
අනුරාධපුර නගරය හා අවට ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා මල්වතුඔය ගංවතුර පාලන ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 7 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මල්වතුඔය ගංවතුර පාලන ව්‍යාපෘතිය තුළින් මල්වතුඔය දෙපස සුද්ධ පවිත්‍ර කිරීම සහ එහි රොන්මඩ ඉවත් කිරීම මේ දිනවල සිදුකෙරෙනවා.
කැළිකසල ඉවත් කරමින් බාධාවකින් තොරව මල්වතුඔයේ ජලය ගලායාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ යෝජනාවකට අනුවයි. අධික වැසි දිනවලදී අනුරාධපුර නගරය හා අවට ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වන අතර මෙමගින් එම තත්ත්වය වැලකී යනු ඇති. ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්‍ෂක බලකාය මේ සඳහා ශ්‍රම දායකත්වය සපයනවා. ඒ අනුව කෙටි කාලයක් තුළ ව්‍යාපෘතියේ සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් අවසන් කිරීමට හැකිව තිබෙනවා. මේ සඳහා ප්‍රතිපාදන සපයන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියයි.
Post a Comment