Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුපර් කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය විනාශ කළ බව යුරෝපෝල් පොලිසීය පවසයි  

Add comments

යුරෝපයේ කොකේන් මත්ද්‍රව්‍ය සැපයුමෙන් තුනෙන් එකක පාලනය නතුකරගෙන සිටි සුපර් කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය විනාශ කළ බව යුරෝපෝල් පොලිසීය පවසනවා.

ඔපරේෂන් ඩෙසර්ට් ලයිට් ලෙස නම් කර ඇති මෙම ජාත්‍යන්තර මෙහෙයුම මඟින් රටවල් 6 ක පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම මෙහෙයුම මඟින් මත් කුඩු ටොන් 30කට වැඩි ප්‍රමාණයක් අත්ඩංගුවට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මෙම ජාවාරමට උපයෝගී කරගත් සුඛෝපභෝගි නිවාස වාහන ඇතුළු දේපළ රැසක් ද මෙහෙයුමේ දී සොයාගැණුනා. වසර දෙකක් මෙම මෙහෙයුම සඳහා ගතව ඇති අතර ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් එක්වයි මෙම මෙහෙයුම සිදු කළේ. ජාත්‍යන්තර පොලිසීයට අවශ්‍ය ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසේ සිටින බවද සඳහන්. එමෙන්ම සුපර් කාටෙල් හි ප්‍රධානියා බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පලා ගොස් ඇති අතර මේ වන විට ඔහු පිළිබද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම මත්ද්‍රව්‍ය ගනුදෙනු සිදු කර ඇති බව ද සඳහන්.

The post සුපර් කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය විනාශ කළ බව යුරෝපෝල් පොලිසීය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG