පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරික්ෂක දක්වා උසස්වීම් ලබාදීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. අසූපන් දහසකට අධික කාර්ය මණ්ඩලයකින් යුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරික්ෂක දක්වා නිලධාරින් 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිනවා. පවත්නා පුරප්පාඩු සැලකිල්ලට නොගෙන උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව තිස් එක් දහසකට අධික පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.
The post පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් appeared first on ITN News.
Post a Comment