Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ ආසාදිතයින් සංඛ්‍යාව පහළ බසී  

Add comments

නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පහල බැස තිබෙනවා.

අද දිනයට නවසීලන්තයෙන් හමුව ඇත්තේ වයිරස ආසාදිතයින් 49 දෙනෙකු පමණයි. ඒ සමඟම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 612 දක්වා ඉහළ ගියා. ඕක්ලන්ඩ් නගරය සති දෙකක කාලයක් සඳහා මේ වනවිට වසා දමා තිබෙනවා. ඒ සමඟම මිලියන 1.7 ක ජනතාවට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පාසල් , කාර්යාල හා පොදු ස්ථාන තවමත් වසා දමා තිබූවද ව්‍යාපාර කටයුතු සිදු කිරීමට නවසීලන්ත රජය අවසර ලබාදී තිබෙනවා.

 

 

The post නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ ආසාදිතයින් සංඛ්‍යාව පහළ බසී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG