Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවාසනාවන්ත මවකට උපන් වාසනාවන්ත දරුවෙක්  

Add comments

දස මසක් කුස දරා මව්වරුන් දරුවන් මෙලොවට බිහිකර ඔවුන් රැකබලා ගන්නේ සිය පණටත් වඩා ආදරය කරමින්. ඒ උතුම් මව්වරුන් අතුරින් දරුවන් මහමග දමා යන මව් පදවියට සුදුසු නැති කාන්තාවන් පිළිබඳව ද ඉඳහිට වාර්තා වනවා. අවාසනාවන්ත මවකට උපන් වාසනාවන්ත දරුවෙකු පිළිබඳ අපට වාර්තා වුණේ දඹුල්ල ප්‍රදේශයෙන්.

අද අලුයම 4.30 ට පමණ රියදුරෙකු දඹුල්ල ජය මාවත ප්‍රදේශයෙන් තම ලොරි රථය ධාවනය කරමින් සිටියදී ආපදාවකට ලක්වුණා. ඒ හේතුවෙන් ඔහු ලොරියෙන් බැස එය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී කුඩා දරුවෙකුගේ කෙඳිරිලි හඬක් ඇසී තිබෙනවා. ඒ අනුව පරික්‍ෂා කිරීමේදීයි කුඩා වන ලැහැබක සිටි බිළිඳියක හමුවී තිබෙන්නේ.

රෙදි කැබැල්ලක් හෝ නොමැතිව කුහුඹුවන් වැනි සතුන්ගෙන් පීඩා විඳිමින් සිටි මේ බිළිඳිය පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමත් සමග ඇය දඹුල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඇය මේ වන විට එහි නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඉපදී පැය කිහිපයක් තුළදී දැරිය කැළයක දමා ගිය ද ඇයට ජිවත් වීමේ වාසනාව පවතිනවා. ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG