ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් පිරිසක් අද දිනයේ මැතිවරණ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන බවට දැනුම් දී ඇති බව එම කොමිසම පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල නිරීක්ෂකයින් 20 දෙනෙකු, යුරෝපා සංගමයේ නියෝජිතයින් 60 දෙනෙකු සහ සාක් රටවල නියෝජනය කරමින් 25 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රචාරක කටයුතු සහ ජනාධිපතිවරණයෙන් පසු රටේ තත්ත්වය මෙම විදේශීය නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් වන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
The post ජනාධිපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයේ නියෝජිතයින් 100 කට වැඩි පිරිසක් appeared first on ITN News.
Post a Comment