
පසුගිය පී එම් එල් එන් පක්ෂයේ පාලනය පැවති සමයේදී සහ ඉන් පෙර සිදු වූ දූෂිත මුදල් ගණුදෙනු පිළිබද සොයා බැලීමට පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දීමට නියමිත ඉම්රාන් ඛාන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
දූෂිත ආකාරයෙන් විදෙස් රටවලට ගෙනගිය පාකිස්ථාන මුදල් යළි සොයා ගැනීම සදහා මහා බ්‍රිතාන්‍ය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහාය තමන් අපේක්ෂා කරන බව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ඉම්රාන් ඛාන් සදහන් කරනවා. පසුගිය ආණ්ඩුවලදී දේශපාලනඥයන් රටේ මුදල් විදේශ රටවලයට දූෂිත ආකාරයෙන් ගෙන ගොස් ඇති බවයි ඔහු චෝදනා කරන්නේ. මුදල් විශුද්ධි කරණය වැළැක්වීම සදහා දැඩි පියවර ගැනිමට තමන් සූදානම් බවද ඉම්රාන් ඛාන් සදහන්කරනවා. පාකිස්තාන මහ මැතිවරණයේ නිල ප්‍රථිපල ලබන හත්වනදා නිකුත් කිරීමට නියමිතයි
Post a Comment