාගොස් තිබෙනවා. අනෙක් සැකකරුවන් 4 දෙනා හෙරොයින් සමග පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් ලග තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් පොලීසිය සොයාගත්තා. සැකකරුවන් පොලිස් ස්ථානයට  රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී  ඔවුන්ගේ ඥාතීන් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයට ලක් වූ එක් පොලිස් නිලධාරියෙකු අනුරාධපුර මහරෝහලට ඇතුළත් කෙරුණා.

 

 

The post පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ 6 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

පෝලන්ත මිසයිල ප්‍රහාරය යුක්රේනයෙන් එල්ල වූවක් – නේටෝ මහලේකම්  

0 comments

පෝලන්තයට එල්ල වූ මිසයිල ප්‍රහාරය යුක්රේන පාර්ශ්වයෙන් එල්ල වූවක් විය හැකි බව නේටෝ සංවිධානයේ මහලේකම්වරයා පවසනවා.

යුක්රේනය විසින් භාවිත කරන මිසයිල ආරක්ෂණ පද්ධතියේ මිසයිලයක් පෝලන්තය වෙත පතිත වන්නට ඇති බව මූලික විමර්ශනවල දී හෙළි වී ඇති බවයි නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් සඳහන් කළේ.

සිද්ධියෙන් යුක්රේනයේ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කෙසේවෙතත්, යුක්රේනය මීට පෙර සඳහන් කළේ මෙය රුසියා පාර්ශ්වයෙන් එල්ල වූ මිසයිලයක් බවයි.

 

 

The post පෝලන්ත මිසයිල ප්‍රහාරය යුක්රේනයෙන් එල්ල වූවක් – නේටෝ මහලේකම් appeared first on ITN News.

Read More »

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා තොගයක්  

0 comments

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780.1ක් ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පොහොර තොගය නිල වශයෙන් බාර ගත් අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවීධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Hannah Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නියෝජිත විම‌ලේන්ද්‍ර ශරන් හා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩ පිළිවෙළ යටතේ තවත් දිස්ත්‍රික්ක 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන අතර ඒ අනුව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිදානය විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතය.

ඒඅනුව එක් ගොවි පවුළකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම වහ කන්නයේ දී ලෝක බැංකුව යුරියා පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්බවයි.

එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, USAID, හා ආසියානු සංවර්ධන බැංකුව ද අපේ රටේ වී හා බඩඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ විමලේන්ද්‍ර ශරන් මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ හැනා සිංගර් මහත්මිය ආර්ථික අර්බුදයේ අවදානම් සහගත බලපෑම අවධානය යොමු කර ශ්‍රී ලංකාවේ ජනතාව වෙත බහු ආංශික සහයෝගය ලබා දීමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2022 වසරේ ජුනි මාසයේ සිටම කටයුතු කළ බ වද සදහන් කළාය.

මෙහිදී අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා විසින් අප රටේ දිස්ත්‍රික් 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යුරියා පොහොර ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් කෘතඥතාවය පළ කළේය.

The post එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා තොගයක් appeared first on ITN News.

Read More »

මිහිජය පරිසර සංවිධානය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැළ තොගයක් භාර දෙයි  

0 comments

රජය ගෙන යන අහාර ආරක්ෂිත සුරක්ෂිතතා වැඩසටහන සහය දැක්වීමත් පරිසරය ශක්තිමත් කිරීමේ අරමුණින් විවිධ පැල වර්ග 16000 ආසන්න ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාල වෙත ලබාදීම සදහා පුත්තලම් දිස්ත්‍රික් ලේකම් වෙත භාර දීම 16 දා දහවල් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
සිදු කෙරෙණි.

මිහිජය පරිසර සංවිධානය මගින් ලබා දුන් මෙම පැළ 16000 අතර කොස් පැල 5000 ක්, අඹ පැළ 5000 කුඹුක් , මී, මගුල්කරද ඇතුළු විවිධ පැළ ඇති බව එම පරිසර සංවිධානයේ සභාපති චමින්ද ප්‍රදීප් කුමාර මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාල වෙත ලබාදීම සදහා පුත්තලම් අතිරේක දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා විසින් මෙම පැළ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මිහිජය පරිසර සංවිධානය නියෝජිතයින් අතින් ලබා ගත්තේය.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට 16 අතරේ මෙම පැළ ලබා දීමට කටයතු කරණ බවයි පුත්තලම් අතිරේක දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ.

The post මිහිජය පරිසර සංවිධානය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැළ තොගයක් භාර දෙයි appeared first on ITN News.

Read More »

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට  

0 comments

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂය වෙත හිමි වී තිබෙනවා.

තියුණු තරගයකින් පසු ඉතා සුළු බහුතරයක් සමඟින් නියෝජිත මන්ත්රීප මණ්ඩලයේ  බලය හිමි කර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වුණා. බහුතරය ලබා ගැනීමට අවශ්‍ය මන්ත්‍රී අසුන් 218 රිපබ්ලිකන් පක්ෂයට දැඩි තරගයකින් පසු අත් කර ගැනීමට හැකි වූ බව යි දේශපාලන විචාරකයන් පවසන්නේ.

මෙය රිපබ්ලිකන් පක්ෂය අපේක්ෂා කළ මට්ටම නොවන බව ද ඔවුන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ජනාධිපති බයිඩ්න්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සුවිශාල ගැටලුවක් මතු නොවනු ඇති.

 

The post ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට appeared first on ITN News.

Read More »

රැඳවියන් පස් දෙනෙකු වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පනියි  

0 comments

වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය පස් දෙනා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

වවුනියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන ධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් පස් දෙනෙකු පලා ගොස් තිබුණේ ඊයේ පස්වරුවේයි. ඔවුන් සොයා විශේෂ සොදිසි මෙහෙයුම්ක් ආරම්භ කර ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

යුධ හමුදාව හා පොලිසිය ඒකාබද්ධවයි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අධිකරණ නියෝග මත මෙම මධ්‍යස්ථානයෙහි රඳවා සිටිනවා.

යුධ හමුදා අධීක්ෂණය යටතේයි ඔවුන් පුනරුත්ථාපනය කෙරෙන්නේ.

ඊයේ ක්‍රීඩා පුහුණු වීම් සඳහා ලබාදුන් කාලය අතරතුර මෙම පස් දෙනා පැන ගොස් තිබුණා.

ඔවුන් වයස අවුරුදු 22ත් 32 ත් අතර වන උතුරු පළාතේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

The post රැඳවියන් පස් දෙනෙකු වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පනියි appeared first on ITN News.

Read More »

කොරෝනා නිසා වැසුණු චීනයේ ගුවැන්ග්ෂෝ ප්‍රදේශයේ ගැටුම්  

0 comments

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඬ පැවැත්වීමට දකුණු දිග චීනයේ ගුවැන්ග්ෂෝ ප්‍රදේශය වසා දැමිමෙන් අනතුරුව ගැටුම්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

චීනයෙන් දයිනිකව වාර්තාවන කොරෝනා වෛරස අසාධිතයින් සංඛ්‍යාව ඉහළයාමත් සමග එරට ප්‍රදේශ රැසක් වසා දැමුණා.

කර්මාන්තශාලා බහුලව පවතින දකුණු දිග චීනයේ ගුවැන්ග්ෂෝ ප්‍රදේශයේ ඊයේ දිනයේ දි ජනතාව හා පොලිසිය අතර ගැටුම් හටගත් බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රදේශයේ ඉවත්වීමට නොහැකිවන නීති පනවා ඇති අතර කර්මාන්තශාලා වසා දැමිමත් සමඟ වැටුප් නොගෙවීම හා ආහාර ද්‍රව්‍ය හිගවීම හේතුවෙන් ජනතාව මේ ආකාරයට පොලිසිය සමග ගැටුම් ඇති කර ගෙන තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා වැඩිම කොරෝනා ව්‍යාප්තියක් සිදුව ඇත්තේ ගුවැන්ග්ෂෝ ප්‍රදේශයේ.

 

The post කොරෝනා නිසා වැසුණු චීනයේ ගුවැන්ග්ෂෝ ප්‍රදේශයේ ගැටුම් appeared first on ITN News.

Read More »

ETI නඩුව පෙබරවාරි 25 යළි කැඳවීමට නියෝග  

0 comments

නීතිවිරෝධී ලෙස තැන්පත්කරුවන්ගෙන් මුදල් ලබා ගැනීමේ චෝදනා එල්ල වී ඇති ස්වරණමහල් ජුවලර්ස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනය මහා බැංකුවේ මුදල් මණ්ඩලය ලබා දී තිබූ උපෙදස් නොතකමින් 2012 වන විට රුපියල් බිලියන 7 යි දශම දෙකක් මෙලෙස වංචා කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඇප මත මුදාහැර සිටින මෙහි සැකකරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධිය පිළිබද වැඩිදුර වාර්තා පෙබරවාරි 25 වනදා යළි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේ.

The post ETI නඩුව පෙබරවාරි 25 යළි කැඳවීමට නියෝග appeared first on ITN News.

Read More »

මිසයිල ප්‍රහාරය එල්ල කළේ කවුදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි – පෝලන්ත ජනපති  

0 comments

පෝලන්තයට එල්ලවු මිසයිල ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

යුක්රේන දේශසිමාව ආසන්නයේ පිහිටා ඇති පෝලන්තයේ ගම්මානයකට එල්ලවු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

එම මිසයිලය රුසියාවේ නිෂ්පාදිත බව පෝලන්තය සදහන් කරනවා. කෙසේ වුවද රුසියාව ප්‍රහාරය එල්ල කල බවට පලවන මාධ්‍ය වාර්තා තහවුරු කිරීමට මේවන තෙක් සාධක හමුව නොමැති බවයි පෝලන්ත ජනාධිපතිවරයා පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ඔහු පවසනවා.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ජො බයිඩ්න් සදහන් කරන්නේ මිසයිල ප්‍රහාරය රුසියාව සිදුකල බවට පැවසිය නොහැකි බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් වනතෙක් රුසියාවට වරද පැටවිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් එල්ල විමත් සමග ජී 7 කණ්ඩායමේ රාජ්‍ය නායකයින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. යුක්රේනයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එහිදි කතාබහට ලක්වු බවයි වාර්තා වන්නේ.

The post මිසයිල ප්‍රහාරය එල්ල කළේ කවුදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි – පෝලන්ත ජනපති appeared first on ITN News.

Read More »

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට  

0 comments

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් වෙනුවෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි පොලිස්පතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්යෙන් සිදු කළ විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩ තහනම් කිරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස් මහතා එම පෙත්සම ගොනු කර තිබෙනවා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව කරුණු දැක්වීම සදහායි පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේ. ඔහුට එසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නොතීසි නිකුත් කර තිබුණා.

The post පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට appeared first on ITN News.

Read More »

ජපානයේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළට  

0 comments

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 ට එරටින් හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ තුන් දහසකට ආසන්නයි.

ඊයේ දිනයේදී ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස් ආසාදිතයින් තුන් ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 775 ක්. දකුණු කොරියාවෙන් හැත්තෑ දෙදහසක් ප්‍රංශයෙන් 48000 ක් හා තායිවානයෙන් 18,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

ගත වූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 164 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමග ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට හය ලක්ෂ දහ අටදහසකට ආසන්න වනවා.

හමුව ඇති සමස්ත වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව හැට හතර කෝටි  දස ලක්ෂයකට අධිකයි.

 

The post ජපානයේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.

Read More »

කාම්බෝජියා අගමැතිට කොරෝනා ආසාදනය වෙයි  

0 comments

කාම්බෝජියා අග්‍රාමාත්‍ය හුන් සෙන් තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරදී කාම්බෝජියා අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ඊයේ දිනයේ දී හමුවී තිබෙනවා. ඉන් අනතුරුවයි ඔහුට කොරෝනා වයිරසය ආසානය වී ඇති බවට තහවුරු වී ඇත්තේ. කෙසේ වුවද රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට කාම්බෝජියා අග්‍රාමාත්‍යවරයා සහභාගි වී නැහැ. සැළසුම්කර තිබූ සියලු සාකච්චා අවලංගු කර ඇති අතර බැංකොක් හිදී පැවැත්වීමට නියමිත ඇපෙක් ආර්ථික සංසදයට තමා සහභාගි නොවන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

 

 

 

 

 

 

The post කාම්බෝජියා අගමැතිට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

Read More »

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට  

0 comments

අයවැය දෙවන වර කියැවිමේ විවාදය අද සිට ආරම්භවනවා. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වීමේන් අනතුරුව විවාදය ආරම්භ කිරීමට නියමිතයි. ලබන වසර වෙනුවෙන් අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය දෙවනවර කියවීමේ විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එය දෙසැම්බර් 8 දක්වා පැවැත්වේ. කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන මෙම සෑම දිනකම ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 7. 00 ට පැවැත්වීම සිදුවේ.

අයවැය විවාදය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා ‍කාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සදහා කාලය වෙනකර නොමැත.

 

The post අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට appeared first on ITN News.

Read More »

ළමා ආරක්ෂාව ගැන පාර්ලිමේන්තු සංසදයේ අවධානය  

0 comments

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාකිරීමේ වැදගත්කම පිළිබඳව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වී තිබෙනවා.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ ළමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන විවිධ ආයතන මුහුණ දෙන අභියෝග හා ගැටලු හඳුනාගෙන අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කර ගෙන ඒවාට විසඳුම් ලබා ගැනීම සහ අදාළ ආයතන
සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහතික කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය යන ආයතනවල කටයුතු සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග සහ ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම් මෙහිදී සිදුකෙරුණි.

මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. අදාළ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු, ගොඩනැගිලි අවශ්‍යතා, වාහන අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු පිළිබඳව එහි පැමිණි සිටි නිලධාරීන් අදහස් දැක්වූහ. ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරු 618න් තනතුරු 284ක් පුරප්පාඩු වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කර පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සංසදය උපදෙස් ලබා දුන්නේය.

මෙරට දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ප්‍රමාණවත් සෞඛ්‍ය රැකවරණයක් ලබාදීමට, පවතින සම්පත් හා නිලධාරීන් වඩාත් කාර්යක්ෂම කිරීම, ප්‍රජා පාධක විශෝධන, ළමා අපචාර සිද්ධීන් පිලිබඳ මාධ්‍ය වාර්තා කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිලිබඳව ද මෙහිදී සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිනි  රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය පැවසුවේ, මෙහි ඉදිරිපත් කර ඇති අදහස් හා ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සංසදය හමුවට කැඳවා විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, මුල් ළමාවිය අධ්‍යාපනය පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස්කර ඇති බව මෙහිදී අනාවරණය විය.මය පළාත් හා ජාතික වශයෙන් පවතින්නා වූ විව්ධතා හා සමානතා සැලකිල්ලට ගනිමින් මුල්
ළමාවිය අධ්‍යාපනය වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමට, නෛතික රාමුවක් තුළ සකස් කර තිබීම විශේෂත්වයකි. තවද, 2019 දී සකසා අවසන් කරන ලද ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ළමා ආරක්ෂණ සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් (2023 – 2027) සකස් කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි.

 

The post ළමා ආරක්ෂාව ගැන පාර්ලිමේන්තු සංසදයේ අවධානය appeared first on ITN News.

Read More »

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට රැගෙන එයි  

0 comments

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු 15 දෙනෙකු කුරුදුවත්ත පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගැණුනේ පොලිස් රාජකාරියට බාධා කිරිම ඇතුලු චෝදනා කිහිපයක් යටතේයි. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී පැවති සමගි ජන බලවේගයේ කානන්තා සංවිධානයේ විරෝධතාවක් අතරතුර කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් සිදු කලා. එම අවස්ථාවේයි  ඇය අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත් පිරිස අද උදෑසන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරුණා. ඒ කුරුදුවත්ත පොලිසියේ ආරක්ෂාව යටතේයි. මේ වන විට අලුත්කඩේ මහෛස්ත්‍රාත් අධිකරණයේ දි ඔවුන් පිළිබද නඩු විභාගය පැවැත්වෙනවා.

 

 

 

 

 

The post හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට රැගෙන එයි appeared first on ITN News.

Read More »

නව ලොවට ගැලපෙන ආර්ථිකයක් ගොඩනංවන ජනපතිගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට  

0 comments

රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය වැය කතාව ඉදිරිපත් කරමින් සදහන් කළා.

මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව එකගතාවට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා නොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එසේම ඔවුන් යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වන්නේ ආර්ථික ස්ථාවරත්වය සදහා පමණක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේ අතර සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධන දීමනා අඛණ්ඩව ලබාදීම මෙන්ම පාසල් දහසකට අන්තර්ජාල පහසුකම් ලබාදීමට ද අයවැය තුළින් යෝජනා කෙරුණා. සිය අය වැය කතාව තුළින් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේ සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය වියදම් අඩු කරගැනීම සදහා ද මුදල් පිළිබද කාරක සභාවට ඵලදායී ලෙස මැදිහත් විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

පෞද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සපයන ඔවුන්ගේ කාර්යයන්  වඩා ඵලදායි කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරන බවද  ජනාධිපතිවරයා පැවසුවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසර සදහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබුවා. මෙවර අයවැයට අනුව රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක්. එය පසුගිය වසර සදහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 6100ට වඩා රුපියල් බිලියන 1785ක වැඩිවීමක්. මෙවර අයවැයේ වැඩිම වැය ශීර්ෂය වෙන් කර ඇත්තේ සමාජ ආරක්ෂණය සදහායි. එම මුදල රුපියල් බිලියන 572ක්. පවුල් ලක්ෂ 68න් ලක්ෂ 40ක් ජීවත්වීම සදහා රජයෙන් ආධාර ඉල්ලා සිටින පසුබිමකයි මෙම මුදල ඇස්තමේන්තු කර තිබෙන්නේ. සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 432ක්, අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 504ක්, ආරක්ෂක වියදම ලෙස රුපියල් බිලියන 367ක් අයවැයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.

අය වැය කතාව පැවැත්වෙන අද සිට දෙසැම්බර් 08වනදා දක්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. අයවැය කතාව නැරඹීමට විදෙස් තානාපතිවරුන්ට ද අරාධනා කර තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව යෞවන් පාර්ලිමේන්තුවේ සාමාජිකයින්, යොවුන් සේනාංකයේ සාමාජිකයින් සහ බස්නාහිර පළාතේ පාසල්වල ශිෂ්‍ය නායක  නායිකාවන් දෙසිය දෙනෙකු ඇතුලු පන්සිය දෙනෙකු ද අයවැය කතාව සිදු කෙරෙන අවස්ථාවට සහභාගී වුණා.

අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේ විස්සයි විසිතුන අයවැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලියක් ඇරඹෙන බවයි.

තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවස වෙනුවෙන් උද්ඝෝෂණ, වැඩවර්ජන, අරගල වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන්  ඔබ්බට ගිය අලුත් වැඩපිලිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්ට ගැලපෙන නව ආර්ථිකයක් නිර්මාණය කරගත යුතු බවද  ජනාධිපතිවරයා පැවසුවා.

සමාජය හුරුපුරුදුව තිබෙන ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒක පුද්ගල ආදායමට  සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක් බිහිකිරීම රජයේ අපේක්ෂාවයි. ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුත වනවා. දිළිදු හා අවධානමට ලක්ව ඇති කණ්ඩායම් රැක බලාගැනීමට පූර්ණ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක් අපේක්ෂාවයි.

පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිලිවෙලෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

සමාජ ආර්ථික පරිවර්ථනය සිදු කළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් හා දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක් යොමු කරමින් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.ආර්ථික පරිවර්ථනය සදහා අවශ්‍ය නීති සංශෝධනය සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

සමාජ වෙළදපොල ආර්ථික ක්‍රමයක් ඔස්සේ සියයට 7ත්  සියයට 8 ත් අතර ඉහළ ආර්ථික වර්ධනයක් සපුරාගැනීම අපේක්ෂාවයි.

ජාත්‍යන්තර වෙළදාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට සියයකින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

විස්සයි විසිතුන විස්සයි විසි දෙක දක්වා නව අපනයන මගින් ඩොලර් බිලියන 3 ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා. මීළග වසර 10 තුළ වාර්ෂිතව ඩොලර් බිලියන තුනක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරාගැනීමට සැළසුමයි.

නව ආර්ථික කලාප බිහිකරන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පත් කිරීම ද අරමුණයි. ගෝලීය වෙළදපල ප්‍රවේශය වැඩි කෙරෙන  අතර සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් ද හදුන්වාදීමට කටයුතු කෙරෙනවා.

නව කම්කරු ප්‍රතිපත්ති ගෙන එන අතර කෘෂි අපනයන සදහා ඉඩම් ලබාදීම පිණිස වන යෝජනා ද මෙවර ඇයවැයට ඇතුළත් වනවා.

දියර කිරි නිෂ්පාදනයට රුපියල් මිලියන 100 ක් වෙන් කෙරෙනවා.

රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ත්‍රෛලෝක විජයපත්‍ර හෙවත් කංසා භෝගය අපනයනය සදහා නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කෙරුණා.

රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් සිදු කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් සකස් කිරීමට අපේක්ෂිතයි.

ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි දියුණුව පිලිබද විමර්ශනය කර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සදහා කමිටුවක් පත් කෙරෙනු ඇති.

ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට දායක කර ගන්නා අතර කුරුදු කර්මාන්තය සදහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ද යෝජනා කෙරුණා.

සමෘද්ධිය,  සංචාරක ව්‍යාපාරය දියුණු කෙරෙන අතර පාසල්වල අන්තර්ජාල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරෙනවා. ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩිදියුණු කෙරෙන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත  සිසුන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම අපේක්ෂාවයි.

වෛද්‍යවරුන් සදහා පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා ඉහළ නැංවෙනවා. උසස්පෙල සමතුන්ට හා උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව පුළුල් කෙරෙනවා. උසස්පෙල ඉහළින් සමත්වන සිසුන් 75 දෙනෙකුට ජනාධිපති මූළ්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත විදේශ ශිෂ්‍යත්ව ලබාදීම අපේක්ෂාවයි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ද නව වෛද්‍ය පීඨයක් ස්ථාපනයට රුපියල් මිලියන 200 ක් වෙන් කෙරුණා.  ඉතිහාසය හැදැරීම සදහාම වෙන් වුණු ආයතනයක් පිහිටුවීම රුපියල් මිලියන 500 ක් වෙන් කෙරුණා.

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ද යෝජනා කෙරුණා.

බදුකරණය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරෙන අතර  විද්‍යුත් ක්‍රමවේදය මගින් ගෙවීම් සිදු කිරීම ප්‍රවර්ධනය ද අපේක්ෂාවක්  දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමද අය වැය යෝජනාවක්.

පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රක්ෂණාවරණයක් යෝජනා කෙරෙන අතර ආහාර සුරක්ෂිතතා පිළිබද මාර්ගගත විද්‍යුත් පද්ධතියක් සකස් කෙරෙන අතර මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම උදෙසා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමටද කටයුතු කෙරුණා.

රාජ්‍ය ආදායම් වර්ධනය සදහා බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අපේක්ෂාවයි.බදු සංශෝධනය මෙන්ම බදු ගෙවන්නන්ගේ ගැටලු සදහා විසදුම් ඉදිරිපත් කිරීමට බදු ඔම්බුඩ්ස්මන්වරයෙකු  පත්කිරීම  ඇතුලු යෝජනා රැසක් ඊට ඇතුළත්.

විදේශ වෙළදාම හා ආයෝජන ප්‍රවර්ධණය සදහා පූරණ බලැති මධ්‍යගත ආයතනයක් පිහිටුවනවා. දැනට ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ඊට සම්බන්ධ කෙරෙනු ඇති. බස්නාහිර,  වයඹ,  හම්බන්තොට ත්‍රිකුණාමලය ඇතුළත් නව ආර්ථික කලාප රැසක් පිහිටුවනු අතර ඒ සදහා විශේෂ නීති රාමුවක් ද ගෙනඒමට නියමිතයි.

ගෝලීය වෙළදපල ප්‍රවේශය නැංවීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කෙරෙන අතර ශ්‍රමවෙළදපල සදහා නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙනවා. යල් පැන ගිය කම්කරු නීති වෙනුවට ඒකබද්ධ නීතියක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.

සන්නද්ධ හමුදා සාමාජිකයන් සදහා කලින් වීශ්‍රාම ගැන්වීමට අවස්ථාව ලබාදීම ද අය වැය යෝජනාවක්.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ ආයතන කිහිපයක් පළමුනේ ප්‍රතිව්‍යුගත කිරීමට නියමිතයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, වෝටර්ස් එඩ්ජ් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සහ පරිපාලන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම පලමුව  සිදු කෙරෙනු ඇති. එමගින් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත වැඩි කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගැනීම අපේක්ෂාවයි.ණය කළනාකරණය සදහා ද යෝජනා රැසක් ඉදිරිපත් කෙරුණා.

රජයේ නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් හදුනාගැනීමට හා විශ්ලේෂණය කිරීමට නව වැඩපිළිවෙලක් හදුන්වාදීමට ද නියමිතයි. අය වැය යෝජනා අධීක්ෂණය කිරීම සදහා කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිවරයා යෝජනා කළා.  මෙම අයවැය යෝජනා ඔස්සේ රටේ ධනාත්මක වෙනසක් ඇති කරන ගමනට එක්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කළා.

නව ආර්ථික පදනමක් ඔස්සේ රට යලි ඔසවා තැබීමේ වෑයමට ක්‍රියාකාරීව හා ක්‍රියාශීලීව දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.

අය වැය දෙවන වර කියවීමේ  විවාදය හෙට ආරම්භ වනවා. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 22 වනදා පස්වරු 5ටයි. අය වැය දෙවන වර කියවීමේ  විවාදය  පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. 5.30 සිට 6 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සදහා වෙන් කර තිබෙනවා. විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන්නේ ලබන 23 වනදායි. එය දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වෙනවා. එම විවාදය පැවැත්වෙන සෑම දිනකම පස්වරු 7 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි. ඡන්ද විමසීම  දෙසැම්බර් 8 වනදා පස්වරු 7 ට සිදු කෙරෙනවා. ඉරිදා දින හා පෝය දැන හැර සතියේ සෑම දිනයන්හිම අය වැය විවාදය සදහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සදහා කාලය වෙන් කර නැහැ.

 

The post නව ලොවට ගැලපෙන ආර්ථිකයක් ගොඩනංවන ජනපතිගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG