Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ  

Add comments

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කළා. කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්ද අමරසිංහ මහතායි නියෝගය ලබා දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොණුකර ඇති පැමිණිල්ල අධිකරණය හමුවේ අද කැදවනු ලැබුවා. එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශ්වයක් පැමිණ තමසේවා දායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බවයි.

එබැවින් එම තහනම  ඉවත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා හා සමගි ජනබලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට විරෝධය පල කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම පිළිබද නියෝගය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා. එතෙක් විදෙස්ගමන් තහනම දීර්ඝ කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැදුනුම්පත ව්‍යාජ බව පවසමින් සමාජ ක්‍රියාකාරිකයකු වන ඔසල හේරත් මහතා අදාළ පැමිණිල්ල ගොණ් කර තිබෙනවා.

 

 

 

The post ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG