
ලෝකප්‍රකට විකට රංගන ශිල්පියෙකු වූ බැරී චක්ල් අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඔහු හැත්තෑ තුන් හැවිරිදි වියේයි පසු වුණේ. චක්ල් බ්‍රදර්ස් විකට වැඩසටහන් මාලාව ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට බැරී චක්ල් සමත් වුණා. ඔහුගේ සැබෑ නම වන්නේ බැරී එළියට් යන්නයි. සිය සොහොයුරා වූ පෝල් සමග චක්ල් බ්‍රදර්ස් වැඩසටහන් මාලාව ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළා. මෙම වැඩසටහන් මාලාව එක්දහස් නවසිය අසූ හත වසරේ සිට දෙදහස් නවය වසර දක්වා බීබීසී මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරුණා. මේ වසරේ මුලදීද පොල් සහ බැරී සොහොයුරන් දෙදෙනා චක්ල් ටයිම් නමින් චැනල් ෆයිව් නාලිකාව ඔස්සේ නව වැඩසටහනක් ඉදිරිපත් කළා.
Post a Comment