Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරායේ සීනි මුදාගෙන අර්බුදය විසඳන්න ඇමති රෝහිත වෙර දරද්දී ලංකා සීනිත් වැඩේට බහියි  

Add comments

වරායේ සිර වී ඇති සීනි තොග කඩිනමින් නිදහස් කර සීනි අර්බුදයට විසදුම් ලබාදෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර වත්තල ප‍්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 4096ක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය අද සමත්වුණා.

දැනට වෙළදපොලේ සීනි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 220ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50ක බද්ද පසුගිය ඔක්තෝබර් 13වනදා ශත 25ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි. මෑතකදී නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් සීනි ආනයනකරුවන් තම ගබඩා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබුණා. නමුත් එලෙස ලියාපංදිචි කිරීමකින් තොරව ඇතැම් ආනයනකරුවන් සීනි සඟවා තැබීම හේතුවෙන් වෙළදපොළේ සීනි මිල අධික ලෙස ඉහළ ගිය ආකාරයක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක ආනයනකරුවන් සීනි තොග සඟවා ඇති බවට පාරිභෝගික අධිකාරිය පසුගිය දින කිහිපයේදී තොරතුරු අනාවරණය කරගත්තා. ඒ අනුව එලෙස ගබඩා කර තිබූ සීනි ගබඩා කිහිපයක් වටලා මුද්‍රා තැබීමටද පියවර ගැනුනා.

මේ අතර අද පෙරවරුවේත් වත්තල කෙලවරපිටියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකළ ගබඩාවක තිබී  හමුවූ සීනි මෙට්‍රික් ටොන් 4096ක් මුද්‍රා තැබීමට කටයුතු කෙරුණා.

සීනි තොග සගවා තබන වෙළදුන්ට එරෙහිව දඩ මුදලකට අමතරව අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දීමටද පියවර ගන්නා බව රජය පවසනවා. එමෙන්ම සීනි තොග සඟවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 1977 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසද පාරිභෝගික අධිකාරිය ඉල්ලා සිටිනවා.

ලංකා සීනි සමාගම හරහා අද සිට සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බවයි අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කළේ.

මෙරට සීනි අවශ්‍යතාවෙන් ලංකා සීනි සමාගම සපයනු ලබන්නේ සියයට දහයක ප්‍රමාණයක්. කෙසේ වෙතත් මෙරට ජනතාවගේ සීනී අවශ්‍යතාවය ගැටළුවකින් තොරව සපුරාලීමට කටයුතු කරන බවයි ලංකා සීනි සමාගම  පවසන්නේ.

මේ අතර කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් තොගය වරාය ගාස්තුවලින් නිදහස් කළ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

සතොස සහ සමුපකාර අලෙවිසැල් මගින් ලබන බදාදා සිට සිනි කිලෝග්‍රෑමයක් රුපියල් 130කට ලබා ගත හැකි බවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ සදහන් කලා.නමුත් අද දිනයේ සිටම ඇතැම් සතොස සහ සමුපකාර අලෙවිසැල් මගින් දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130 මිලකට අලෙවි කරනු දක්නට ලැබුණා.

 

 

The post වරායේ සීනි මුදාගෙන අර්බුදය විසඳන්න ඇමති රෝහිත වෙර දරද්දී ලංකා සීනිත් වැඩේට බහියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG