Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළට  

Add comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 221 කින් වාර්තා වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ විසි දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 7566 ක්.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ දිනයේ දී සිදුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 792 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. ගතවූ පැය 24 ට පමණක් එරටින් වයිරස ආසාදිතයින් එක් ලක්ෂ දහ නව දහස් හයසිය හතලිස් දෙදෙනෙකු හමුවුණා. ඒ සමගම ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි එක් කෝටි අසූ ලක්ෂයකට ආසන්නයි. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂ විසි තුන් දහස් හත්සිය හතලිස් අටක්.

 

 

The post ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG