Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 12කට පසු ඇමරිකාව තුළ වැඩිම වෛරී අපරාද සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වෙයි – FBI  

Add comments

වසර 12 කට පසු ඇමරිකාව තුළ වැඩිම වෛරී අපරාද සංඛ්‍යාවක් සිදුව ඇත්තේ පසුගිය වසරේ බව FBI ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

පසුගිය වසර තුළදී වෛරී අපරාද සම්බන්ධයෙන් පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව FBI ආයතනය සඳහන් කරනවා. ජාතිය , ආගම , ස්ත්‍රී පුරුෂ භාවය ,ලිංගිකත්වය හා ආබාධිත භාවය යන කරුණු මුල් කරගෙන මෙම අපරාද සිදුව ඇති  බවයි වාර්තා වන්නේ. ආසියානු සම්බවයක් සහිත හා කළු ජාතිකයින් මුල් කර ගනිමින් සිදුවු අපරාද පසුගිය වසර තුළදී දැඩි ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ආසියානුවන්ට එරෙහිව සිදුවන අපරාද සියයට හැත්තැවකින් පමණ හා කළු ජාතිකයින්ට සිදුවන අපරාද 40%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. කෙසේ වුවද 2014 වසරේ සිට ඇමරිකාව තුළ සිදුවන වෛරී අපරාද ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන බවද එහි සඳහන්. එමෙන්ම ඇමරිකාව තුළ සිදුවන වෛරී අපරාද සම්බන්ධයෙන් FBI ආයතනයට අනිවාර්යය කරුණු වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති වීම හේතුවෙන් සිදුව ඇති අපරාද සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගත හැකි බවද එෆ්බිඅයි ආයතනය සඳහන් කරනවා.

 

The post වසර 12කට පසු ඇමරිකාව තුළ වැඩිම වෛරී අපරාද සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වෙයි – FBI appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG