Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි  

Add comments

ලොව වැඩිම අවධානයක් යොමුවන ජනාධිපතිවරණයක් ලෙස සැලකෙන රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම  අද උදෑසන ආරම්භ වුණා.

මෙවර පැවැත් වෙන්නේ රුසියාවේ 8 වන ජනාධිපතිවරණයයි.

අද උදෑසන ආරම්භ වූ මැතිවරණය ලබන 17වනදා දක්වා දින 3ක කාලයක් පැවැත්වෙනවා.

මෙවර මැතිවරණයේදී ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබීමද විශේෂත්වයක්.

මැතිවරණයෙන් ජනාධිපති  ව්ලැඩිමීර් පුටීන් පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් 05 වන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා තේරීපත්වනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පල කරනවා.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 04 දෙනෙකු ඉදිරිපත්ව සිටියද ඔවුන් කිසිවෙකුගෙන් පුටීන් ජනාධිපතිවරයාට අභියෝගයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මැතිවරණයෙන්  ජයග්‍රහණය ලැබීමට නම් භාවිත චන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගත යුතු වනවා.

කිසිවකු එසේ ලබා නොගන්නේ නම් සති 3කට පසුව දෙවනවර ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙනවා.

ඒ සඳහා නම්කර ඇත්තේ අප්‍රේල් 7 වනදායි.

ජයග්‍රාහකයා ජනපතිධූරයේ පදවි ප්‍රාප්ත කිරීමේ දිනය යොදා ඇත්තේ මැයි 7 වනදාටයි.

මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එකොලොස් කෝටි හතලිස් දෙලක්ෂ දොලොස් දහස් හත්සිය තිස් හතරක්.

පුටින් ජනාධිපතිවරයා මෙවර 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති අපේක්ෂා කෙරෙනවා.

The post රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG