Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිලන් රථ 2 ක්  

Add comments

දිවයිනේ දුෂ්කර පළාත්වල රෝහල් සඳහා ලබාදීම පිණිස ගිලන් රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට භාර දීම අද සිදු කෙරුණා. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම හා ගිෆු නාකා සෙන්දෝ රොටරි ආයතනය එක්වයි ගිලන් රථ ප්‍රදානය සිදු කළේ. ඒ ජනාධිපති නිල නිවසේදී. ගිලන් රථවල වටිනාකම රුපියල් මිලියන 70ක් පමණ වනවා.

දකුණු සහ වයඹ පළාත් රෝහල් වෙනුවෙන් එම ගිලන් රථ භාවිත කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට නිල වශයෙන් භාර දීම ද ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ලාල් තිලකරත්න මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG