Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදි සොරකම් කරලා  

Add comments

ඇදිරිනීතිය පවතින සමයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදි පැහැර ගැනීමේ ජාවාරමක නිරත වූ කණ්ඩායමකට අයත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

රාගම ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගැනුණා. පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් පුද්ගලයන් බියට පත් කර යතුරුපැදි පැහැර ගැනීමට එම කල්ලිය කටයුතු කර තිබෙනවා. කඩවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම සැකකරු සමග යතුරුපැදි කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. මීට අමතරව සොරකම් කරන ලද ජංගම දුරකතන පහක්ද අත්අඩංගුවට ගැනිමට හැකි වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

The post පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදි සොරකම් කරලා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG