Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2000 දීමනාව පවුල් ලක්ෂ 7 කට ලබාදී අවසන්  

Add comments

නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව පවුල් ලක්ෂ හත ඉක්මවූ පිරිසකට මේ වනවිට ලබාදී තිබෙනවා. හදුනාගත් සෙසු පවුල් සදහා කඩිනමින් එම මුදල් ලබාදෙන ලෙසයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේ.

නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ  පවුල් ලක්ෂ 18 ක් පමණ රුපියල් 2000 දීමනාව ලබාදීම සදහා හදුනාගෙන තිබෙනවා. මේ වනවිටත් ඉන් බොහෝ පිරිසකට එම මුදල් ලබාදීම සිදු කෙරුණේ දිස්ත්‍රික් සහ ප්‍රා දේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන්. තවදුරටත් රුපියල් 2000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ රට පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.

සීතාවක ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 68 ක පුද්ගලයින් 12000 කට වැඩි පිරිසක් සදහා රුපියල් 2000 දීමනාව ලබාදීම සිදු කෙරුණා. සීතාවක ප්‍රා දේශීය ලේකම් කේ එස් දිල්හානි මහත්මියගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණා.

කැස්බෑව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ හදුනාගත් පවුල් සදහා 2000 දීමනාව ලබාදීමද සිදු කෙරුණා. බොරලැස්ගමුව සහ වේරහැර ග්‍රාම සේවා වසම්වල පිරිස් වෙනුවෙන් ද එම දීමනාව ලබාදුන්නේ කැස්බෑව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන ග්‍රාම නිලධාරි නිහාල් ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන්.

මේ අතර රාගම අංක 181 ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ හදුනාගත් පවුල් 200 ක් සදහා රුපියල් 2000 දීමනාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඉන් පවුල් 100 ක් සදහා එම මුදල් ලබාදීම සිදු කෙරුණා.

 

 

The post 2000 දීමනාව පවුල් ලක්ෂ 7 කට ලබාදී අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG