Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් තුර්කියට සම්බාධක  

Add comments

තුර්කියට සම්බාධක පැනවිමට ඇමරිකාව තිරණය කළා. සිරියාවේ මෙහෙයුම් සිදුකිරිම ඊට හේතුවයි. ඒ අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට හා රාජ්‍ය නිලධාරි පිරිසකට සම්බාධක පනවන බවයි ඇමරිකාව පවසන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝගාන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළා. කඩිනමින් සටන් විරාමයක් ඇති කිරිම අරමුණවී තිබෙනවා. තත්ත්වය පිළිබඳ සොයා බැලිම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස් නිරික්ෂක චාරිකාවක නිරත වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ. තුර්කි සිරියා දේශසිමා ආසන්නයේ ගැටුම් උත්සන්න වුණා. බලපෑම් එල්ල වී ඇති සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැට දහස ඉක්ම වන බවයි ජගත් සංවිධානය පවසන්නේ. ප‍්‍රහාර හේතුවෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙහෙයුම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ජාත්‍යන්තරය සඳහන් කළේ.

The post ඇමරිකාවෙන් තුර්කියට සම්බාධක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG