නීතිවිරෝධී මත්පැන් පිළිබද මහජන පැමිණිලි ලබාගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් හෙට (19) සිට කි‍්‍රයාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ඒ සඳහා 1913 ක්ෂණික අංකය පැය 24 පුරාම කි‍්‍රයාත්මක බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. නීතිවිරෝධී මත්පැන් ප‍්‍රවාහනය හා ළඟතබා ගැනීම පිළිබද පැමිණිලි යොමු කිරීමට එම දුරකථන සේවාව මගින් ජනතාවට අවස්ථාව හිමිවනවා.
එම පැමිණිලිවල රහස්‍යභාවය ද ආරක්ෂා කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
The post නීතිවිරෝධී මත්පැන් පැමිණිලි ලබාගැනීමට ක්ෂණික දුරකථන අංකයක් appeared first on ITN News.
Post a Comment