Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගල්වැව සිරිධම්ම හිමිට ඇප  

Add comments

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිට රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගල්වැව සිරිධම්ම ස්වාමීන්වහන්සේ ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම ස්වාමීන්වහන්සේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 7 දෙක වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා එකගතාව පල කරන බවයි දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව සිරිධම්ම ස්වාමීන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. එමෙන්ම සෑම මසකම  අවසන් ඉරිදා දිනයේ ත්‍රස්ත මර්දන කාර්යංශයට වාර්තා කළ යුතු බවට ද ඇප කොන්දේසියක් පැනවීමටයි කටයුතු කෙරුණේ. නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකාර සිරිධම්ම ස්වාමීන්වහන්සේට ඇප කොන්දේසියක් පැන වූ අධිකරණය නඩු කටයුත්ත පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැලකී සිටිය යුතු බවත් එය කඩ කල බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවත් දැනුම් දුන්නා.

The post ගල්වැව සිරිධම්ම හිමිට ඇප appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG