නීතිවිරෝධි සංක‍්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඕස්ට්‍රේලියා හා ශ‍්‍රි ලංකා නාවික හමුදා බලධාරීන් අතර.
ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට නාවික හමුදාපති වයස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වුණා. දෙරටට වැදගත් වන ආරක්ෂක කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුව තිබෙනවා. සම්මන්ත‍්‍රණය සඳහා රටවල් 80කට අධික ආරක්ෂක ප‍්‍රධානින් පිරිසක් සහභාගි වු බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ. ඉන්දිය සහ කලාපිය සාගර ආරක්ෂාව පිළිබඳව නාවික හමුදාපතිවරයා විදෙස් නාවික හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
The post නීතිවිරෝධි සංක‍්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment