ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදාහැරීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
වරායේ සිරවී ඇති සීනි තොග ඉක්මනින් මිලදී ගෙන ජනතාව වෙත සහන මිලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.
ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත්වුණා. වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වහාම නිදහස් කිරීමට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දුන්නේ ජනතාවගේ ජීවන වියදම පිළිබද අවධානය යොමු කරමිනුයි. මෙහිදී එසේ නිදහස්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා /අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නා.
රත්ගමදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයන බවයි.
මේ අතර කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ ආනයනය කරන සෑම කිරිපිටි කිලෝවක් සදහාම රුපියල් 350 කට අධික පාඩුවක් සිදුවන බවයි.
අද දිනයේත් දේශීය කිරිපිටි අලෙවිසැල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා.
ජනතාව විශාල ප්‍රමාණවලින් පාරිභෝගික භාණ්ඩ රැගෙන ගොස් ගබඩා කර ගැනීමට යොමුවී ඇති නිසා වෙළෙදපොල තුළ අනවශ්‍ය හිගයක් ඉස්මතුවන බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ මහතා පැවසුවා.
The post වරායේ හිරවුණු සීනි තොග ආණ්ඩුවට අරන් සතොසින් විකුණන හැටි appeared first on ITN News.
Post a Comment