ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබෙනවා.
මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්රී ලංකාව බලා යාත්රා කරමින් තිබුණා.
දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් යන විට එහි එංජින් අක්රිය වී තිබෙනවා.
නෞකාවේ විදුලිබලය ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
එහි කපිතාන්වරයා ආරක්ෂක අංශ වෙත මේ පිළිබඳ දැනුවත් කර තිබුණ ද නිදහසේ පාවෙමින් තිබූ නෞකාව බැල්ටිමෝ පාලමේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් පාලමට දැඩි අලාභහානි සිදු වූ අතර ඒ මත ගමන් කර තිබූ වාහන රැසක් ද ජලයට වැටී තිබුණා.
මේ වන විට සිදු වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
The post ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව හෙළිවෙයි appeared first on ITN News.
Post a Comment