Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙක්සිකෝවේ මිශාවෝඛාන් ප්‍රාන්තයේ අධිකරණ නියෝගයක් මත සිදු කරන වැටලීමකදී එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් මෙම පොලිස් නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙක්සිකෝවේ ප්‍රබල අපරාධ කල්ලියක් වන ජාලිස්කෝ නුවේවා කණ්ඩායම මෙම ප්‍රහාරය සිදු කර ඇති බවටයි සැක කෙරෙන්නේ. මෙම ප්‍රාන්තය වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් වශයෙන් සිටින කලාපයක් බවට හැදින්වෙනවා. මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් පසුගිය දෙසැම්බර් මාසයේ බලයට පත් වූ දා සිට මෙම මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ අනුවයි මෙම පරික්ෂණ සිදු කර ඇත්තේ.

 

 

 

 

The post බටහිර මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG