Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය ශාක සාර 21 ක් යොදා සකස් කළ මුව ආවරණයක් හඳුන්වා දෙයි  

Add comments

දේශීය ශාක සාර 21 ක් යොදා ගනිමින් සකස් කළ මුව ආවරණයක් හදුන්වා දී තිබෙනවා. එය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.

නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතායි මෙම මුව ආවරණය නිර්මාණය කර තිබෙන්නේ. පෙරුම්කායම්, දේවදාර, කුරුදුපොතු, පාවට්ටා මුල්, රතු ලූණු ,ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොහොඹ, කරාඹු නැටි, හිගුරු පියලි, අමු කහ ඇතුලු දේශීය ශාක සාර 21 ක් මේ සදහා භාවිත කර තිබෙනවා. මීට අදාළ පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් තත්ත්ව සහතිකයද පිරි නමා තිබෙනවා. කාර්මික තාක්ෂණ ආයතනය මගින් සිදුකළ පර්යේෂණවලදී මෙම මුව ආවරණය මගින් බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති බවයි සමන් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

 

 

The post දේශීය ශාක සාර 21 ක් යොදා සකස් කළ මුව ආවරණයක් හඳුන්වා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG