Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

12-19 යි අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත්කරණය අදත්  

Add comments

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වයස අවුරුදු 12ත් 19ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එන්නත් කිරීම සිදුවුණා.

ඊයේ දිනයේදී දරුවන් 180 දෙනෙකු සදහා එන්නත් ලබාදීම සිදුකළ බවයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට එන්නත් ලබාදීම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීම අනිවාර්ය වනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආබාධිත දරුවන් සදහා එන්නත් ලබා දෙමින් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ වුණා. වකුගඩු රෝගය බහුලවශයෙන් පවතින ප්‍රදේශයක් වීම නිසා අනුරාධපුර පළමුව එන්නත් ලබාදීම සදහා  තෝරා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා.

 

 

The post 12-19 යි අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත්කරණය අදත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG