Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Showing posts with label News. Show all posts

දකුණු දිග පිලිපීනයට රිච්ටර් පරිමාන ඒකක 6.4ක භූකම්පනයක්  

0 comments

දකුණු දිග පිලිපීනයට රිච්ටර් පරිමාන ඒකක 6.4ක භූකම්පනයකින් බලපෑම් එල්ල වුණා.

පිලිපීනයේ මින්දනාඕ දූපතටයි මෙම ප්‍රබල භූ කම්පනයෙන් වැඩි බලපෑම් එල්ල වුණේ. භූකම්පනයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසු කම්පන 200 ක් සිදුව ඇති බවද එරට භූ විද්‍යා අංශ සඳහන් කරනවා.

 

 

The post දකුණු දිග පිලිපීනයට රිච්ටර් පරිමාන ඒකක 6.4ක භූකම්පනයක් appeared first on ITN News.

Read More »

ඇමරිකාවෙන් තුර්කියට සම්බාධක  

0 comments

තුර්කියට සම්බාධක පැනවිමට ඇමරිකාව තිරණය කළා. සිරියාවේ මෙහෙයුම් සිදුකිරිම ඊට හේතුවයි. ඒ අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට හා රාජ්‍ය නිලධාරි පිරිසකට සම්බාධක පනවන බවයි ඇමරිකාව පවසන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝගාන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළා. කඩිනමින් සටන් විරාමයක් ඇති කිරිම අරමුණවී තිබෙනවා. තත්ත්වය පිළිබඳ සොයා බැලිම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස් නිරික්ෂක චාරිකාවක නිරත වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ. තුර්කි සිරියා දේශසිමා ආසන්නයේ ගැටුම් උත්සන්න වුණා. බලපෑම් එල්ල වී ඇති සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැට දහස ඉක්ම වන බවයි ජගත් සංවිධානය පවසන්නේ. ප‍්‍රහාර හේතුවෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙහෙයුම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ජාත්‍යන්තරය සඳහන් කළේ.

The post ඇමරිකාවෙන් තුර්කියට සම්බාධක appeared first on ITN News.

Read More »

තුර්කිය සිරියාවේ මෙහෙයුම් අරඹයි  

0 comments

තුර්කිය සිරියාවේ මෙහෙයුම් ආරම්භ කළා. ඊට ප‍්‍රහාරක යානා සහ බර අවි යොදාගෙන තිබෙනවා.

කුර්දි කණ්ඩායම් ගැවසෙන ස්ථාන ද ඔවුන්ගේ ඉලක්කයක් වුණා. සිරියා සරණාගතයන් සඳහා ආරක්ෂිත කලාපයක් ස්ථාපිත කිරිම අරමුණ බවයි තුර්කි රජය පවසන්නේ. ඇමරිකාව සිරියාවෙන් ඉවත් වීමට තීරණය කිරිමත් සමඟ නව මෙහෙයුමක් ආරම්භ කිරිමට තුර්කිය තීරණය කළා. අයිඑස් ත‍්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දේශසීමා ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි තුර්කිය පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම තීරණය යුරෝපා සංගමයේ දැඩි අප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.

The post තුර්කිය සිරියාවේ මෙහෙයුම් අරඹයි appeared first on ITN News.

Read More »

ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්  

0 comments

ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.

පසුගිය වසර පහ තුළ ප‍්‍රධාන අමාත්‍යවරුන් තුන් දෙනෙකු යටතේ මෙම පළාත් සභාව ක‍්‍රියාත්මක වුණා. මේ වනවිට අනෙකුත් පළාත් සභා විසුරුවාහැර තිබෙනවා.

The post ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් appeared first on ITN News.

Read More »

මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක්  

0 comments

අනුබුදු මිහිදු මහරහතන්වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් දින 6 ක් පුරා ඓතිහාසික මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වුණා. එහි අවසන් වැඩසටහන අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මිහින්තලා පුදබිමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල යෙදී ආශිර්වාද ලබා ගත්තා. මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක උදෙසා දහවල් දානමය පුන්‍යකර්මයක් පැවැත්වුණා. මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි. ගාමිණී ජයවික්‍රම පෙරේරා හා පී හැරිසන් යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් appeared first on ITN News.

Read More »

ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් පස්වරුවේ එකම වේදිකාවේ  

0 comments

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රදාන අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවකදි තම ප‍්‍රතිප්තති ප‍්‍රකාශ පිළිබද පැහැදිලි කරන විශේෂ සමුළුවක් අද (05) පැවැත්වෙනවා.

මාර්තු 12 ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන ඒකාබද්ධවයි එය සංවිධාන කරන්නේ. සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදි පස්වරු 3.00ට ආරම්භ වන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් පුහුණු කරන ලද පුරවැසි නිරික්ෂකයන් තුන් දහසක් රටට හදුන්වාදිම ද මෙහිදි සිදු කෙරෙනවා.

The post ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් පස්වරුවේ එකම වේදිකාවේ appeared first on ITN News.

Read More »

වතුකර ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩසටහන් මාලාවක්  

0 comments

වතුකර ජනතාව ඉලක්ක කර ගනිිමින් සතුටු පවුල වැඩසටහන ලබන සෙනසුරාදා (05) සිට ආරම්භ කරනවා. එය හැටන් සහ පස්සර මුලික කරගනිමින් ක‍්‍රියාත්මක කිරිමයි සැලසුම.

ඉදිරියේදී බදුල්ල , රත්නපුර කැගල්ල ඇතුළු සියලු දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි දිවයින පුරා වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා ප‍්‍රකාශ කළේ. මත්පැන් භාවිතය අවම කිරිම, ආර්ථිකය ශක්තිමත් කිරිම, අධ්‍යාපනය සහ ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව එහිදි වතු ජනතාව දැනුවත් කෙරෙනවා. ඊට විශේෂ දේශකයන් සහභාගී වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිවාස හිමිකම් ඔප්පු නොමැති එහෙත් දීර්ඝ කාලයක සිට රජය ලබාදුන් නිවාස වල පදිංචි වී සිටින ජනතාවට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලද ක‍්‍රියාත්මකයි. ඒ යටතේ ඉදිරි සතියේ දී හිමිකම් ඔප්පු තුන් දහසක් පමණ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ප‍්‍රකාශ කළේ.

The post වතුකර ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩසටහන් මාලාවක් appeared first on ITN News.

Read More »

සැප්තැම්බර් 11 වාර්තාවක් පිහිටුවමින් මෙලොව එළිය දුටු දියණිය  

0 comments

නවයයි  එකොළහ ඇමෙරිකා ත්‍රස්ත ප්‍රහාරයට 18 වසරක් සම්පූර්ණ වූ සැප්තැම්බර් 11 වනදා දියණියක්  මෙලොව එළිය දුටුවේ වාර්තාවක් ද පිහිටුවමින්. ඇය 9 වන මස 11 වනදා රාත්‍රී 9 යි 11ට මෙලෙව එළිය දුටුවේ බර රාත්තල් 9 අවුන්ස 11ක බරකින්. ඇය ඉතා හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි ඇමෙරිකා රෝහල් බලධාරීන් පවසන්නේ. *******

The post සැප්තැම්බර් 11 වාර්තාවක් පිහිටුවමින් මෙලොව එළිය දුටු දියණිය appeared first on ITN News.

Read More »

කසළ තේ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

කසළ තේ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඔහු ළඟ තිබී අපවිත‍්‍ර තත්ත්වයේ කසළ කිලෝ ග‍්‍රෑම් දහඅට දහසක් පමණ හමු වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකළේ වත්තල පොලිස් වසමේ ශ‍්‍රි වික‍්‍රම මාවත ප‍්‍රදේශයේ දී.

සිද්ධිය පිළිබඳ අද (11) වැලිසර මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.

The post කසළ තේ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තලෙයිබාන් සංවිධානයෙන් ඇමරිකාවට යළි අනතුරු ඇඟවීමක්  

0 comments

තලෙයිබාන් සංවිධානයේ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ඇමරිකාව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ඇමරිකා ආරක්ෂක මණ්ඩලය ද මේ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා නවතා දමන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසු තලෙයිබාන් සංවිධානය ඇමරිකාවට අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා අවලංගු කිරීමෙන් වැඩි අවාසියක් අත්වන්නේ ඇමරිකානුවන්ට බවයි තලෙයිබාන් සංවිධානය අනතුරු ඇඟවීම නිකුත් කරමින් සඳහන් කළේ.

The post තලෙයිබාන් සංවිධානයෙන් ඇමරිකාවට යළි අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න නියෝගයක්  

0 comments

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට මැන්ඩාමුස් රිට් නියෝගයක් නිකුත් කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වළකාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජනවාරි 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ එම ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයොජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොණු කළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.  එම පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා ගත් තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ඒ අනුව මෙම පක්ෂයේ අදාළ නාම යෝජනා ඇතුළත් කර මැතිවරණය පවත්වන  ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ. බලයලත් නියෝජිතයකු නාමයෝජනා භාර නොදුන් බව පවසමින් තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා කටයුතු කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සිය පෙත්සමෙන් පවසා සිටියා.

 

 

 

 

The post ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න නියෝගයක් appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට මහරැජිණගේ අනුමැතිය  

0 comments

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය කළ ඉල්ලීමට දෙවන එළිසබෙත් මහරැජිණ සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ග්‍රීෂ්ම සෘතුවේ නිවාඩුවෙන් පසුව ලබන මස මුල්කාලයේදී පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීමෙන් අනතුරුව එය ඔක්තෝම්බර් 14වනදා දක්වා අත්හිටුවන ලෙසයි බොරිස් ජොන්සන්ගේ රජය ඉල්ලා සිටියේ. ඒ අනුව බ්‍රිතාන්‍ය එළිසබෙත් මහරැජිණ විසින් එදින නව පාර්ලිමේන්තුව ආරම්භ කරනු ලැබීමට නියමිතයි.

 

 

 

The post බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට මහරැජිණගේ අනුමැතිය appeared first on ITN News.

Read More »

මහවැලි ක්‍රීඩා ගිනිසිළුව ප්‍රදර්ශන චාරිකාවේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  

0 comments

මහවැලි ක්‍රීඩා ගිනිසිළුව ප්‍රදර්ශන චාරිකාවේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධාන කරන මහවැලි ක්‍රීඩා උළෙල මෙවර පැවැත් වෙන්නේ 31 වන වරටයි. ලබන මස 7 සහ 8 යන දිනයන්හිදී මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. මහවැලි ගිනිසිළුව ප්‍රදර්ශන චාරිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කොළඹ මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේ සිටයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී එම් එස් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අද මහවැලි කේන්ද්‍ර යෙන් ආරම්භ වූ ගිනිසුළු චාරිකාව හෙට දිනයේදී උඩවලවට ලගාවීමට නියමිතයි. අනිද්දචා රඹකැන්ඔයට ලගාවන එය 31 වන මහවැලි ඊ කලාපය හා සී කලාපය වෙත ළගාවනු ඇති. ඉන් පසුව පිළිවෙළින් මහවැලි බී කලාපය , ජී කලාපය හා හුරුලුවැව , එච් කලාපය , එල් කලාපය හා ඩී කලාපයේ සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. දිනපතා එම නගරවලදී සංස්කෘතික සංදර්ශන හා සංගීත ප්‍රසංග ද පැවැත්වෙනවා.

 

 

The post මහවැලි ක්‍රීඩා ගිනිසිළුව ප්‍රදර්ශන චාරිකාවේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

ඉරාන ජනාධිපති හමුවීමට තමන් සූදානම් බව ට්‍රම්ප් කියයි  

0 comments

ඉරාන ජනාධිපති හසන් රවුහානි නිසි වාතාවරණයක් තුළ හමුවීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ප්‍රංශයේ බියරිට්ස් නගරයේ පැවැත්වෙන ජී.07 සමුළුවට එක්වෙමිනුයි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ. එම සමුළුවට සමගාමීව ඉරාන විදේශ අමාත්‍ය  ජාවඩ් ෂරීෆ් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළා. ඉරානයේ සහ ඇමෙරිකාව අතර සබදතා පසුගිය කාලයේදී බිදවැටීමට ලක් වුණා. ඒ ඉරානය ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක් සමඟ  2015 දී ඇති කරගෙන තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමට ගත් තීරණයත් සමඟයි.   කෙසේ වෙතත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට තමන්ට නව අදහසක් තිබෙන බවයි.

 

 

 

The post ඉරාන ජනාධිපති හමුවීමට තමන් සූදානම් බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.

Read More »

ඉන්දුනීසියාවේ නව අගනුවර නම් කෙරේ  

0 comments

ඉන්දුනීසියාවේ නව අගනුවර නම් කිරීමට බෝර්නියෝ දූපත තෝරා ගෙන තිබෙනවා.

වර්තමානයේ ඉන්දුනීසියාවේ අගනුවර ලෙස සැළකෙන්නේ ජකර්තා නුවරයි. එහි පුද්ගලයින් මිලියන 10 ක් පමණ ජීවත් වනවා. ජකර්තා නුවර වසරකට සෙන්ටිමීටර් 25 ක් පමණ ගිලී යාමේ අවදානමකට මුහුණ පා සිටින බැවින් මෙසේ නව අගනුවරක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ජකර්තා අගනුවර මේ වන විට මුහුදු මට්ටමෙන් පහත පිහිටා ඇති බව සදහන්. නව අගනුවර සදහා තවමත් නමක් යෝජනා වී නැහැ. නව අගනුවර ව්‍යාපෘතියට ඇමෙරිකා ඩොලර් බිලියන 32 ක් පමණ වැය වන බවයි එරට වාර්තා  සදහන් කළේ.

 

 

The post ඉන්දුනීසියාවේ නව අගනුවර නම් කෙරේ appeared first on ITN News.

Read More »

නවසීලන්තයට එරෙහි T20 තරඟාවලිය සඳහ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ  

0 comments

නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 15 දෙනෙකු ඇතුලත්. උප නායකයා ලෙස කටයුත් කරන්නේ නිරෝෂන් දික්වැල්ලයි.  තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 01 වෙනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය සදහා ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තිසර පෙරේරා ද නම් කර නැහැ. පන්දු යැවිමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වී සිටින අකිල ධනංජය මෙම සංචිතයට නම් කර තිබෙනවා.

01. ලසිත් මාලිංග – නායක
02. නිරෝෂන් දික්වැල්ල – උප නායක
03.අවිශ්ක ප්‍රනාන්දු
04.කුසල් ජනිත් පෙරේරා
05.ධනුෂ්ක ගුණතිලක
06.කුසල් මෙන්ඩිස්
07.ෂෙහාන් ජයසූරිය
08.දසුන් ශානක
09.වනිඳු හසරංග
10.අකිල ධනංජය
11.ලක්ෂාන් සඳකැන්
12.ඉසුරු උදාන
13.කසුන් රජිත
14.ලහිරු කුමාර
15.ලහිරු මදුසංඛ

The post නවසීලන්තයට එරෙහි T20 තරඟාවලිය සඳහ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on ITN News.

Read More »

වෘත්තීය විෂය හදාරන පාසල් සිසුන්ට බැංකු පොත් ප‍්‍රදානය කෙරේ  

0 comments

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ පුහුණුව ලබන සිසුන්ට දෛනික දීමනාව ලබාදීම පසුවරුවේදී ආරම්භ වනවා.

බැංකු පොත් ප‍්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේසදී පැවැත්වෙන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 13 වසරක අධ්‍යාපනය සුරක්ෂිත කිරිමයි වැඩපිලිවෙලේ අරමුණ.

වෘත්තීය විෂය ධාරාව යටතේ සිසුන්ගේ කැමැත්ත පරිදි විෂයන් 26 ක් තෝරාගැනීමට පහසුකම් සලසා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

The post වෘත්තීය විෂය හදාරන පාසල් සිසුන්ට බැංකු පොත් ප‍්‍රදානය කෙරේ appeared first on ITN News.

Read More »

වසර 10 කට පසු ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර ටෙස්ට් තරඟයක්  

0 comments

2009 වසරේ ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී‍්‍ර ලංකාව පළමු වරට පකිස්ථානය සමඟ ටෙස්ට් තරඟයකට සහභාගීවීමට සැලසුම් කර තිබෙනවා. ඒ මේ වසර අවසානයේදීයි.

ශ්‍රී‍්‍ර ලංකාවේ ආරක්ෂක විශේෂඥයන් පිරිසක් ලාහෝර් නුවර මේ වනවිට පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් ද සිදුකළා. ආරක්ෂක තත්වය ගැන ඇගයීමකින් පසු පකිස්ථාන සංචාරයට සහභාගී වන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

The post වසර 10 කට පසු ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර ටෙස්ට් තරඟයක් appeared first on ITN News.

Read More »

පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක්  

0 comments

පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරික්ෂක දක්වා උසස්වීම් ලබාදීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. අසූපන් දහසකට අධික කාර්ය මණ්ඩලයකින් යුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරික්ෂක දක්වා නිලධාරින් 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිනවා. පවත්නා පුරප්පාඩු  සැලකිල්ලට නොගෙන උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව තිස් එක් දහසකට අධික පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

 

 

The post පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් appeared first on ITN News.

Read More »

ඉරානයේ වාර්ෂික සුදුමස් අපනයනය ඉහළට  

0 comments

ඉරානයේ වාර්ෂික සුදුමස් අපනයනය වැඩිවී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

එය මෙටි‍්‍රක් ටොන් මිලියන 2. 5 ක්. ඉරානය කුකුළු කර්මාන්තයේ ප‍්‍රධාන අංශයන් හි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. කුකුළු මස් අපනයනය ඉහළයාම තුළින් ගොවිපොළ ආදායමට කැපී පෙනෙන ලෙස වැඩිවී ඇති බවයි ඉරාන කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

The post ඉරානයේ වාර්ෂික සුදුමස් අපනයනය ඉහළට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG