Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව පුටින් කියයි  

Add comments

රුසියාවේ ක්‍රොකස් සිටි ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලුදෙනා අත්අඩංගුවට ගත් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා.

ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බවයි පුටින් ජනාධිපතිවරයා රටවැසියන් අමතමින් සඳහන් කළේ.

එමෙන්ම අද දිනය රුසියාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පුටින් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

රුසියාවේ සුප්‍රකට ක්‍රොකස් සිටි ගොඩනැගිල්ලේ සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 133 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 140කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

තුවක්කුකරුවන් එම ස්ථානයේ නිරායුධව සිටි ආරක්‍ෂක භටයන් ඝාතනය කරමින් ශාලාවට ඇතුලු වී වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එයට ගිනි තබා තිබුණා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් බරපතල තත්ත්වයේ පසුවනවා.

පික්නික් රොක් සංගීත කණ්ඩායමේ ප්‍රසංගය නැරඹීමට පැමිණි 6200ක පමණ පිරිසක් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.

වසර 20කට පමණ පසු රුසියාවට එල්ල වු ම්ලේච්ඡතම ප්‍රහාරය මෙය බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් මිය ගිය සියලුම දෙනා අහිංසක සාමකාමි සාමාන්‍ය වැසියන් බව පුටින් ජනාධිපතිවරයා පවසනවා.

ප්‍රහාරයෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රූබල් මිලියන 3ක් හා තුවාල ලැබූ අයෙකු වෙනුවෙන් රූබල් මිලියනය බැගින් ලබාදීමට රුසියා රජය තීරණය කර තිබෙනවා.

ත්‍රස්තවාදීන් යුක්රේනයට පළා යමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට සමත්වු බවයි ජනාධිපති පුටින් නිවේදනය කරන්නේ.

අත්අඩංගුවට පත් එක් ත්‍රස්තවාදියෙකු රුසියා ආරක්ෂක අංශ වෙත පවසා තිබුණේ ප්‍රහාරය සිදු කිරීම සඳහා ඔහුට රූබල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට පොරොන්දු වු බවයි.

මාර්තු 4 වන දින තුර්කියේ සිට රුසියාවට ඔහු පැමිණ තිබෙනවා.

ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා තමන් සමඟ සම්බන්ධ වු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ප්‍රහාරයේ දී හමුවන සෑම පුද්ගලයෙකුටම වෙඩි තබන ලෙස ඔහුට අණ ලැබුණු බව ද පවසා තිබෙනවා.

ප්‍රහාරයට පැමිණි ප්‍රධාන ත්‍රස්තවාදීන් 4 දෙනා තජිකිස්තාන ජාතිකයින් වන අතර ඔවුන් අවුරුදු 37 / 51 / 21 සහ 29 යන වයස්වල පසුවන බවයි රුසියා ආරක්ෂක අංශ පවසන්නේ.

ඔවුන් 4 දෙනාට අමතරව ප්‍රහාරයට සම්බන්ධ තවත් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රුසියා ආරක්ෂක අංශ සඳහන් කරනවා.

ඔවුන් පළා යාමට භාවිත කළ සුදු පැහැති මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයේ දී ජීවිත හානි උපරිම කිරීමට ත්‍රස්තවාදීන් උත්සාහ කර ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

 

The post ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව පුටින් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG