Aug
31
2022 – අයවැය නොවැම්බර් මස පළමු සතියේ දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගුරු වැටුප් ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ඉදිරි අයවැයෙන් ලබාදීමට කටයුතු කෙරෙන බව සඳහන් කරමිනි.
ඒ අනුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
The post අයවැය නොවැම්බර් මස පළමු සතියේ දී පාර්ලිමේන්තුවට appeared first on ITN News.
Post a Comment