Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 53කට පසු මහතීර් මොහොමඩ්ට අසුන අහිමි වෙයි  

Add comments

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්වුණා. ඊයේ පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ ආසනය ද අහිමි වී ඇති අතර අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මැලේසියා මහමැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා ගැනිමට නොහැකි වි ඇති අතර මැලේසියා ඉතිහාසයේ මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. පසුව මහතීර් මොහොමඩ් 2018 වසරේදී නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුයේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙස ද පත් වෙමින්. ඒ වන විට එහු 93 වන වියේ පසු වුණා. ඉන් මාස කිහිපයකට පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වු අතර ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියා. කෙසේ වෙතත් ඊ‌යේ පැවැති මහමැතිවරණයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ ආසනය ද අහිමි වී ඇති අතර 8%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැහැ. මැලේසියාවේ මෙන්ම ලෝක දේශපාලනය තුළ ද ජීවමානව සිටින ජේෂ්ඨම දේශපාලනඥයෙකු ලෙසයි මහතීර් මොහෝමඩ් සැලකෙන්නේ. පසුගියදා ඔහු සක්‍රීයම වයස්ගත දේශපාලනඥයා ලෙස ගිනස් වාර්තා පොතටද එක්වුණා. කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට සඳහන් කරන්නේ.

 

The post වසර 53කට පසු මහතීර් මොහොමඩ්ට අසුන අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG