දකුණු දිග පිලිපීනයට රිච්ටර් පරිමාන ඒකක 6.4ක භූකම්පනයකින් බලපෑම් එල්ල වුණා.
පිලිපීනයේ මින්දනාඕ දූපතටයි මෙම ප්‍රබල භූ කම්පනයෙන් වැඩි බලපෑම් එල්ල වුණේ. භූකම්පනයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසු කම්පන 200 ක් සිදුව ඇති බවද එරට භූ විද්‍යා අංශ සඳහන් කරනවා.
The post දකුණු දිග පිලිපීනයට රිච්ටර් පරිමාන ඒකක 6.4ක භූකම්පනයක් appeared first on ITN News.
Post a Comment