Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා තොගයක්  

Add comments

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780.1ක් ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පොහොර තොගය නිල වශයෙන් බාර ගත් අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවීධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Hannah Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නියෝජිත විම‌ලේන්ද්‍ර ශරන් හා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩ පිළිවෙළ යටතේ තවත් දිස්ත්‍රික්ක 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන අතර ඒ අනුව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිදානය විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතය.

ඒඅනුව එක් ගොවි පවුළකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම වහ කන්නයේ දී ලෝක බැංකුව යුරියා පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්බවයි.

එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, USAID, හා ආසියානු සංවර්ධන බැංකුව ද අපේ රටේ වී හා බඩඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ විමලේන්ද්‍ර ශරන් මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ හැනා සිංගර් මහත්මිය ආර්ථික අර්බුදයේ අවදානම් සහගත බලපෑම අවධානය යොමු කර ශ්‍රී ලංකාවේ ජනතාව වෙත බහු ආංශික සහයෝගය ලබා දීමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2022 වසරේ ජුනි මාසයේ සිටම කටයුතු කළ බ වද සදහන් කළාය.

මෙහිදී අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා විසින් අප රටේ දිස්ත්‍රික් 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යුරියා පොහොර ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් කෘතඥතාවය පළ කළේය.

The post එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG