Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛද්‍ය චමල් සංජීවගේ‍ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කෙහෙලියට කල් ලැබෙයි  

Add comments

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු වග උත්තරකරුවන්ට  ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නා.

සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තමන් කළ ප්‍රකාශයෙන් අනතරුව  වැඩ තහනම් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවටත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙසටත් ඉල්ලමිනුයි මෙම පෙත්සම ගොණු කර ඇත්තේ.

පෙත්සම්කාර වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ සූරියවැව ප්‍රදේශයේ  තමන් කළ වෛද්‍ය සායනයක්  තුළින් ළමා මන්දපෝෂණය පිළිබද සමීක්ෂණයක් සිදු කළ බවයි.

ඊට සහභාගී වූ දරුවන් 20 දෙනෙකුගෙන් 06 දෙනෙකු දැඩි මන්දපෝෂණයෙන් පෙලෙන බව පවසන පෙත්සම්කරු එම දරුවන්ගේ සියයට 50 ත් 80 ත් අතර සංඛ්‍යාවක් අඩු බරකින් යුක්ත වූ බවද පවසනවා.

ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්ගේ දැනුම්දීමකට අනුව ඉකුත් සැප්තැම්බර් 06 වනදා අමාත්‍යාංශ විශේෂ විමර්ශන කමිටුවට ප්‍රකාශයක් ලබා දුන් බවයි ඔහු පවසන්නේ. පසුව කිසිම සාධාරණ හේතුවක් නොමැතිව තමන් වැඩ තහනමට ලක් වූ බවද පෙත්සම්කරු පවසනවා.

පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින්  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසුවේ තම සේවා දායකයාට විදේශයක විශේෂඥ පුහුණුවක් ලැබීමට නියමිත බවත් වැඩතහනම හේතුවෙන් ඊට බාධා පැමිණ ඇති බවත්ය.

එම කරුණ මීළග නඩු දින සළකා බලන බව විනිසුරුවරුන් සදහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සදහා කල් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඇත්නම් දෙසැම්බර් 09 වනදා ඉදිරිපත් කරන ලෙසත් ප්‍රති විරෝධතා දෙසැම්බර් 12 වනදාට පෙර ගොණු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

 

 

The post වෛද්‍ය චමල් සංජීවගේ‍ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කෙහෙලියට කල් ලැබෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG