Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිෂාඩ්ගේ බිරිඳ සහ පියා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි  

Add comments

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද වන අයේෂා ෂියාබ්දීන් සහ ඇයගේ පියා වන මෙහොමඩ් ෂියාබ්දීන් යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම ඇප ඉල්ලීම අද අධිකරණය ඉදිරියේ සළකා බැලුනා. එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ සේවාදායිකාවගේ දරුවන් දෙදෙනා මේ වන විට ඇයගේ මවගේ භාරයේ සිටින බව හා  මව කොරෝනා ආසාදනය වී සිටින බවයි.

මෙම සැකකරුවන් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැතිවීම ඇතුළු කරුණු සැළකිල්ලට ගනිමින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසට නීතිඥවරයා ඉල්ලා සිටියා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ප්‍රකාශ කරන ලෙසයි.

එහෙත් ඇයගේ පියාගේ ඇප ඉල්ලීමට විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. සියලු කරුණු සළකා බැලූ අධිකරණය සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළා.

ජුඩ් කුමාර් ඉෂාලිනී නමැති දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරැව්කරු යන අය ලබන හයවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.

 

The post රිෂාඩ්ගේ බිරිඳ සහ පියා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG