Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් ජනතාව විරෝධතා පවත්වයි  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් දහස් ගණනක පිරිසක් විරෝධතා වලට එක්ව සිටිනවා.

ගැටුම් හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමග එක්ව මෙම විරෝධතා පැවැත්වෙනවා.

අගමැතිවරයා ඉවත්වන තුරු විරෝධතා පවත්වන බවයි ඔවුන් පවසන්නේ.

ටෙල් අවිව්, ජෙරුසලම්, හයිෆා, බීර් ෂෙවා හා කසේරියා ඇතුළු නගර වල මෙම විරෝධතා ක්‍රියාත්මකයි.

මේ වන විට පරණ ඇපකරුවන් හමාස් සංවිධාන භාරයට පත්ව දින 176 ක් ගතව තිබෙනවා.

 

 

 

 

 

 

The post ඊශ්‍රායල අගමැතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් ජනතාව විරෝධතා පවත්වයි appeared first on ITN News.

Read More »

ගසාහි රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 07කට තුවාල  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ අල්-අක්සා රෝහලට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ගාසා තීරයේ අල් අක්සා රෝහලට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් බීබීසී ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදියෙකු ඇතුළු මාධ්‍යවේදීන් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයින් හතර දෙනෙකු මිය ගිය බව ද වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඩීර් අල්-බාලාහි අල්-අක්සා රෝහල් භූමියේ පිහිටි ඉස්ලාමීග ජිහාඩ් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

සටන්කාමීන් රෝහල් කඳවුරු ලෙස භාවිතා කරන බවට ඊශ්‍රායලය චෝදනා කරනවා. කෙසේ වෙතත් එම චෝදනා හමාස් සංවිධානය හා වෛද්‍ය කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

 

 

 

 

The post ගසාහි රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 07කට තුවාල appeared first on ITN News.

Read More »

පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය‍ පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේදී  

0 comments

පාස්කු ඉරිදාව වෙනුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටියා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණා.

පාස්කු ඉරිදා දේව මෙහෙය සදහා 6000ක පමණ පිරිසක් වතිකානයට එක්ව සිටියා. ලොව පුරා හටගෙන ඇති යුද ගැටුම් හා ජාතීන් අතර වෛරය අත්හල යුතු බවයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙහිදී අවධාරණය කළේ.

විනාඩි 10ක පමණ දේශනාවක් පැවැත්වු උන්වහනසේ ශාන්ත පීතර බැසිලිකාවේ දී වැඩිහිටියන් අට දෙනෙකු බෞතීස්ම කිරීමට ද කටයුතු කළා.

අසූහත්වන වියේ පසුවන පාප්වහන්සේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සිකුරාදා දේව මෙහෙයට සහභාගී වූයේ නැහැ.

 

 

 

 

 

The post පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය‍ පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේදී appeared first on ITN News.

Read More »

දකුණු ලෙබනනයට එල්ලවූ ප්‍රහාරයකින් සාම සාධක හමුදා නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල  

0 comments

දකුණු ලෙබනනයට එල්ලවූ ප්‍රහාරයකින් ක්‍රියාන්විතයේ නියුතු ජගත් සාම සාධක හමුදා නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම පිරිස තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයෙන් එරට සාම සාධක හමුදා නිලධාරීන් තුන් දෙනාට අමතරව භාෂා පරිවර්තකයෙකු ද තුවාල ලබා ඇති බව සදහන්.

ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

කෙසේ වුවද ප්‍රහාරයට තම කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඊශ්‍රායලය පවසන්නේ.

 

 

 

 

 

The post දකුණු ලෙබනනයට එල්ලවූ ප්‍රහාරයකින් සාම සාධක හමුදා නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

අල් ෂිෆා රෝහලට එල්ලවූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 400පනී  

0 comments

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මේ වන විට පුද්ගලයින් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් හේතුවෙන් අවතැන් ජනතාව දිගින් දිගටම මිය යමින් සිටින බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා. පසුගිය දින 13ක කාලය පුරා එම රෝහල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් රෝහල තුළ රැදී සිටි අවතැන් ජනතාව හා රෝගීන් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

කෙසේ වුවද ඊශ්‍රායල ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට හමාස් සටන්කාමීන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවද සදහන්. පසුගිය ඔක්තෝම්බර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 32705ක්. තුවාල ලබා ඇති පිරිස 75000කට අධික බවයි වාර්තා වන්නේ.

 

 

The post අල් ෂිෆා රෝහලට එල්ලවූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 400පනී appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ දරුවන්ට ගුවනින් මාශ්මෙලෝ  

0 comments

කුඩා දරුවන් වෙනුවෙන් මාශ්මෙලෝ ගුවනින් ඉසීමේ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත උද්‍යානයේයි මෙය සිදු වුණේ.

පාස්කු දිනය වෙනුවෙන් එය සංවිධාන කර තිබුණා. මාශ්මෙලෝ 15000ක් පමණ ගුවනින් ඉසීම සිදුවුණා. කුඩා දරුවන් බොහෝ පිරිසක් ඒවා එකතු කිරීමට පැමිණ සිටියා.

 

 

 

The post ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ දරුවන්ට ගුවනින් මාශ්මෙලෝ appeared first on ITN News.

Read More »

ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානම්  

0 comments

ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානමින් සිටිනවා.

අළු බදාදා දිනයෙන් ආරම්භ වන දින 40ක චතාරික සමය අවසන් කරමින් පාස්කු ඉරිදාව හෙට දිනයේදී සැමරීමට ලොව සියලුම කතෝලිකයන් එක්ව සිටිනවා.

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරමින් පරිත්‍යාගයට මුල්තැන දෙමින් පාස්කු මංගල්‍යය සැමරෙනවා.

මෙක්සිකෝවේ මේ වෙනුවෙන් රඟ දැක්වුනු පාස්කු නාට්‍යයක් ජාත්‍යන්තර  මාධ්‍ය වල අවධානයට යොමුව තිබුණා.

ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගැසීමේ කතා පුවත ඊට පාදකවී තිබුණා.

The post ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානම් appeared first on ITN News.

Read More »

යුද්ධය ගැන පෝලන්ත අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

යුරෝපා කලාපය යුද්ධයකට ආසන්නයෙන් සිටින බවට පෝලන්ත අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවනවා.

සමස්ත මහද්වීපයේම යහපත වෙනුවෙන් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය නොකළ යුතු බවයි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් පවසන්නේ.

යුද්ධයේදී ජයග්‍රහණය සඳහා යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබාදිය යුතු බව ඔහු කියා සිටිනවා.

යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට රුසියාව පෙරේදා එල්ලකළ දැවැන්ත ප්‍රහාරයත් සමගයි පෝලන්ත අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටින්නේ තම රට නේටෝ රටවල් කෙරෙහි ආක්‍රමණ ශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැති බවයි.

ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති තම රට නේටෝ සංවිධානයේ රටවල් වලට පහරදීමේ සූදානමක් නැති බවද ඔහු කියා සිටිනවා.

The post යුද්ධය ගැන පෝලන්ත අගමැතිගෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

හිටපු ජනපති ජෙකොබ්ට ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බව එරට මැතිවරණ කොමිසම දැනුම් දෙයි  

0 comments

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති ජෙකොබ් සුමාට තරග කළ නොහැකි බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

1994 වසරෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගකාරිම ජනාධිපතිවරණය මෙය ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මැයි මස 29 වනදින මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති ජෙකොබ් සුමා මැතිවරණ ප්‍රචාරණ රැළි කිහිපයකට සහභාගි වූ අතර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව ද නිවේදනය කර තිබෙනවා.

2021 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහුව සිර ගත කිරීමට සිදුවුවා.

1994 වසරේ සිට අප්‍රිකා ජාතික කොංග්‍රසය එරට පාලන බලය හිමිකර ගෙන සිටියද මෙවර ඔවුන්ගෙන් බලය ගිලිහෙනු ඇති බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ.

 

 

 

 

 

 

 

 

The post හිටපු ජනපති ජෙකොබ්ට ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බව එරට මැතිවරණ කොමිසම දැනුම් දෙයි appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්  

0 comments

ගසා තීරයට ආහාර සහ වෛද්‍ය ආධාර ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළා.

සාගතයක් වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ගලාඒම සඳහායි එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව ඊශ්‍රායලයට මෙම නියෝගය සිදුකළේ.

ජාත්‍යන්තර අධිකරණය පැවසුවේ ඊශ්‍රායලය හදිසියේ අවශ්‍ය මූලික සේවාවන් සහ මානුෂීය ආධාර සැපයීමට ප්‍රමාදයකින් තොරව ක්‍රියා කළ යුතු බවයි.

ඔවුන් මෙම නියෝගය ලබා දුන්නේ සති කිහිපයකින් ගාසා තීරයට සාගතයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමෙන් පසුවයි.

ඊශ්‍රායලය පවසන්නේ ආධාර අවහිර කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

ගාසා තීරයේ ලක්ෂ විසිදෙකක ජනතාවක් උග්‍ර ආහාර හිගයකට මුහුණ දී සිටිනවා.

මැයි මාසය අවසන් වීමට පෙර සාගතයක් ඇතිවනු ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.

The post ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක් appeared first on ITN News.

Read More »

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙක් මියයයි  

0 comments

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සති අන්ත පාස්කු වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පාලමක සිට අඩි 160ක පමණ මිටියාවතකට වැටී ගිනිගෙන දැවී තිබෙනවා.

දිවිගලවා ගැනීමට හැකි වී ඇත්තේ එක් අයෙකුට පමණයි.

ඒ 8 හැවිරිදි දැරියක බවයි දකුණු අප්‍රිකා වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව බස් රථයේ ගමන් කළ 46 දෙනාගෙන් 45 දෙනෙකුම මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබු දැරියගේ තත්ත්වය ද බරපතළ බව වාර්තා වනවා.

The post දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වේ  

0 comments

බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පැවැත්වුණා.

එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ උප සාකච්ඡාවේදී, චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව දෙස් විදෙස් නියෝජිතයෝ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැවැත්වෙන උප සාකච්ඡාවට, චීන විදේශ අමාත්‍යංශයේ හා හදිසි තත්ත්වයන් කළමනාකරණ අමාත්‍යංශයේ ප්‍රධානීන් ද එක් වනවා.

ඊට අමතරව අද(28) “චීන ඔස්ට්‍රේලියා ව්‍යවසායකයින්ගේ සංවාදය”, “චීන යුරෝපා ව්‍යවසායකයින්ගේ සංවාදය”, එක් තීරයක් එක් මාවතක් –හරිත ආයෝජනය පිළිබඳ වටමේස සාකච්ඡාව යනාදී ක්‍රියාකාරකම් පැවැත්වීමට ද නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටිනවා.

The post බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වේ appeared first on ITN News.

Read More »

බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ  

0 comments

බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය බවට සැලකෙන 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සහන කණ්ඩායම් සොයා ගත්තා.

ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

සිද්ධියෙන් එම පාලමට  දැඩි හානි සිදු වූ අතර ඒ මත ගමන්ගත් රථවාහන ගණනාවක් ද ජලයට වැටී තිබුණා.

පාලමේ ගමන්ගත් 6 දෙනෙකු සිද්ධියත් සමඟ අතුරුදන් වූ අතර ඔවුන් මිය ගිය බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ වන විට දින දෙකක් පුරා ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

නෞකාවේ විදුලිබල පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ආලෝකය නොමැතිකමින් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරට පත්වන අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 22 දෙනෙකු ද රැඳී සිටියා.

The post බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ගුවනින් හෙලූ ආධාර ලබා ගැනීමට යාමේදී පලස්තීන වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගාසා තීරයට ගුවනින් හෙලූ ආධාර ලබාගැනීමට යාමේදී පලස්තීන වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම ගොඩබිමින් සිදු කිරීමේදී ඊට බාධා පැමිණීමත් සමග ආධාර තොග ගුවනින් හෙලීම මෙම මාසය මුලදී ඇමෙරිකාව ආරම්භ කළා.

එසේ ගුවනින් හෙළු ආධාර තොගයක් මුහුදට පතිතවූ පසු එම ආධාර තොග ලබාගැනීමට ගිය පලස්තින වැසියන් 12 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසා තීරයේ අවතැන් ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර ඖෂධ හා ජලය නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

එබැවින් ලැබෙන ආධාර තොග බෙදා ගැනීමේදී පවා ගැටුම්කාරී තත්ත්වයන් ඇති වන  බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

තරුණ කණ්ඩායම් ආධාර තොග රැගෙන යන අතර වයස්ගත ළමා හා කාන්තා පාර්ශ්වයන්ට ඇතැම්විට කිසිදු සහනාධාරයක් නොලැබෙන බවද සදහන්.

 

 

 

 

 

 

The post ගාසා තීරයට ගුවනින් හෙලූ ආධාර ලබා ගැනීමට යාමේදී පලස්තීන වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චින ජාතිකයින් පිරිස ගමන් කරමින් සිටි මෝටර් රථයට පුපුරණ ද්‍රව්‍ය පුපුරාගත් තවත් මෝටර් රථයක් ගැටීමට සැළැස්වීමෙනුයි මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ප්‍රහාරයෙන් චීන ජාතිකයින් 05 දෙනාට අමතරව පකිස්ථාන ජාතිකයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 270 ක පමණ දුරින් දාසු නම් ප්‍රදේශයේ විදුලි බලාගාරයක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම් සඳහා මෙම චීන ජාතිකයින් පිරිස ගමන් කරමින් සිටි බව පොලීසිය සඳහන් කරනවා.

ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ප්‍රපාතයකට පෙරලී ඇති බවයි සහන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුවද ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැහැ.

The post පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව හෙළිවෙයි  

0 comments

ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබෙනවා.

මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණා.

දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් යන විට එහි එංජින් අක්‍රිය වී තිබෙනවා.

නෞකාවේ විදුලිබලය ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

එහි කපිතාන්වරයා  ආරක්ෂක අංශ වෙත මේ පිළිබඳ දැනුවත් කර තිබුණ ද නිදහසේ පාවෙමින් තිබූ නෞකාව බැල්ටිමෝ පාලමේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පාලමට දැඩි අලාභහානි සිදු වූ අතර ඒ මත ගමන් කර තිබූ වාහන රැසක් ද ජලයට වැටී තිබුණා.

මේ වන විට සිදු වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

The post ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

නවසීලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්  

0 comments

චීන රජයේ අනුග්‍රහය සහිත කණ්ඩායමක් නවසීලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ලකර ඇති බවට එරට රජය චෝදනා කරනවා.

නවසීලන්ත පාර්ලිමේන්තුවට එල්ලවූ සයිබර් ප්‍රහාරය අනුමත කළ නොහැකි බවයි එරට විදේශකටයුතු අමාත්‍යවරයා පවසන්නේ.

සයිබර් ප්‍රහාරයන් එල්ලකිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ලකළ තුන්වන රට බවට නවසීලන්තය පත්වනවා.

ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන් සදහා චීන රාජ්‍ය අනුග්‍රහය දැක්වුවහොත් දැඩි ප්‍රතිචාරයන් දැක්වීමට සිදුවන බවටද නවසීලන්තය අනතුරු අඟවනවා.

ඊයේ දිනයේදී ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයද තම රටවල් වලට චීනය සයිබර් ප්‍රහාරයන් එල්ල කළ බවටයි චෝදනා කළේ.

එම සයිබර් ප්‍රහාරයන්ට සම්බන්ධ යැයි සැලකෙන සමාගමකට හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට සම්බාධක පැනවීමට ද ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා.

The post නවසීලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

එ. ජා. ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාව සම්මතයි  

0 comments

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර තිබෙනවා.

සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද එමගින් ඉල්ලා සිටිනවා.

අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙයයි.

මෙයට එරෙහිව ඇමරිකාව සිය නිශේධ බලය භාවිත නොකිරීම ද විශේෂත්වයක්.

ඇමරිකාවේ මෙම පියවර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් වන අකමැත්ත හා ඊශ්‍රායලය අතර විරසකයක් පෙන්නුම් කරන්නක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

The post එ. ජා. ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාව සම්මතයි appeared first on ITN News.

Read More »

මෝටර් රථ තරගාවලියක් අතරතුර සිව්දෙනෙක් මරුට  

0 comments

හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

උතුරු හංගේරියාවේ පැවති මෝටර් රථ තරඟාවලියක් අතරතුර ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටී මෙම අනතුර සිදු වූ බවයි විදෙස් මාධ්‍ය ඇත්තේ.

The post මෝටර් රථ තරගාවලියක් අතරතුර සිව්දෙනෙක් මරුට appeared first on ITN News.

Read More »

මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් සිව්දෙනෙකුට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා  

0 comments

පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රහාරය එල්ල කළ හතර දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන්ගේ ඇස් බැඳ මොස්කව් අධිකරණය වෙත පාගමනින් රැගෙන ගියා.

මේ අතර ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම සිකුරාදා දින එල්ල කළ ප්‍රහාරයේ වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු බලධාරීන් මේ පිළිබඳ යුක්රේනයටද චෝදනා එල්ල කර තිබෙනවා.

ඩෙලෙර්ඩ්සොන් මිර්සොයෙව්, සයිදක්‍රාමි මුරොදාලි රාචබලිසෝඩා, ශම්සිඩීන් ෆාරිදුනී හා මුහම්මද්සොබිර් ෆයිසොව් මෙම අපරාධකරුවන්ගේ නම් ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඔවුන් සියල්ලන්ම තුවාල ලබා ඇති බව පෙනෙන්නට තිබුණා.

ටෙලිග්‍රෑම්හි සඳහන්ව තිබුණේ මිර්සොයෙව් ටජිකිස්තානයේ පුරවැසියෙකු වන අතර ඔහුගේ වරද සම්පූර්ණයෙන්ම පිළිගෙන ඇති බවයි.

ජාතිකත්වය හෙළි නොකළ රචබලිසෝඩා ද වරද පිළිගෙන බව එහි සඳහන් වනවා. ඔවුන් සිව්දෙනා අවම වශයෙන් මැයි 22 දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කළ යුතු බව අධිකරණය වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

 

The post මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් සිව්දෙනෙකුට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා appeared first on ITN News.

Read More »

කෙන්යාවේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක  

0 comments

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊට සමගාමීව නයිරෝබි අගනුවර විරෝධතාවක් පැවැත්වුණා.

එරට වෛද්‍යවරු දින කිහිපයක සිට වැඩ වර්ජනයේ නිරතව සිටිනවා.

සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන ලෙසයිවෛද්‍යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටී.

ඉන් ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩපණ වී තිබෙනවා.

The post කෙන්යාවේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක appeared first on ITN News.

Read More »

ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව පුටින් කියයි  

0 comments

රුසියාවේ ක්‍රොකස් සිටි ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලුදෙනා අත්අඩංගුවට ගත් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා.

ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බවයි පුටින් ජනාධිපතිවරයා රටවැසියන් අමතමින් සඳහන් කළේ.

එමෙන්ම අද දිනය රුසියාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පුටින් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

රුසියාවේ සුප්‍රකට ක්‍රොකස් සිටි ගොඩනැගිල්ලේ සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 133 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 140කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

තුවක්කුකරුවන් එම ස්ථානයේ නිරායුධව සිටි ආරක්‍ෂක භටයන් ඝාතනය කරමින් ශාලාවට ඇතුලු වී වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එයට ගිනි තබා තිබුණා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් බරපතල තත්ත්වයේ පසුවනවා.

පික්නික් රොක් සංගීත කණ්ඩායමේ ප්‍රසංගය නැරඹීමට පැමිණි 6200ක පමණ පිරිසක් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.

වසර 20කට පමණ පසු රුසියාවට එල්ල වු ම්ලේච්ඡතම ප්‍රහාරය මෙය බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් මිය ගිය සියලුම දෙනා අහිංසක සාමකාමි සාමාන්‍ය වැසියන් බව පුටින් ජනාධිපතිවරයා පවසනවා.

ප්‍රහාරයෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රූබල් මිලියන 3ක් හා තුවාල ලැබූ අයෙකු වෙනුවෙන් රූබල් මිලියනය බැගින් ලබාදීමට රුසියා රජය තීරණය කර තිබෙනවා.

ත්‍රස්තවාදීන් යුක්රේනයට පළා යමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට සමත්වු බවයි ජනාධිපති පුටින් නිවේදනය කරන්නේ.

අත්අඩංගුවට පත් එක් ත්‍රස්තවාදියෙකු රුසියා ආරක්ෂක අංශ වෙත පවසා තිබුණේ ප්‍රහාරය සිදු කිරීම සඳහා ඔහුට රූබල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට පොරොන්දු වු බවයි.

මාර්තු 4 වන දින තුර්කියේ සිට රුසියාවට ඔහු පැමිණ තිබෙනවා.

ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා තමන් සමඟ සම්බන්ධ වු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ප්‍රහාරයේ දී හමුවන සෑම පුද්ගලයෙකුටම වෙඩි තබන ලෙස ඔහුට අණ ලැබුණු බව ද පවසා තිබෙනවා.

ප්‍රහාරයට පැමිණි ප්‍රධාන ත්‍රස්තවාදීන් 4 දෙනා තජිකිස්තාන ජාතිකයින් වන අතර ඔවුන් අවුරුදු 37 / 51 / 21 සහ 29 යන වයස්වල පසුවන බවයි රුසියා ආරක්ෂක අංශ පවසන්නේ.

ඔවුන් 4 දෙනාට අමතරව ප්‍රහාරයට සම්බන්ධ තවත් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රුසියා ආරක්ෂක අංශ සඳහන් කරනවා.

ඔවුන් පළා යාමට භාවිත කළ සුදු පැහැති මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයේ දී ජීවිත හානි උපරිම කිරීමට ත්‍රස්තවාදීන් උත්සාහ කර ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

 

The post ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව පුටින් කියයි appeared first on ITN News.

Read More »

ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දීරඝ කරයි  

0 comments

ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එරට බලධාරීන් මීට පෙර අදාළ තහනම ලබන 31 වනදායින් අවසන් කිරීමට තීරණය කර තිබුණා.

පවතින තත්ත්වය සළකා බලා එම තහනම නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටයි, ඉන්දීය වෙළඳ බලධාරීන් තීරණ කර ඇත්තේ.

The post ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දීරඝ කරයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍ය රජ කුමරියට පිළිකාවක්  

0 comments

තමා පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව කේට් මිඩ්ල්ටන් පවසා තිබෙනවා.

විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනුයි  ඇය විසින් ඒ බව හෙළිකර තිබුණේ.

කේට් පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට මුහුණ දී තිබුණා.

The post බ්‍රිතාන්‍ය රජ කුමරියට පිළිකාවක් appeared first on ITN News.

Read More »

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක්  

0 comments

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරඟාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ  මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වනවා.

The post රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්  

0 comments

ආර්ජන්ටිනාව තුළ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහසකට අධික වනවා.

ඒ අතුරින් වැඩිම රෝගී සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය මාස දෙක තුළ දී බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඉතිහාසයේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වු කාලය ලෙස ද 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය සැලකිය හැකියි.

එමෙන්ම වාර්තා වී ඇති රෝගී සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 200%කින් පමණ ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. එම කාලය තුළ දී ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 79ක්.

 

 

 

 

 

 

The post ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් appeared first on ITN News.

Read More »

ඇමරිකාව Huawei සමාගමට අනුබද්ධිත සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය  

0 comments

Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප් සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් චීනය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

මෑත වසර කිහිපයක් තුළ, ඇමරිකාව අත්තනෝමතික අයුරින් අපනයනයට බාධා කර හේතු විරහිතව චීන සමාගම්වලට පීඩා එල්ල කළ බවයි චීන වාණිජ අමාත්‍යාංශය පවසන්නේ.

ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් චීනයේ අර්ධ සන්නායක කර්මාන්තයට දැඩි පීඩා එල්ල වී තිබෙනවා.

ඇමරිකාව සිය රාජ්‍ය බලය භාවිත කරමින් Huawei සමාගමට අඛණ්ඩව බාධා සිදු කිරීම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව ද චීනය පවසනවා.

ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ගයන්ට දැඩිව විරුද්ධ වන අතර සිය සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සුරැකීමට පියවර ගන්නා බව ද චීනය පවසනවා.

The post ඇමරිකාව Huawei සමාගමට අනුබද්ධිත සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය appeared first on ITN News.

Read More »

දිල්ලි මහ ඇමති අත්අඩංගුවට  

0 comments

ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් ඉන්දිය මූල්‍ය අපරාධ ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා මතයි දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දිල්ලි රජය මගින් ක්‍රියාත්මකකරන ලද මධ්‍යසාර විකිණීමේ ප්‍රතිපත්තිය තුළින් රජයේ ඒකාධිකාරය අවසන් කළ පුද්ගලික සිල්ලර වෙළෙඳුන්ට අනවශ්‍ය වාසි ලබා දුන් බවට ප්‍රධාන අමාත්‍ය කෙජ්රිවාල්ට චෝදනා කර තිබෙනවා.

මහ ඇමතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉන්දියාවේ ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයක් තිබියදී මොහු අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

The post දිල්ලි මහ ඇමති අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අධික උණුසුම නිසා දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකකට වැසේ  

0 comments

අතිශය උණුසුම්කාරී දේශගුණික තත්ත්වයකට මුහුණ පා සිටින දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත සෙල්සියස් අංශක 45කට වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි,පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් දකුණු සුඩානයේ රජය ජනතාවට දැනුම් දී ඇත්තේ.

එබැවින් රජයේ නියෝග පැහැර හැර විවෘතව තබන ඕනෑම පාසලක ලියාපදිංචිය අත්හිටුවන බවට අනතුරු අඟවා ඇතැයි ද වාර්තාවේ.

The post අධික උණුසුම නිසා දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකකට වැසේ appeared first on ITN News.

Read More »

උණුසුම් කාලගුණයෙන් ආසියාතික රටවල කාන්තාවන්ට දැඩි බලපෑම්  

0 comments

අධික උණුසුම් කාලගුණය ඉන්දියාව ඇතුලු ආසියාතික රටවල කාන්තාවන්ට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

පර්යේෂණයකට අනුව හෙළිව ඇත්තේ අධික උෂ්ණත්වය යටතේ වැඩකටයුතු වල නිරතවීම තුළින් ගර්භනි කාන්තාවන්ගේ මළ දරු උපත් ඇති වීම හා ගබ්සා වීමේ අවධානම දෙගුණ විය හැකි බවයි.

උණුසුම් කාලගුණය බ්‍රිතාන්‍යය වැනි රටවලට ද බලපෑම් එල්ල කළ හැකි බවයි ඉන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඉන්දියාවේ චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ. ඊට කාන්තාවන් සියයක් සහභාගී වී තිබෙනවා.

 

 

 

 

 

 

 

The post උණුසුම් කාලගුණයෙන් ආසියාතික රටවල කාන්තාවන්ට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක්  

0 comments

වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ Changsha නගරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවමින් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා.

වඩාත් ගැඹුරු ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවයකින් වැඩි තරඟකාරීත්වයක් සහිත විවෘත ගොඩබිම් ප්‍රදේශයක් ලෙස මධ්‍යම ප්‍රදේශය ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බවයි සඳහන් වී ඇත්තේ.

එමෙන්ම ආහාර, බලශක්ති හා සම්පත් සුරක්ෂිතතාව සහතික කිරීමේ හැකියාව ඉහළ නංවාලීමට ප්‍රයත්න දැරිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබෙනවා.

The post චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් appeared first on ITN News.

Read More »

කිම් ජෝන්ග් උන් යුද අභ්‍යාසයක් නිරීක්ෂණ කිරීම සඳහා සහභාගී වෙයි  

0 comments

යුද අභ්‍යාසයක් නිරීක්ෂණ කිරීම සඳහා උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් සහභාගී වු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

උතුරු කොරියා ආරක්ෂක අංශ සිදුකළ මෙම යුද අභ‍්‍යාසයේ දී රොකට් ප්‍රහාර අත්හදා බැලීම සිදුකර තිබෙනවා. මිසයිල / රොකට් හා බර අවි අත්හදා බැලීම ජගත් සංවිධානයෙන් උතුරු කොරියාවට තහනම් කර ඇති පසුබිමකයි මෙය සිදුකෙරුණේ.

බහුවිධ රොකට් විදිනයන් මෙයට යොදා ගත් අතර එය සජීවීව නැරඹීම සදහා උතුරු කොරියා නායකයා එක්ව සිටියා.

මිලි මීටර 600 වර්ගයේ බහුවිධ රොකට් විදිනවල සැබෑ යුද හැකියාවන් පරීක්ෂා කිරිම මෙම යුද අභ්‍යාසයේ අරමුණ බවයි කොරියා මධ්‍යම පුවත් ඒජන්සිය නිවේදනය කරන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post කිම් ජෝන්ග් උන් යුද අභ්‍යාසයක් නිරීක්ෂණ කිරීම සඳහා සහභාගී වෙයි appeared first on ITN News.

Read More »

ජපාන මහ බැංකුව අවුරුදු 17කට පස්සේ පොළී ඉහළ දමයි  

0 comments

ජපාන මහ බැංකුව වසර 17 කට පසු පොළී අනුපාත ඉහළ දමා තිබෙනවා.

ණය ගැනීමේ පිරිවැය සියයට සෘණ දශම එකේ සිට සියයට බිංදුව හා සෘණ දශම එක දක්වා පරාසයකට ඉහළ දමන බවයි ජපාන මහ බැංකුව නිවේදනය කරන්නේ.

ජපාන පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීමත් සමග මෙම තීරණය ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

2016 වසරේ දී එරට ආර්ථිකයේ උත්තේජනයක් ඇති කිරීම සදහා ණය පොළී අනුපාතික සියයට බිංදුවේ සීමාවට වඩා අඩු කිරීමට ජපාන මහ බැංකුව පියවර ගත්තා.

ජපානය ගත් මෙම පියවරත් සමග ලොව කිසිදු රටක තවදුරටත් සෘණ පොළී අනුපාත ක්‍රියාත්මක වන්නේ නැහැ.

සෘණ පොළී අනුපාත ක්‍රියාත්මක වන වකවානුව තුලදී මුදල් තැන්පතු සදහා බැංකුවට මුදල් ගෙවිය යුතු අතර එය ද මේ සමගම අහෝසි වනවා.

The post ජපාන මහ බැංකුව අවුරුදු 17කට පස්සේ පොළී ඉහළ දමයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ මියයන දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළට  

0 comments

ගාසා තීරයේ මිය ගිය දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා දරුවන් 13000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

කෙසේ වුවද මේ වන විට ගාසා දරුවන් මිය යාමට හේතු වී ඇත්තේ ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීමයි.

සෑම දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණයෙන් පෙලෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

අලුත උපන් බිළිදුන් අඩු බර හේතුවෙන් මිය යන බවයි එම සංවිධානය තවදුරටත් සඳහන් කරන්නේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයට අවශ්‍ය මානුෂිය ආධාර බෙදා හැරීම ඉතා මන්දගාමීව සිදුවීම හේතුවෙන් උතුරු ගාසා ප්‍රදේශය සාගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

මේ අතර ඊශ්‍රායලයට යුද උපකරණ අපනයනය කිරීම කැනඩාව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

The post ගාසා තීරයේ මියයන දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළට appeared first on ITN News.

Read More »

විරෝධතාකරුවන්ට දැඩි දඬුවම් දෙන නීතියක් හොංකොං සම්මත කරගනී  

0 comments

විරෝධතාකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන නීතියක් හොංකොං රාජ්‍යය සම්මත කර තිබෙනවා.

මෙම නීතිය මගින් සිවිල් අයිතීන් තවදුරටත් උල්ලංඝනය වනු ඇති බවටයි වාර්තා වන්නේ.

විසිතුන්වන වගන්තිය ලෙස හඳුන්වා දී ඇති මෙය තුළින් දඬුවම් ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කිරීමේ හැකියාව ද ඇති කර තිබෙනවා.

චීනය විසින් මීට පෙර හදුන්වා දුන් මතභේදාත්මක විසිතුන්වෙනි වගන්තිය පුළුල් කර ඉදිරිපත් කිරීමක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

කඩාකප්පල්කිරීම, ත්‍රස්තවාදයට අනුබලදීම හා විදේශ බලවේග සමඟ හවුල් වී අපරාධ සිදු කිරීම යනාදියට මෙම දඬුවම් නියම කිරීමේ හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් හොංකොං නායක ජෝන් ලී පෙන්වා දෙන්නේ ස්වාධීන හොංකොං රාජ්‍යයක් ක්‍රියාත්මක වීම සඳහා මෙම නීති අත්‍යවශ්‍ය බවයි.

මෙය වසර විසිහයක් තිස්සේ තම රට බලා සිටි ඓතිහාසික අවස්ථාවක් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

 

 

The post විරෝධතාකරුවන්ට දැඩි දඬුවම් දෙන නීතියක් හොංකොං සම්මත කරගනී appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් කියන ඉතිහාසයේ හොඳම අලෙවි නියෝජිතයා  

0 comments

ඉතිහාසයේ හොඳම අලෙවි නියෝජිතයා යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි බව ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරයක නිරත වන සෑම අවස්ථාවකදීම ඩොලර් මිලියන ගණන් රැගෙන යන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරන්නේ.

ඇමෙරිකාව යුක්රේනයට ආධාර ලබාදීම නවතා ණය ලබාදීම ආරම්භ කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකළ විගස මෙලෙස ඩොලර් මිලියන ගණන් වටිනා ආධාර ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ද ඔහු පවසනවා.

ඇමෙරිකාවේ මෙම ක්‍රියාව නේටො රටවල හාස්‍යයට ලක්ව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සදහන් කරනවා.

2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා ඇමෙරිකාව යුක්රේනය වෙත ඇමෙරිකා ඩොලර් බිලියන 113ක් වටිනා හමුදා / ආර්ථික හා මානුෂිය ආධාර ලබාදී තිබෙනවා.

 

 

 

The post ට්‍රම්ප් කියන ඉතිහාසයේ හොඳම අලෙවි නියෝජිතයා appeared first on ITN News.

Read More »

බස් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටෙයි – 21ක් මරුට  

0 comments

ඇෆ්ගනිස්තානයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග ඇෆ්ගනිස්තානයේ දී බස් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද සඳහන්.

ඔවුන් අතුරෙන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

බස් රථය හා ඉන්ධන බවුසරය එකිනෙක ගැටීමත් සමග ඉන්ධන බවුසරය ගිනිගෙන තිබෙනවා.

The post බස් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටෙයි – 21ක් මරුට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මරුට  

0 comments

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මිය ගොස් තිබෙනවා.

හමාස් නායක මාවන් ඊසා මෙසේ මිය ගිය බව ධවල මන්දිර නිලධාරී ජෙක් සුලිවර් පවසනවා.

හමාස් නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස ඔහු කටයුතු කළා.

ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වු දා සිට මිය ගිය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයා මොහුයි.

කෙසේ වෙතත් පලස්තීන හමාස් සටන්කාමීන් ඔහුගේ මරණය පිළිබද නිල වශයෙන් අදහස් දක්වා නැහැ.

මීට සතියකට පෙර මධ්‍යම ගාසා තීරයේ නුසෙයි රාට් සරණාගත කදවුරට පහලින් දිවෙන උමං මාර්ග පද්ධතියක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මිය ගිය බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

 

 

The post ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මරුට appeared first on ITN News.

Read More »

හඬන්නටවත් ශක්තියක් නැති දරුවන්  

0 comments

ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ළමයින් 13,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

අනෙකුත් දරුවන් ද දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් පවසන්නේ මාස ගණනාවක් තිස්සේ ගැටුම් පවතින ප්‍රදේශයේ සාගතයක් පවතින බැවින් දිවි ගලවා ගත් දරුවන්ට හඬන්නටවත් ශක්තියක් නොමැති බවයි.

ලෝකයේ වෙනත් කිසිදු ගැටුමක දී මෙන් නොව ගාසා තිරයේ ගැටුම් වලදී ළමුන් අතර මරණ අනුපාතය ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ගාසා හි මිලියන දෙකකට අධික පිරිසක් ආහාර නොමැති නිසා සාගතයකට මුහුණ දෙමින් සිටිනවා.

උතුරු ගාසා තීරයේ වයස අවුරුදු දෙකට අඩු ළමුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ.

The post හඬන්නටවත් ශක්තියක් නැති දරුවන් appeared first on ITN News.

Read More »

අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක්  

0 comments

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලට ඊයේ රාත්‍රියේ ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ගොඩබිම් මෙහෙයුම් වල නිරත ඊශ්‍රායල හමුදා එම රෝහලේ වැටලීමක් ද සිදු කළා.

එම ස්ථානයෙන් යුධ ටැංකි ප්‍රහාර හා දරුණු වෙඩි තැබීම් ද වාර්තා වුනා.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රධානියා සඳහන් කළේ වැටලීමේදී රෝහල අඛණ්ඩව ක්‍රියාත්මක වීමට බාධාවක් නොතිබූ බවයි.

රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත් වීමට දැනුම් නොදුන් බවයි ඔහු කියා සිටියේ.

පසුගිය නොවැම්බරයේ අල්-ෂිෆා රෝහල් වැටලීමේදී හමාස් සංවිධානය භාවිත කල උමං ජාලයක් හා ආයුධ ද සොයාගත්තා.

ගාසා ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200ක් පමණ මියගිය අතර පලස්තීන වැසියන් 31,300 කට වැඩි පිරිසක් මිය ගියා.

 

 

 

 

 

 

 

The post අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

Read More »

පුටින්ට විශිෂ්ට ජයක්  

0 comments

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර, එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබෙනවා.

ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි.

රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි.

The post පුටින්ට විශිෂ්ට ජයක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක්  

0 comments

හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.

ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වන විට මාස 5ක කාලයක් ගත වි තිබෙනවා.

කෙසේ වුව ද ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානය භාරයේ.

විරෝධතාකරුවන් ප්‍රාණඇපකරුවන්ගේ සේයා රූ අතැතිව විරෝධතාවයට එක්ව තිබුණි.

ඔවුන් පවසන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

විරෝධතාකරුවන්ගේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රමුඛ රජයට ද එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.

The post ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් appeared first on ITN News.

Read More »

රුසියා ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අදින් අවසන්  

0 comments

රුසියා ජනාධිපතිවරණයේ තුන්වන හා අවසාන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වුණා.

අද උදෑසන අටට ආරම්භ වු ඡන්ද ප්‍රකාශ කිරීම රාත්‍රී අටට අවසන් වීමට නියමිතයි.

සුළු සිද්ධි කිහිපයක් හැරුණු විට ජනාධිපතිවරණය සමස්තයක් ලෙස සාමකාමි බවයි මැතිවරණ නිරීක්ෂකයින් නිවේදනය කරන්නේ.

මෙවර ජනාධිපතිවරණයෙන් ද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 75%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් පහසු ජයග්‍රාහණයක් හිමිකර ගනු ඇති බවට විශ්ලේෂකයින් මත පළ කරනවා.

මෙවර මැතිවරණය අපේක්ෂයින් 4 දෙනෙකු ඉදිරිපත්ව සිටිය ද ඔවුන් කිසිවෙකු පුටින් ජනාධිපතිවරයාට ප්‍රබල අභියෝගයක් නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මැතිවරණයෙන් ජයග්‍රාහණය කරන අපේක්ෂකයා මැයි 7 වන දින ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

 

 

 

 

The post රුසියා ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අදින් අවසන් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරවලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මධ්‍යම ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් කුඩා දරුවන් කිහිප දෙනෙකු ඇතුළු 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි හමාස් සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

මේ අතර ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 13ක් ජබාලියා හා ගාසා නගරයන්ට පැමිණි බව සහන කණ්ඩායම් පවසනවා.

මාස 4ක කාලයකට පසු ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයට පැමිණි පළමු සහනාධාර තොගය මෙයයි.

අද උදෑසන නැවතවරක් සාමා සාකච්ඡා කටාර් රාජ්‍ය යේ මැදිහත්වීමෙන් ආරම්භවීමට නියමිත අතර දෙපාර්ශ්වය ඉක්මනින් එකගතාවයකට එළඹිය යුතු බවයි ජාත්‍යන්තර ප්‍රජාව පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post ඊශ්‍රායල ප්‍රහාරවලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි  

0 comments

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.

අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදායි.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

The post ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.

Read More »

රුසියාවේ ඡන්ද මධ්‍යස්ථානවල යකා නටයි  

0 comments

රුසියානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ පළමු දිනයේම ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදුණු පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රුසියානු බලධාරීහු පවසනවා.

ඡන්ද පෙට්ටිවලට කොළ පැහැ සායම් වත්කිරීම, පෙට්ටි පාගා දැමීම හා ඡන්ද මධ්‍යස්ථාන තුළ ගිනිකෙළි දැල්වීම වැනි සිදුවීම් ඒ අතර වන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ ඡන්දයෙන් පසු ව්ලැඩිමීර් පුටින් තවත් වසර හයක් බලයේ සිටීම නිසැක බවයි වාර්තා වන්නේ.

පුටින්ට අභියෝග කළ හැකි ප්‍රතිවාදියෙකු නොමැති බැවින් ජයග්‍රහණයේ ප්‍රතිඵලය ස්ථිර බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ඊයේ දිනය වන විට මොස්කව්හි ඡන්දය ප්‍රකාශ කිරීම 23% දක්වා ළඟා වූණා .

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Tass පවසන පරිදි, බොහෝ සිදුවීම් වාර්තා වී ඇත්තේ මොස්කව්, දකුණු රුසියාවේ වොරොනේශ් හා උතුරු කොකේසස්හි ප්‍රදේශ වලයි.

හෙට දිනය දක්වා දින තුනක් පුරා රුසියාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා.

 

 

The post රුසියාවේ ඡන්ද මධ්‍යස්ථානවල යකා නටයි appeared first on ITN News.

Read More »

හොංකොං නළු ග්‍රෙගරි වොන්ග් සිරගත කරයි  

0 comments

2019 වසරේ පැවති විරෝධතාවක් අතරතුර ව්‍යවස්ථාදායකයට කඩා වැදීම සම්බන්ධයෙන් හොංකොං නළු ග්‍රෙගරි වොන්ග් හා තවත් පුද්ගලයින් 11 දෙනෙකු සිරගත කර තිබෙනවා.

වොන්ග් වසර හයකට වැඩි කාලයක් සිරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අද හොංකොං හි දිස්ත්‍රික් උසාවියක් මෙම දීර්ඝ සිරදඬුවම් නියම කළා.

මේ අතර එම අවස්ථාවේදී නීති විරෝධී ලෙස ව්‍යවස්ථාදායක සභා ගර්භයට ඇතුළු වූ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දඩ නියම කර තිබෙනවා.

බොහෝ විත්තිකරුවන් කැරලි ගැසීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් කෙරුණා .

මෙම සිදුවීම 2019 ජූලි මාසයේදී සිදු වූ අතර, චීන ප්‍රධාන භූමියට මිනිසුන් පිටුවහල් කිරීමට ඉඩ සලසන මතභේදාත්මක නීතියක් සම්බන්ධයෙන් එම විරෝධතාව ඇති වුණා.

 

 

The post හොංකොං නළු ග්‍රෙගරි වොන්ග් සිරගත කරයි appeared first on ITN News.

Read More »

ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුළු උණ පැතිරෙයි  

0 comments

ඇන්ටාක්ටිකාවේ කලාප රැසකට කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් එහි පවතින පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇන්ටාක්ටිකාව පුරා කුරුලු උණ රෝගය එනම් H5N1 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වූයේ පසුගිය මාසයේ.

එතැන් පටන් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද ඉන් අනතුරුව වාර්තා වුණා.

මෙය මාරාන්තික තත්ත්වයක් වීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයින් මේ වනවිට අනාවැකි පළකර තිබෙනවා.

පර්යේෂකයින්ට අනුව අන්ටාක්ටිකාවෙන් පළමුවරට කුරුලු උණ වැලඳුණු කුරුල්ලන් හඳුනාගෙන ඇත්තේ ඇන්ටාක්ටිකා ප්‍රධාන භූමියෙනි.

එලෙස කුරුලු උණවැලදී තිබුණේ ස්කුවා මුහුදු ළිහිණියන් අතරයි.

The post ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුළු උණ පැතිරෙයි appeared first on ITN News.

Read More »

මානුෂීය ආධාර ‍රැගත් පළමු නෞකාව ගාසා තීරයට ළඟාවෙයි  

0 comments

ගාසා තීරයට මානුෂීය ආධාර ‍රැගත් පළමු නෞකාව ළඟා වුණා.

එය මේ වනවිට ගාසා තීරය ආසන්න මුහුදට ළඟා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයයි මෙම ආධාර ලබා දෙන්නේ.

අත්‍යවශ්‍ය ආහාර ටොන් 200 ක් රැගෙන ස්පාඤ්ඤයේ ඕපන් ආර්ම්ස් නෞකාව අඟහරුවාදා සයිප්‍රසයෙන් පිටත් වුණා.

ගුවන් හා ගොඩබිම් බෙදාහැරීම් දුෂ්කර බව තහවුරු වූ පසු, මුහුදු බෙදාහැරීම් ඵලදායී වේ දැයි බැලීම සඳහා අත්හදා බැලීමක් ලෙසයි මෙය ආරම්භය වුණේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සහයෝගීතාවයෙන් සහල්, පිටි, රනිල කුලයට අයත් බෝග, ටින් කළ එළවළු සහ ටින් කළ ප්‍රෝටීන් මෙම භාණ්ඩ තොගයට ඇතුළත්.

 

The post මානුෂීය ආධාර ‍රැගත් පළමු නෞකාව ගාසා තීරයට ළඟාවෙයි appeared first on ITN News.

Read More »

සරණාගතයින් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළීමෙන් 60 දෙනෙකු මරුට  

0 comments

ලිබියාවෙන් පළා එමින් සිටි සරණාගතයින් 60 දෙනෙකු පමණ මධ්‍යධරණී මුහුදේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

බෝට්ටුවේ ගමන් කරමින් සිටි සරණාගතයින් 25 දෙනෙකු පමණ බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.

ලිබියාවේ සිට ඉතාලිය බලා පලා එමින් සිටියදී කාන්තාවන් හා කුඩා දරුවෙකු ඇතුළු 60 දෙනෙකු පමණ මියගිය බවයි ඔවුන් පවසන්නේ.

ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් ඔවුන් මියගිය බව ජීවිත බේරාගත් පිරිස සදහන් කරනවා.

බේරාගත් පිරිසෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සහන කණ්ඩායම් පවසනවා.

ගමන් ආරම්භ කර දින 3කින් පමණ ඔවුන් ගමන් කළ බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වි තිබෙනවා. අනතුරුන ඔවුන් බේරාගන්නා තෙක් මුහුද මධ්‍යයයේ අතරමංව සිටි බවයි බේරාගත් සංක්‍රමණිකයින් පිරිස පවසන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post සරණාගතයින් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළීමෙන් 60 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 60 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ලගයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති 3ක කාලය තුලදී මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

අධික වර්ෂාපතනය හා හිම පතනය මෙම මරණයන්ට හේතුවී ඇති බව සදහන්.

වෙනත් වසරවල සීත සෘතුවේදී ඇෆ්ගනිස්ථානයට වියළි කාලගුණයක් පැවතියද මෙවර වැසි අධික කාලගුණ තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ලගයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්.

නිවාස 1700කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ගවයින් හා බැටලුවන් ඇතුළු සතුන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 60 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි  

0 comments

ලොව වැඩිම අවධානයක් යොමුවන ජනාධිපතිවරණයක් ලෙස සැලකෙන රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම  අද උදෑසන ආරම්භ වුණා.

මෙවර පැවැත් වෙන්නේ රුසියාවේ 8 වන ජනාධිපතිවරණයයි.

අද උදෑසන ආරම්භ වූ මැතිවරණය ලබන 17වනදා දක්වා දින 3ක කාලයක් පැවැත්වෙනවා.

මෙවර මැතිවරණයේදී ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබීමද විශේෂත්වයක්.

මැතිවරණයෙන් ජනාධිපති  ව්ලැඩිමීර් පුටීන් පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් 05 වන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා තේරීපත්වනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පල කරනවා.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 04 දෙනෙකු ඉදිරිපත්ව සිටියද ඔවුන් කිසිවෙකුගෙන් පුටීන් ජනාධිපතිවරයාට අභියෝගයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මැතිවරණයෙන්  ජයග්‍රහණය ලැබීමට නම් භාවිත චන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගත යුතු වනවා.

කිසිවකු එසේ ලබා නොගන්නේ නම් සති 3කට පසුව දෙවනවර ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙනවා.

ඒ සඳහා නම්කර ඇත්තේ අප්‍රේල් 7 වනදායි.

ජයග්‍රාහකයා ජනපතිධූරයේ පදවි ප්‍රාප්ත කිරීමේ දිනය යොදා ඇත්තේ මැයි 7 වනදාටයි.

මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එකොලොස් කෝටි හතලිස් දෙලක්ෂ දොලොස් දහස් හත්සිය තිස් හතරක්.

පුටින් ජනාධිපතිවරයා මෙවර 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති අපේක්ෂා කෙරෙනවා.

The post රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ලොව විශාලතම බ්ලූ බෙරි  

0 comments

ලොව විශාලතම බ්ලු බෙරි ඕස්ට්‍රේලියාවේ ගොවිපොළක වගා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බෙරි ගෙඩියක බර ග්‍රෑම් 20කට වඩා වැඩි වීම විශේෂත්වයක් වනවා.

විශාල ප්‍රමාණයේ බෙරි සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලීම ඉහළයාමත් සමඟ මෙම බ්ලු බෙරි වගාව සඳහා උනන්දු වූ බවයි ගොවිපොල හිමිකරුවන් පවසන්නේ.

මෙම බෙරි වර්ගය ගිනස් ලෝක වාර්තාවක් ද තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

 

 

 

The post ලොව විශාලතම බ්ලූ බෙරි appeared first on ITN News.

Read More »

රටවල් 6කට චීනයෙන් වීසා රහිත පහසුකම්  

0 comments

ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් හයෙහි සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයන් සඳහා, චීනය අද (14) සිට වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්තු පළමු වැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ වීසා රහිත එටවල් සංඛ්‍යාව යළිත් පුළුල්කිරීමක් ලෙසට මෙය සැලකෙනවා .

අදාළ ප්‍රතිපත්තිවලට අනුව, මෙම වසරේ මාර්තු 14 සිට නොවැම්බර් 30වැනිදා අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට ව්‍යාපාර, සංචාර , නෑදෑ හිතවතුන් බැලීම සඳහා දින 15කට නොවැඩි කාලයක් වෙනුවෙන් චීනයට පැමිණීමේදී , වීසා අයදුම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ

The post රටවල් 6කට චීනයෙන් වීසා රහිත පහසුකම් appeared first on ITN News.

Read More »

ගාසා තීරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි  

0 comments

ගාසා තීරයට අඛණ්ඩ ආධාර සැපයීමට යටත්ව තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ගාසා තීරයේ මානුෂිය අර්බුදය විසදීම සදහා ආධාර ලබාදීමේ අවශ්‍යතාව ජාත්‍යන්තරය අවධාරණය කරනවා.

එම පීඩනය හමුවේ ඊශ්‍රායල හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් ඩැනියල් හගාරි පැවසුවේ ආහාර බෙදා හැරීම සදහා ගොඩිබිම් මාර්ගයක් විවෘත කළ බවයි.

ආධාර රථ පෙළට ඒ ඔස්සේ ගාසා තීරයට ඇතුලු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායල ගැටුම් ආරම්භ වු දා සිට ගාසා තීරය සාගත අවධානමකට ලක්ව සිටිනවා.

මේ වන විට ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 31200ක පිරිසක් මිය ගොස් ඇති අතර ඊශ්‍රායලය මිය ගිය සංඛ්‍යාව 1200ක්.

 

 

 

 

 

 

 

The post ගාසා තීරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි appeared first on ITN News.

Read More »

සුඩාන යුද ගැටුම් ආහාර අර්බුදය තවත් උග්‍ර කරයි  

0 comments

සුඩාන යුද ගැටුම් ලොව විශාලතම ආහාර අර්බුදය තවත් උග්‍ර කර ඇති බව ලෝක ආහාර වැඩසටහන නිවේදනය කරනවා.

සුඩානය ලොව විශාලතම ආහාර අර්බුදයට මුහුණදී සිටින අතර එරට හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරී ඇති බවයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

මිලියන 25කට අධික ජනතාවක් ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම හේතුවෙන් පීඩාවට පත්ව  සිටිනවා.

සුඩානය , දකුණු සුඩානය හා චැඩ් රාජ්‍යයට ඔවුන් අයත්.

පසුගිය මාස දහයක කාලය පුරා එරට හටගෙන ඇති සිවිල් යුද ගැටුම් හේතුවෙන් ජනතාව තවදුරටත් අර්බුදයකට ඇදවැටී ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.

යුද ගැටුම් හේතුවෙන් සහනාධාර බෙදාහැරීමේ කටයුතු ද සියයට 90කින් පමණ ඇණහිට ඇතිබව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

එරට සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම මන්පෝෂණයෙන් පෙලෙන බවයි එම සංවිධානය තවදුරටත් පවසන්නේ.

 

 

The post සුඩාන යුද ගැටුම් ආහාර අර්බුදය තවත් උග්‍ර කරයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ලැබෙන මානුෂිය ආධාර ප්‍රමාණවත් නැහැ – යුරෝපා සංගමය  

0 comments

ගාසා ජනතාවගේ කුස ගින්න මේ වන විට අවියක් කර ගෙන ඇති බව යුරෝපා සංගමය නිවේදනය කරනවා.

ගාසා තීරයට ප්‍රමාණවත් තරම් මානුෂිය ආධාර නොලැබෙන බවයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා නිවේදනය කරන්නේ.

සයිප්‍රසයේ සිට ගාසා තීරය වෙත මානුෂිය ආධාර රැගත් නෞකාවක් පසුගිය දා පිටත්ව ගිය අතර එම ආධාර ගොඩබිම තුළ බෙදා හැරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව ඔහු පවසනවා.

ගාසා තීරයට ඊශ්‍රායලය අඛණ්ඩව සිදුකරන ප්‍රහාරයන් හමුවේ මානුෂිය ආධාර බෙදා හැරීම සිදුකිරීමට නොහැකි වී ඇති බවයි තවදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ගාසා තීරය හමාස්වරුන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා තමා අවසන් මොහොත වන තුරු සටන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

 

 

 

 

 

 

The post ගාසා තීරයට ලැබෙන මානුෂිය ආධාර ප්‍රමාණවත් නැහැ – යුරෝපා සංගමය appeared first on ITN News.

Read More »

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට හේතුව සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යයේ හටගෙන ඇති දේශපාලනික අස්ථාවරභාවය බවයි සඳහන් වන්නේ.

The post හයිටි අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගනී  

0 comments

වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

2019 වසරේ සම්මත කළ පුරවැසි සංශෝධන පනත ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයක් තිබිය දී ක්‍රියාවට නැංවීම විශේෂත්වයක්.

මෙම නීතිය මුස්ලිම් විරෝධි බවටයි චෝදනා එල්ල වන්නේ.

2019 වසරේ දී මෙම පනත සම්මත වීමත් සමග ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ කෙරුණු අතර විශාල පිරිසක් මිය ගොස් තවත් රැසක් පොලිස් අත්අඩංගුවට පත්වුවා.

මේ වන විට එලෙස පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති සකස් කර ඇති බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරන්නේ.

නව පුරවැසි සංශෝධන පනත හරහා පාකිස්තානය,  බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන රටවල වාසය කරන හින්දු,  සික්,  බෞද්ධ,  ජයින හා කිතුනු ආදී සුළුතර අන්‍යාගමිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

පීඩාවට පත්ව සිටින මුස්ලිම් නොවන අන්‍යාගමික සුළුතරයන්යට මෙය පිටුවහලක් වන බවයි ඉන්දීය රජය පෙන්වා දෙන්නේ.

අනවසර සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබානොදීම ද මෙම පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණක් වනවා. පුරවැසි සංශෝධන පනත මහ මැතිවරණයට පෙර ක්‍රියාවට නැංවීම භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් ද වනවා.

 

 

 

The post වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගනී appeared first on ITN News.

Read More »

ගුවන්යානය ගමන් කරන අතරේ නියමුවන් දෙදෙනාම විනාඩි 28 ක් නිදියලා  

0 comments

ඉන්දුනීසියාවේ ගුවන්යානයක නියමුවන් දෙදෙනාම විනාඩි 28 ක් නින්දට ගොස් ඇති බව සොයා ගැනීමෙන් පසු එම ගුවන් සේවය පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ බතික් එයාර් ගුවන් සේවයට අයත් ඒ 320 යානයක් ක්ෂණිකව ප්‍රධාන ගුවන් මාර්ගයෙන් ඉවතට පැන ගිය නමුත් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 153 දෙනාම නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට හැකිව තිබෙනවා.

32 හැවිරිදි එක් ගුවන් නියමයෙකු යානය ගුවන්ගත කර පැය බාගයකට පසු විවේකයක් අවශ්‍ය බව පවසමින් සහායක ගුවන් නියමුවාට එය භාරදී තිබෙනවා.

28 හැවිරිදි සහායක නියමුවා එයට එකඟ වී තිබෙනවා.

එහෙත් සහාය නියමුවාට නොදැනුවත්ව නින්දගොස් ඇති අතර අලුත උපන් නිවුන්දරුවන් රැක බලාගැනීමට උදව් උපකාර කිරීම හේතූවෙන් වෙහෙසට පත්වන සිටි බවයි ඔහු පවසා ඇත්තේ.

ගුවන්ගමන් පාලක මැදිරියට යානය සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර නියමුවන් දෙදෙනා ඇහැරෙන විට කෙටි වේලාවක් යානය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව සොයා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේ නිරුපද්‍රිතව ගොඩ බස්සවා තිබෙනවා.

The post ගුවන්යානය ගමන් කරන අතරේ නියමුවන් දෙදෙනාම විනාඩි 28 ක් නිදියලා appeared first on ITN News.

Read More »

ජෝන් සීනා නිරුවතින්  

0 comments

96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, ජනප්‍රිය හොලිවුඩ් නළු ජෝන් සීනා හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට වේදිකාවට පැමිණි ආකාරය දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් .

The post ජෝන් සීනා නිරුවතින් appeared first on ITN News.

Read More »

96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹේ – හොඳම චිත්‍රපටය “ඔපන්හයිමර්”  

0 comments

96 වන  ඇකඩමි සම්මාන උළෙල අද උදෑසන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි තියටර් හිදී ආරම්භ වුණා.

මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමි කර ගත්තේ ඕපන්හයිමර් චිත්‍රපටයයි.

96 වන ඔස්කා සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය ඕපන්හයිමර් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කිලියන් මර්පිට හිමිවුනා.

ඕපන්හයිමර් චිත්‍රපටය ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 13ක් සදහා නිර්දේශ වූ අතර හිමිකරගත් සම්මාන සංඛ්‍යාව 07 ක්.

 

 

 

 

The post 96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹේ – හොඳම චිත්‍රපටය “ඔපන්හයිමර්” appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ප්‍රහාරවලින් හූති ඩ්‍රෝන යානා රැසක් විනාශ වෙයි  

0 comments

ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා එක්ව සිදුකල ප්‍රහාරයන්ගෙන් හූති ඩ්‍රෝන යානා රැසක් විනාශ කිරීමට සමත්ව තිබෙනවා.

යේමන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී හූති ප්‍රහාර මාලාවක් මැඩපැවැත්වූ බව ඇමෙරිකා , බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා පවසනවා.

රතු මුහුදට ඉහළ ගුවනේදී  නියමුවන් රහිත ඩ්‍රෝන යානා 28 ක් බිම හෙළූ බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

රතු මුහුදේ ගමන් ගන්නා වෙළඳ නෞකාවලට තර්ජනයක් එල්ලවිය හැකි බවට නිර්ණය කිරීමෙන් පසුව ප්‍රහාරය එල්ල කල බව ඇමෙරිකා හමුදා සඳහන් කරනවා.

ප්‍රොපල් ෆෝචූන් නම් වෙළඳ නෞකාව හා ඇමෙරිකා ප්‍රහාරක නෞකා ගණනාවක් ඉලක්ක කර මෙහෙයුම සිදුකල බවයි හූතිවරු ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ.

ඇමෙරිකා මධ්‍යම අණදෙන නිලධාරියා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඇමෙරිකාවේ හෝ ඒකාබද්ධ හමුදා නෞකාවන්ට හානි සිදුවී නොමැති අතර කිසිදු වාණිජ නෞකාවකට හානි වූ බවට වාර්තා වී නොමැති බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පලස්තීනුවන්ට  සහයෝගය දක්වමින් හූතිවරු නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ සහ ඒඩන් බොක්ක කලාපයේදී බටහිර රටවල නෞකාවන්ට පහර දීම ආරම්භ කළා.

 

The post ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ප්‍රහාරවලින් හූති ඩ්‍රෝන යානා රැසක් විනාශ වෙයි appeared first on ITN News.

Read More »

ආගමට අපහාස වන ආකාරයට පණිවිඩ හුවමාරු කළ පකිස්ථානයේ සිසුවෙකුට මරණ දණ්ඩනය  

0 comments

Whatsapp හරහා ආගමට අපහාස වන ආකාරයේ පණිවිඩ හුවමාරු කිරීමේ චෝදනාවක් මත පකිස්ථානයේ සිසුවෙකුට එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

පකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) මඟින් මෙම 22 හැවිරිදි සිසුවාට එරෙහිව 2022 වසරේ දී නඩු පවරා තිබෙන අතර, එම නඩුවට අදාළව 17 හැවිරිදි තවත් සිසුවෙකුටද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

එහිදී එම 17 හැවිරිදි සිසුවාට මරණ දණ්ඩනය හිමි නොවී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු බාල වයස්කරුවෙකු නිසා බවයි වාර්තා වන්නේ.

එරට දෙවියන් ඇතුළු ආගමට අදාළ යැයි සැලෙකන දෑ වෙත අගෞරවයක් වන පරිදි ක්‍රියා කිරීම හෝ ඒ සම්බන්ධව අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවයි පැවසෙන්නේ.

එම සිසුන්ගේ දෙමාපියන් මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකශ කර තිබෙනවා.

The post ආගමට අපහාස වන ආකාරයට පණිවිඩ හුවමාරු කළ පකිස්ථානයේ සිසුවෙකුට මරණ දණ්ඩනය appeared first on ITN News.

Read More »

පාකිස්තානයට නව ජනාධිපතිවරයෙක්  

0 comments

පාකිස්තානයේ නව ජනාධිපතිවරයා ලෙස අසීෆ් අලි සර්දාරි පත්ව තිබෙනවා.

ඔහු පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූ දෙවන අවස්ථාව මෙයයි.

පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනය කළේ සර්දාරි ඡන්ද 411 ක් ලබාගෙන ඇති බවයි.

ඔහුගේ ප්‍රතිවාදය වූ සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සහාය දක්වන මෙහ්මූඩ් ඛාන් හිමිකරගෙන ඇත්තේ ඡන්ද 181ක් පමණයි.

අලි සර්දාරි මීට පෙර පාකිස්තානයේ 11 වන ජනාධිපතිවරයා ලෙස 2008 වසරේදී තේරී පත්වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශීය සභාවල ඡන්දයකින් පාලක පක්ෂයේ සහාය ඇතිවයි සර්දාරි මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙන්නේ.

 

 

 

 

 

The post පාකිස්තානයට නව ජනාධිපතිවරයෙක් appeared first on ITN News.

Read More »

පලස්තීන සරණාගතයින් සඳහා නැවත අරමුදල් සැපයීමට කැනඩාව තීරණය කරයි  

0 comments

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයට අරමුදල් සැපයීම නැවත ආරම්භ කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධ බව සොයාගැනීමෙන් පසු පලස්තීන සරණාගතයින්ට  ආධාර ලබාදීම අත්හිටුවන බව කැනඩාව නිවේදනය කළා.

එම නියෝජිත ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඊශ්‍රායල ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු පලස්තීනයට අරමුදල් නැවැත්වීමට කැනඩාව ඇතුළු රටවල් 16ක් පියවර ගත්තා.

කෙසේ වුවද කැනේඩියානු ප්‍රකාශකයෙකු  කියා සිටියේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන අතරතුර අරමුදල් ලබාදීම නැවත ආරම්භ කරන බවයි.

චෝදනාව සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශන ක්‍රියාවලිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද  ඔහු පවසනවා.

මීට අමතරව ගාසා තීරයට ආධාර ගුවනින් ලබාදීමට භාවිතා කළ හැකි භාණ්ඩ පැරෂුට් 300 ක් පමණ ජෝර්දානයට  පරිත්‍යාග ලෙස ලබාදීමටද කැනඩාව තීරණය කර තිබෙනවා.

 

The post පලස්තීන සරණාගතයින් සඳහා නැවත අරමුදල් සැපයීමට කැනඩාව තීරණය කරයි appeared first on ITN News.

Read More »

දරුණු කෝමා තත්ත්වයකට පත්ව වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන නිල් චිත්‍රපට නිලිය  

0 comments

පසුගිය පෙබරවාරි මස 05 වැනිදා ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන එමිලි විලිස් (Emily Willis) රෝහල්ගත කෙරිණ.

ඒ මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන්.

25 හැවිරිදි ඇය දරුණු කෝමා තත්ත්වයකට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වනවිට ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන බව ඇයගේ පවුලේ ඥාතීන් පවසනවා.

එමෙන්ම ඇය මේ වනවිට කිසිඳු ආකාරයකින් සංවේදීතාවයක් හෝ ප්‍රතිචාරයක් නොදක්වන බව සඳහන් වේ.

ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින නිසා ඇයව බේරාගැනීමේ අරමුණීන් GoFundMe නමින් ආධාර එකතුකිරීමේ අරමුදලක් ද පිහිටුවා තිබෙනවා.

කෙසේ වෙතත්, එම අරමුදල මේ වනවිටත් ඩොලර් 32,500 කට ආසන්න මුදලක් රැස් කර ඇති බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ ය.

The post දරුණු කෝමා තත්ත්වයකට පත්ව වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන නිල් චිත්‍රපට නිලිය appeared first on ITN News.

Read More »

ටික්ටොක් තහනම් කළ හැකි පනතක් ඇමෙරිකාවේ ඉහළ පෙළේ කමිටුවක් අනුමත කරයි  

0 comments

ටික්ටොක් තහනම් කළ හැකි පනත් කෙටුම්පතක් ඇමෙරිකාවේ ඉහළ පෙළේ කමිටුවක් මගින් අනුමත කර තිබෙනවා.

එමගින් සියලු ඉලෙක්ට්‍රොනික් උපාංග සඳහා ටික්ටොක් භාවිතය වෙනුවෙන් තහනමක් පැනවිය හැකියි.

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් දළ වශයෙන් ඇමෙරිකානුවෙන් මිලියන 170කට අධික පිරිසක් භාවිත කරනවා.

අදාළ පනත් කෙටුම්පත මගින් ටික්ටොක් ඉවත් කිරීමට කාලයක් ලබාදෙන අතර එසේ ඉවත් නොකළහොත් ඇපල් සහ ගූගල් වැනි සමාගම්වලට එය බාගත කරගත හැකිවනු ඇති.

විදේශීය විරුද්ධවාදී සමාගම් විසින් පාලනය කරනු ලබන වෙනත් යෙදවුම් සඳහා ද එවැනිම තහනමක් පැනවීමට මෙම පනත් කෙටුම්පතෙන් අවස්ථාව සැලසෙනවා.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතට එරෙහවූවන් පවසන්නේ මෙය මිලියන 170ක් වූ ඇමෙරිකානුවන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරන්නක් බවයි.

 

 

 

The post ටික්ටොක් තහනම් කළ හැකි පනතක් ඇමෙරිකාවේ ඉහළ පෙළේ කමිටුවක් අනුමත කරයි appeared first on ITN News.

Read More »

හදිසි නීතිය ක්‍රියාත්මක වුවද හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත්  

0 comments

හදිසි නීතිය ක්‍රියාත්මක වුවද හයිටියෙහි ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හයිටි අගනුවර ප්‍රධානතම බන්ධනාගාරයට සන්නද්ධ කැරළිකරුවන් කඩාවැදී සිරකරුවන් දහස් ගණනක් මුදා ගැනීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරුණා.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ලක්ෂ තුනකට අධික පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වනවා.

මේ වනවිට හයිටියේ ප්‍රධාන වරාය පර්යන්තයට ද කැරළිකරුවන් කඩාවැදී සිටින බව වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව දැනට පවතින හදිසි තත්ත්වය අප්‍රේල් 3 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඇඳිරිනීතිය ද අනිද්දා දිනය තෙක් දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

 

 

 

 

The post හදිසි නීතිය ක්‍රියාත්මක වුවද හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් appeared first on ITN News.

Read More »

ජෝ බයිඩ්න් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් දේශනයක් පවත්වා තිබෙනවා.

රුසියාව සහ නේටෝව පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතයන්  දැඩි විවේචනයට ලක් කරන අතර ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එහිදී සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමන් නැවත තේරී පත්වුවහොත් ගබ්සා කිරීමේ අයිතිවාසිකම රට පුරා ක්‍රියාත්මක කරන බව ජෝ බයිඩ්න් මෙහිදී පවසා තිබෙනවා.

ගබ්සා කිරීමේ අයිතිවාසිකම්  සඳහා සටන් කළ කාන්තාවන් මෙන්ම ඒ පිළිබඳ වාර්තා කළ වාර්තාකරුවෙකු සිරගත කිරීමත් හමාස් සංවිධානය මගින් ප්‍රාණඇපයට ගත් පවුල් සම්බන්ධයෙනුත් ජෝ බයිඩ්න් සිය දේශනයේ දී අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ආර්ථිකය පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකාවේ පුනරාගමනය, ඇමෙරිකා හැකියාවන්ගේ අනාගතයක් ගොඩනැගීම තුළින් සිදු කරන බව ද ජෝ බයිඩ්න් පවසා තිබෙනවා.

 

 

The post ජෝ බයිඩ්න් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹයි appeared first on ITN News.

Read More »

යුද්ධයකට සූදානමින් සිටින ලෙස කිම් ජෝන් උන්ග් එරට හමුදාවන්ට නියෝග කරයි  

0 comments

යුද්ධයකට සූදානමින් සිටින ලෙස උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ග් එරට හමුදාවන්ට නියෝග කර තිබෙනවා.

උතුරු කොරියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මෙහෙයුම් කඳවුරක භට පිරිස් පරීක්ෂා කිරිමෙන් අනතුරුවයි ඔහු මෙම නියෝගය සිදුකර තිබෙන්නේ.

උතුරු කොරියා නායකයාගේ මෙම ප්‍රකාශය නිවේදනය කර ඇත්තේ එරට රජයේ මධ්‍යම පුවත් ඒජන්සිය මගින් බවයි අල්ජසිරා පුවත් සේවය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් උතුරු කොරියා නායකයා මෙම යුද හමුදා කඳවුරේ සංචාරය සිදුකර ඇත්තේ ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධව සිය වාර්ෂික මහා පරිමාණ යුද අභ්‍යාසය සිදුකරමින් සිටියදී වීම විශේෂත්වයක්.

මෙම යුද අභ්‍යාස හෙළා දකිමින් උතුරු කොරියා නායකයා තවදුරටත් පවසා ඇත්තේ පවත්නා අවශ්‍යතාවන්ට අනුකුලව යුද සුදානම ඉහළ නැංවීමට සූදානම් විය යුතු බවයි.

අපගේ හමුදාව පරිපුර්ණ යුද සූදානමක් සඳහා සටන් හැකියාවන් සිඝ්‍රයෙන් වැඩි දියුණු කිරීම ඉලක්ක කරගත් සැබෑ යුද අභ්‍යාස ක්‍රමානුකුලව තීව්ර කළ යුතු බව ද ඔහු පවසා තිබෙනවා.

උතුරු කොරියාව මේ වසරේ දී දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් ද සිදුකර තිබෙනවා.

 

 

The post යුද්ධයකට සූදානමින් සිටින ලෙස කිම් ජෝන් උන්ග් එරට හමුදාවන්ට නියෝග කරයි appeared first on ITN News.

Read More »

මෝදි කාශ්මීරයේ සංචාරයකට සූදානම්  

0 comments

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයේ ප්‍රථම වරට සංචාරයක නිරත වීමට නියමිතයි.

මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට සති කිහිපයක් තිබියදී මෙම සංචාරය යොදා ගැනීම විශේෂත්වයක් වනවා.

කාශ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහි සන්නද්ධ කැරළි වලින් 1980 ගණන් වල සිට ජිවිත දසදහස් ගණනක් බිලි වී තිබෙනවා.

නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ පොරොන්දුවක් වුයේ කාශ්මිර කලාපයේ අර්ධ ස්වාධීනත්වය අවලංගු කිරීමයි.

ඒ අනුව 2019 දී ඔහු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ විගසම එය ප්‍රකාශයට පත් කළා.

ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ඒ අනුව තමන්ගේ ධජයක් තිබිමේ අයිතිය ඇතුලු සැලකිය යුතු ස්වයං පාලනයක් ලබාදී තිබෙනවා.

බහුතරයක් මුස්ලිම්වරුන් සිටින ඉන්දියාවේ එකම ප්‍රාන්තය ජම්මු කාශ්මීර ප්‍රාන්තයයි.

කාශ්මිරයට පැමිණෙන මෝදී මහතා පිළිගැනීමට එරට වීදි පිරිසිදු කර පිළිගැනීමේ දැන්වීම් පුවරු ද සවිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෝදි මහතා ජනතාව අමතන ක්‍රීඩාංගනය අවට ආරක්ෂක නිලධාරීන් දහස් ගණනක් යොදවා ඇති බව ද වාර්තා වනවා.

 

 

 

The post මෝදි කාශ්මීරයේ සංචාරයකට සූදානම් appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ සාගින්නෙන් පෙලෙන දරුවන් සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

ගාසා තීරයේ සාගින්නෙන් පෙලෙන දරුවන් සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

දරුවන් 20 දෙනෙකු මේ වන විටත් සාගින්නෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මන්දපෝෂණය හා විජලනය හේතුවෙන් මෙම මරණ සිදුව තිබෙනවා.

දරුවන්ට කුසගින්න හේතුවෙන් රෝහල්වලට පවා ගමන් කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය අවම කිරීම සදහා වහාම සටන් විරාමයකට යා යුතු බවට බොහෝ පාර්ශව බලපෑම් කරනවා.

 

 

 

 

 

 

 

The post ගාසා තීරයේ සාගින්නෙන් පෙලෙන දරුවන් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

Read More »

නොමේරු දරු උපත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි  

0 comments

දේශගුණික විපර්යාස හේතුවෙන් නොමේරු දරු උපත් සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇති වන අධික උෂ්ණත්වයත් සමග නොමේරු දරු උපත් අවදානම 60%කින් පමණ ඉහළ යා හැකි බවයි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් සඳහන් කරන්නේ.

ලොවපුරා රටවල් රැසක සිදු කළ සෞඛ්‍ය අධ්‍යයනයන් 163ක් පාදක කර ගනිමින් ඔවුන් මේ බව සඳහන් කරනවා.

වර්තමානයේ ගෝලීය ජනගහනයෙන් මිලියන 600ක් ජිවත් වන්නේ මානව වර්ගයාගේ පැවැත්ම සඳහා සුදුසු උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් පවතින කලාපවලයි.

මෙම සියවස අවසන් වන විට එම සංඛ්‍යාව බිලියන 3ක් පමණ වනු ඇති බවටයි ඔවුන් අනාවැකි පළ කරන්නේ.

එමෙන්ම අධික උෂ්ණත්වයත් සමඟ අඩු උපත් බර / ගර්භනි වයස වෙනස්වීම / නොමේරු පටල විනාශ වීම හා ගැබ්ගැනීම් අඩුවීම වැනි සංකුලතා ද ඇති විය හැකි බව එම විද්‍යාඥයින් කණ්ඩායම පෙන්වා දෙනවා.

 

 

 

The post නොමේරු දරු උපත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

මැයි 10න් පසු ඉන්දීය හමුදා සාමාජිකයන්ට මාලදිවයින තුළ රැඳී සිටිය නොහැකි බව මාලදිවයින් ජනපති පවසයි  

0 comments

මැයි 10 වන දිනෙන් පසු ඉන්දීය හමුදාවේ කිසිඳු සාමාජිකයෙකුට මාලදිවයින තුළ රැඳී සිටිය නොහැකි බව මාලදිවයින ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

හමුදා නිල ඇඳුමෙන් තොරව සිවිල් ඇඳුමෙන් හෝ ඉන්දිය සෙබළුන්ට මාලදිවයින තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බව ජනාධිපති මොහොමඩ් මුයිසු පවසනවා.

තමා මෙය දැඩි ස්ථාවරයක සිට නිවේදනය කරන බවයි මාලදිවයින ජනාධිපතිවරයා පවසන්නේ.

චීනය සමග ආරක්ෂක සහයෝගීතාව ඉහළ දැමීමේ අරමුණින් ද්විපාර්ශික ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ජනාධිපති ධුරය සඳහා මොහොමඩ් මුයිසු තේරීපත් වීමත් සමඟ ඉන්දියාව හා පැවති සබඳතා අත්හිටුවා චීනය මාලදිවයිනට ලන්කර ගැනීමට පියවර ගත්තා.

ඒ සමඟයි ඉන්දියාවේ හමුදා සෙබළුන් මාලදිවයිනෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන්නේ.

 

 

 

 

 

 

 

 

The post මැයි 10න් පසු ඉන්දීය හමුදා සාමාජිකයන්ට මාලදිවයින තුළ රැඳී සිටිය නොහැකි බව මාලදිවයින් ජනපති පවසයි appeared first on ITN News.

Read More »

උතුරු ගාසා ප්‍රදේශයට සහනාධාර රැගෙන යමින් සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හරවා එවයි  

0 comments

උතුරු ගාසා ප්‍රදේශයට සහනාධාර රැගෙන යමින් සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හරවා එවීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා.

උතුරු ගාසා තීරයට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ සාමාජිකයින්ට ඇතුලු වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ ඉඩ ලබාදී නොමැති අතර පෙබරවාරි මාසයෙන් පසු එම ප්‍රදේශයට සහනාධාර රැගෙන ගිය පළමු අවස්ථාවද මෙය වනවා.

ගාසා තීරය මුහුණ දී සිටින සාගත තත්ත්වය පාලනය කිරීම සඳහා උතුරු ගාසා ප්‍රදේශයට සහනාධාර ලබාදීම අනිවාර්ය බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

සටන් විරාම එකගතාවකට එළඹීම මේ මොහොතේ අනිවාර්ය වුව ද එහි තීරණය ඊශ්‍රායලය සතු බවයි හමාස් සංවිධානය නිවේදනය කරන්නේ.

මෙවැනි බාධා කිරීම් සටන් විරාමයට තවදුරටත් බාධා එල්ල කිරීමක් පමණක් වන බව ද ඇමෙරිකාව නිවේදනය කරනවා.

මේ අතර ලේබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු හා ඔහුගේ බිරිඳ මෙන්ම කුඩා දරුවා ද ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසිරා පුවත් සේවය නිවේදනය කරනවා.

 

 

 

The post උතුරු ගාසා ප්‍රදේශයට සහනාධාර රැගෙන යමින් සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හරවා එවයි appeared first on ITN News.

Read More »

තද වැස්ස නිසා ජීවිත 35ක් අහිමි වෙයි  

0 comments

පාකිස්තානයට බලපෑ ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකුට ජීවිත අහිමිවි තිබෙනවා.

වයඹ දිග පාකිස්තානයට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

නායයෑම් හා ගොඩනැගිලි කඩා වැටීම් රැසක් ද වාර්තා වනවා. පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වීමත් සමග සහන කටයුතු සැපයීමට බාධා එල්ල වී ඇති බව ද සඳහන්.

දසදහසක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර නිවාස 700කට පමණ හානි සිදුව තිබෙනවා.

අවතැන් වූ පිරිස් වෙත ටොන් 28ක පමණ ආහාර බෙදා හැරීමටයි පාකිස්තාන හමුදාව කටයුතු කර ඇත්තේ.

 

 

 

The post තද වැස්ස නිසා ජීවිත 35ක් අහිමි වෙයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ නව අගමැති ලෙස ෂෙබාස් ෂරීෆ් දිවුරුම් දෙයි  

0 comments

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් දිවුරුම් දුන්නා.

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට ෂෙබාස් ෂරීෆ් පත්වු දෙවන අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් නොමැතිව සති කිහිපයක් ගතවීමෙන් අනතුරුව නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ සභාග රජයක් පිහිටුවීම සදහා එකඟතාවයකට පැමිණියා.

එම රජයේ අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම නවාස් ෂරීෆ් ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුවෙන් ඔහුගේ සොහොයුරුට දෙවන වරටත් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරය හෙබවීමට අවස්ථාව හිමිවූවා.

ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ජනාධිපති කාර්යාලයේ දී ධුරයේ දිවුරුම්දීම සිදුකෙරුණු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු රාජකාරිය වී තිබුණේ රජයේ ආර්ථික කළමනාකරණ කමිටුව හමුවීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර විස්ථීරණ ණය පහසුකම් ලබාගැනීමට සම්බන්ධයෙන් එකගතාවකට පැමිණෙන ලෙස ඔහු මෙහිදී දැනුම් දී තිබෙනවා.

 

 

 

 

 

The post පාකිස්තානයේ නව අගමැති ලෙස ෂෙබාස් ෂරීෆ් දිවුරුම් දෙයි appeared first on ITN News.

Read More »

උතුරු ගාසා ප්‍රදේශයේ දරුවන් කුසගින්නෙන් මරණයට පත් වන බව WHO කියයි  

0 comments

උතුරු ගාසා ප්‍රදේශයේ කුඩා දරුවන් කුසගින්නෙන් මරණයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටේඩ්රෝස් ඇඩ්හ්නෝම් සදහන් කරන්නේ පසුගිය සති අන්තයේ දී සංවිධානයේ නියෝජිතයින් කමල් අද්වාන් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු සිදුකෙරුණු එම නිරීක්ෂණයෙන් ගාසා තීරයේ ඛේදනීය තත්ත්වය දැකගත හැකි වු බව ඔහු පවසනවා.

ආහාර නොමැති වීම හේතුවෙන් කුඩා දරුවන් 10 දෙනෙකු මිය යන ආකාරය ඔවුන්ට දැක ගත හැකි වු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සදහන් කරන්නේ.

මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර රෝහල් ගොඩනැගිලි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

 

The post උතුරු ගාසා ප්‍රදේශයේ දරුවන් කුසගින්නෙන් මරණයට පත් වන බව WHO කියයි appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට ගෙදරම යන්න වෙන ලකුණු  

0 comments

වැඩවර්ජන අර්බුදය උග්‍රවීමත් සමග දකුණු කොරියාවේ වෛද්‍යවරුන් දහස් ගණනකගේ බලපත්‍ර අත්හිටුවන බවට එරට රජය අනතුරු අඟවා තිබෙනවා.

වෛද්‍ය විද්‍යාලවලට සිසුන් වැඩි පිරිසක් බඳවා ගැනීමට දකුණු කොරියා රජය සැළසුම් කිරීමත් සමග වෛද්‍යවරුන් නව දහසක් සති දෙකක කාලයක සිට සේවයෙන් ඉවත්ව සිටිනවා.

ඒ සමග සැත්කම් හා හදිසි ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල වුණා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ අද දිනයේදී වෛද්‍යවරුන් නැවත සේවයට පැමිණ සිටී ද යන්න පිළිබද සොයා බලන බවයි.

රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු තවදුරටත් කියා සිටියේ සේවට පැමිණෙන්නේ නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අහෝසි කරන බවයි.

වෛද්‍යවරුන් පවසන්නේ රජය වෛද්‍ය සිසුන් සංඛ්‍යාව වැඩිකිරීමට පෙර දැනට සේවයේ සිටින වෛද්‍යරුන්ගේ වැටුප් ඇතුළු වෙනත් පහසුකම් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත් එරට වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 2000 කින් වැඩි කළ යුතු බව දකුණු කොරියා රජය පවසනවා.

එරට පුද්ගලයින් 1000 කට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව 2.6 ක් වන අතර එය සංවර්ධිත රටවලින් අඩුම අනුපාතය ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The post දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට ගෙදරම යන්න වෙන ලකුණු appeared first on ITN News.

Read More »

හයිටි රාජ්‍යයේ සිරගෙදරකට සන්නද්ධ කණ්ඩායමක් කඩාවදී  

0 comments

හයිටි රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන බන්ධනාගාරයට සන්නද්ධ කල්ලි කඩා වැදි සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කර ගෙන තිබෙනවා.

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ප්‍රධාන බන්ධනාගාරයේ හි සිරකරුවන් 4000ක් පමණ රදවා සිටියා. සන්නද්ධ කල්ලි කඩා වැදීමත් සමග ඉන් බහුතරයක් මේ වන විට පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් 2021 දී එරට ජනාධිපති මොයිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු කල්ලි සාමාජිකයන් යළි අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

හයිටියේ ප්‍රධාන බන්ධනාගාරයේ දොරවල් තවමත් විවෘතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකා කලාපයේ දුප්පත්තම රට වන හයිටියේ අගමැති බලයෙන් පහ කිරිමේ අරමුණෙන් එක්ව සිටින කල්ලි අගනුවරින් 80%ක්ම පාලනය කරනවා.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මිය ගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

2022 ජනාධිපති මොයිස්ගේ ඝාතනයෙන් පසු ජනාධිපතිවරයෙකු තවමත් පත්කර නැහැ. 2016 සිට එරට මැතිවරණයක් ද  පවත්වා නැහැ.

ජගත් සංවිධානය පවසන්නේ පසුගිය වසරේ හයිටියේ කල්ලි ප්‍රචන්ඩත්වයට පුද්ගලයින් 8400කට වැඩි පිරිසක් ගොදුරු වි ඇති බවයි.

 

 

*** අශෝකා / සුපුනි / 9.16

 

 

 

 

The post හයිටි රාජ්‍යයේ සිරගෙදරකට සන්නද්ධ කණ්ඩායමක් කඩාවදී appeared first on ITN News.

Read More »

වොෂින්ටන් ප්‍රාන්තයේ ජය නිකි හේලිට  

0 comments

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සටනේ වොෂින්ටන් ප්‍රාන්තය සඳහා පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට නිකි හේලි සමත්වුණා.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සටනේ දී නිකි හේලි ලැබු ප්‍රථම ජයග්‍රහණය මෙයයි.

ඇයගේ ප්‍රාන්තය වන දකුණු කැරෝලිනා ප්‍රාන්තය ද ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ ඇය පරාජයට පත්වුණා.

වෝෂින්ටන් ප්‍රාන්තයෙන් ලැබු ජයග්‍රහණයත් සමග ජනාධිපති අපේක්ෂකත්ව සටන සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි බවයි නිකි හේලි පවසන්නේ.

කෙසේ වුව ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකත්ව සටනේ නිකි හේලිට වඩා ඉදිරියෙන් පසුවනවා.

 

 

 

 

 

 

The post වොෂින්ටන් ප්‍රාන්තයේ ජය නිකි හේලිට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හිම කුණාටුවලින් දැඩි බලපෑම්  

0 comments

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හිම කුණාටුවලින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

හිම කුණාටු හේතුවෙන් බටහිර ඇමෙරිකාවේ කැලිෆෝනියා හා නේවාඩා යන ප්‍රාන්තයන්හි සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙලා.

ප්‍රධාන මාර්ග රැසක් වසා දමා ඇති අතර නිවාස දහස් ගණනකට විදුලි බලය නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නේවාඩා ප්‍රාන්තයට පැයට කිලෝ මීටර 300 ඉක්මවූ සුලි කුණාටුවකින් ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

නේවාඩා හි නිවාස 33000කට අධික සංඛ්‍යාවකට හා කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවාස 24000කට පමණ විදුලි බලය නොමැති බව ද සඳහන්.

ප්‍රාන්ත දෙක අතර දිවෙන අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 75ක පමණ දුරක් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කඳුකර ප්‍රදේශයන් හි හිම පතනය මිටර 3 ඉක්මවා ඇති බවයි ඇමෙරිකා ජාතික කාලගුණ සේවය නිවේදනය කරන්නේ.

 

 

The post ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හිම කුණාටුවලින් දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

ඉක්මන් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඊශ්‍රායලයේ විරෝධතා  

0 comments

ඉක්මන් මැතිවරණයක් පවත්වන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින් ටෙල්අවිව් අගනුවර විරෝධතා පැවැත්වෙනවා.

ඊශ්‍රයාල රජය විසුරුවා හැර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි විරෝධතාකරුවන් පවසන්නේ.

හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට රජය අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම තවත් විරෝධතාකරුවන් කණ්ඩායමක් ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් ජෙරුසලම වෙත විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.

සටන් විරාමයකට එළඹ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ඊශ්‍රායල රජයට එල්ල වන පීඩනය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් මිය ගොස් ඇති සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 30300කට අධිකයි.

7000ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති අතර 70000කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

The post ඉක්මන් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඊශ්‍රායලයේ විරෝධතා appeared first on ITN News.

Read More »

තවත් ප්‍රාන්ත 3ක ජය ට්‍රම්ප්ට  

0 comments

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනිමේ සටනේ දී තවත් ප්‍රාන්ත 3ක ජයග්‍රහණය හිමිකර ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්වුණා.

මිචිගන් , මිසුරි හා  අයිඩාහෝ යන ප්‍රාන්තයන් හි රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා බවට ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පත්වනවා.

ඔහුගේ එකම ප්‍රතිවාදියා වන නිකි හේලි පහසුවෙන් පරාජයට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදි සමත්වුණා.

ඒත් සමඟම රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ තරගයේ තවදුරටත් ඉදිරියට පැමිණීමට හිටපු ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා.

පක්ෂ දෙකේම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සුවිශේෂි සටනක් ලබන අගහරුවාදා දින පැවැත්වීමට නියමිත අතර එහිදි ප්‍රාන්ත 15ක් එම තරගයට එක් වනවා.

 

 

 

 

 

The post තවත් ප්‍රාන්ත 3ක ජය ට්‍රම්ප්ට appeared first on ITN News.

Read More »

අමෙරිකාවෙන් ගාසා තීරයට ආහාර  

0 comments

අමෙරිකානු යුද ගුවන්යානා ගාසා තීරයට ගුවනින් ආහාර මලු හෙළා තිබෙනවා.

C-130 යානා තුනක් යොදාගෙන මෙසේ ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බවයි අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් මියයෑමෙන් පසුවයි  ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.

හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් එම පිරිසට ප්‍රහාරයක් එල්ලකළ බවයි.

The post අමෙරිකාවෙන් ගාසා තීරයට ආහාර appeared first on ITN News.

Read More »

ළඟදීම ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ හැකියි  

0 comments

ගාසා තීරයේ ළඟදීම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ හැකි බවට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වීශ්වාසය පළ කරනවා.

රූපවාහිනී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ලබන සඳුදා මෙසේ සටන් විරාමයකට පැමිණිය හැකි බවටයි ඇමෙරිකා ජනාධිපතිරයා විශ්වාසය පළ කළේ.

සටන් විරාමයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ගාසා තීරයේ සිදු වන මානව හිමිකම් කඩ කිරීම් පාලනය කිරීමට  මේ අනුව අවස්ථාව උදාවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

 

The post ළඟදීම ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ හැකියි appeared first on ITN News.

Read More »

ඉරාන මහ මැතිවරණය ඇරඹෙයි  

0 comments

ඉරාන මහ මැතිවරණය ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් වාර්තාගත අඩු ඡන්ද ප්‍රතිශතයක් දැකිය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

අඩපණ වූ ආර්ථිකයක්, වැඩෙන දේශපාලන අවිශ්වාසයක් සහ අවලංගු කරන ලද විරෝධතා ව්‍යාපාර මධ්‍යයේ ඉරාන ඡන්ද විමසීම ආරම්භ කෙරුණා.

ජාතියේ සතුරන්ට එරෙහි ප්‍රතිරෝදයක් ලෙස ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි එරට රාජ්‍ය මාධ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මැතිවරණයට පෙර සිටම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයන් උනන්දු කරවීමට විවිධ ප්‍රචාරණ ගෙන ගියද ඡන්ද දායකයින්ගෙන් ඊට අඩු ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ආසන 290කින් යුත් ඉරාන පාර්ලිමේන්තුව සදහා අපේක්ෂකයින් 15,000ක් පමණ තරගවදිනවා.

එරට ඉහළම දේශපාලන අධිකාරිය වන උත්තරීතර නායකයා පත් කිරීමේ බලය සහිත විශේෂඥ සභාවේ ආසන 88ක් සදහා 144 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා.

මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ද  ටෙහෙරානයේදී ඡන්දය ප්‍රකාශ කළා. කමේනිගේ වයස මේ වන විට අවුරුදු 84 ඉක්මවා තිබෙනවා.

 

 

 

The post ඉරාන මහ මැතිවරණය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG