Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආරක්ෂිත රටවල් ලැයිස්තුවෙන් ඇමරිකාව ඉවතට  

Add comments

කොරෝනා ආරක්ෂිත රටවල් ලැයිස්තුවෙන් ඇමරිකාව ඉවත් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇමරිකාවේ සිට යුරෝපා රටවල්වලට පැමිණෙන සංචාරකයින් සදහා දැඩි නිරෝධායන නීති පැනවෙනු ඇති. ඔවුන්ට කොරෝනා ආසාදිත පරීක්ෂණයට යොමු වීමට සිදු වන අතර නිරෝධායන කාල සීමාවකට යටත්වීමද අනිවාර්ය වනවා. යළිත් වරක් ඇමරිකාව තුළ කොරෝනා වයිරසය ව්‍යාප්තිය ශීඝ්‍ර වීම මෙම තීරණයට හේතු වී ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. මීට අමතරව ඊශ්‍රායලය, කොසෝවෝ රාජ්‍ය, ලෙබනන්,මොන්ටිනිග්‍රෝ හා උතුරු මැසිඩෝනියා යන රටවල්ද කොරෝනා ආරක්ෂණ රටවල් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපා කොරෝනා ආරක්ෂණ ලැයිස්තුවට කැනඩාව,ජපානය හා නවසීලන්තය ඇතුලු රටවල් 17 ක් ඇතුළත්.

 

 

The post කොරෝනා ආරක්ෂිත රටවල් ලැයිස්තුවෙන් ඇමරිකාව ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG