ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. සුන් බුන් අතර සිරවී සිටි එක් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබෙනවා. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි කොපමණ පිරිසක් සිටියේද යන්න පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම ගොඩනැගිල්ල මියාමි වෙරළට මුහුණලා පිහිටා ඇති අතර එය නිවාස සංකීර්ණයක් බවයි වාර්තා වන්නේ.
The post ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment