Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගනී  

Add comments

වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

2019 වසරේ සම්මත කළ පුරවැසි සංශෝධන පනත ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයක් තිබිය දී ක්‍රියාවට නැංවීම විශේෂත්වයක්.

මෙම නීතිය මුස්ලිම් විරෝධි බවටයි චෝදනා එල්ල වන්නේ.

2019 වසරේ දී මෙම පනත සම්මත වීමත් සමග ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ කෙරුණු අතර විශාල පිරිසක් මිය ගොස් තවත් රැසක් පොලිස් අත්අඩංගුවට පත්වුවා.

මේ වන විට එලෙස පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති සකස් කර ඇති බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරන්නේ.

නව පුරවැසි සංශෝධන පනත හරහා පාකිස්තානය,  බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන රටවල වාසය කරන හින්දු,  සික්,  බෞද්ධ,  ජයින හා කිතුනු ආදී සුළුතර අන්‍යාගමිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

පීඩාවට පත්ව සිටින මුස්ලිම් නොවන අන්‍යාගමික සුළුතරයන්යට මෙය පිටුවහලක් වන බවයි ඉන්දීය රජය පෙන්වා දෙන්නේ.

අනවසර සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබානොදීම ද මෙම පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණක් වනවා. පුරවැසි සංශෝධන පනත මහ මැතිවරණයට පෙර ක්‍රියාවට නැංවීම භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් ද වනවා.

 

 

 

The post වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG