උතුරු දිග සිරියාවේ තුර්කි හමුදා සිදු කරන මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකාව තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමට අදාළ තුර්කි අමාත්‍යාංශ දෙකකට සහ රාජ්‍ය නිලධාරීන් තුන්දෙනෙකුට මෙලෙස විශේෂ සම්බාධක පැනවීමටයි ඇමෙරිකාව තීරණය කර තිබෙන්නේ. මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දගොන් වෙත දුරකතන ඇමතුමක් ද ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු එහිදී ඉතා ඉක්මණින් සටන් විරාමයකට එළඹෙන ලෙස ද ඉල්ලා තිබෙනවා. මේ අතර ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් හැකි ඉක්මණින් එම කලාපයේ සංචාරයක නිරත වන බවද ප්‍රකාශ කර තිබෙනවා.
The post ඇමෙරිකාවෙන් තුර්කියට සම්බාධක appeared first on ITN News.
Post a Comment