Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ප්‍රහාරවලින් හූති ඩ්‍රෝන යානා රැසක් විනාශ වෙයි  

Add comments

ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා එක්ව සිදුකල ප්‍රහාරයන්ගෙන් හූති ඩ්‍රෝන යානා රැසක් විනාශ කිරීමට සමත්ව තිබෙනවා.

යේමන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී හූති ප්‍රහාර මාලාවක් මැඩපැවැත්වූ බව ඇමෙරිකා , බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා පවසනවා.

රතු මුහුදට ඉහළ ගුවනේදී  නියමුවන් රහිත ඩ්‍රෝන යානා 28 ක් බිම හෙළූ බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

රතු මුහුදේ ගමන් ගන්නා වෙළඳ නෞකාවලට තර්ජනයක් එල්ලවිය හැකි බවට නිර්ණය කිරීමෙන් පසුව ප්‍රහාරය එල්ල කල බව ඇමෙරිකා හමුදා සඳහන් කරනවා.

ප්‍රොපල් ෆෝචූන් නම් වෙළඳ නෞකාව හා ඇමෙරිකා ප්‍රහාරක නෞකා ගණනාවක් ඉලක්ක කර මෙහෙයුම සිදුකල බවයි හූතිවරු ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ.

ඇමෙරිකා මධ්‍යම අණදෙන නිලධාරියා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඇමෙරිකාවේ හෝ ඒකාබද්ධ හමුදා නෞකාවන්ට හානි සිදුවී නොමැති අතර කිසිදු වාණිජ නෞකාවකට හානි වූ බවට වාර්තා වී නොමැති බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පලස්තීනුවන්ට  සහයෝගය දක්වමින් හූතිවරු නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ සහ ඒඩන් බොක්ක කලාපයේදී බටහිර රටවල නෞකාවන්ට පහර දීම ආරම්භ කළා.

 

The post ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ප්‍රහාරවලින් හූති ඩ්‍රෝන යානා රැසක් විනාශ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG