
පස් ප්‍රවාහනය සඳහා පවත්නා නීති සංශෝධනය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. පරිසරය ආරක්ෂා කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,
මේ අතර මීරිගම ඉඹුලත්වල ප්‍රදේශයේ කන්දක් ආශ්‍රිතව සිදු කෙරෙන පස් කැපීම නතර කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම පස් කැපීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ සඳහා අවසර ලබා දී තිබුණ ද ගම්වාසීන්ගෙන් අදහස් ලබා නොගැනීම පිළිබඳ ඔවුන් විරෝධය පළ කරනවා.
Post a Comment