Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක්  

Add comments

ජල බිල්පත් ගෙවීම සදහා නව ක්‍රමවේද කිහිපයක් හදුන්වා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ජල බිල්පත් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් ජල සම්පාදන කටයුතු නිසි ලෙස පත්වාගෙන යාම මහත් අභියෝගයක් වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බැංකු, තැපැල් කාර්යාල හා නියෝජිත ආයතන මගින්ද ජල බිල්පත් පියවීමට හැකියි. එසේම ඩයලොග් ඊෂි කෑෂ්, මොබිටෙල් එම් කෑෂ්, ෆුට් සිටි ආදී සුපිරි වෙළෙදසැල් ආදියෙන්ද ජල බිල්පත් පියවීමට හැකි වනවා. ජල බිල්පතේ ගිණුම් අංකය සදහන් කර 0719399999 අංකයට එස් එම් එස් කිරීමෙන් බිල්පත් හා අදාළ සියලු තොරතුරු ලබා ගත හැකියි. වැඩිදුර විස්තර 0112623623 අංකයෙන්ද ලබාගත හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

 

 

The post ජල බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG