Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිඩා සුළි කුණාටුව ජීවිත හානි රැසක් සිදු කළ හැකි ස්වභාවික ව්‍යසනයක් – ජෝ බයිඩන්  

Add comments

අයිඩා සුළි කුණාටුව ජීවිත හානි රැසක් සිදු කළ හැකි ස්වභාවික ව්‍යසනයක් ලෙස  ජනාධිපති ජෝ බයිඩන් නම් කර තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් බිඳ වැටී ඇති යටිතල පහසුකම් හා සේවා යළි ස්ථාපිත කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.   නිව් ඕලින්ස් නගරයට විදුලි බලය ලබාදීමට විදුලි ජනක යන්ත්‍ර යොදාගෙන තිබෙනවා. පැයට කිලෝ මීටර් දෙසීය හතලිහක පමණ වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් නගරයේ දේපොල රැසකට විශාල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්. ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද ඇතැම් පුද්ගලයින් තම වාසස්ථානවලින් ඉවත්ව නොමැති බව වාර්තා වනවා. 2005 වසරේ දී මේ ආකාරයටම ඇමරිකාවට බලපෑ කත්‍රිනා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 1800 කට ආසන්නයි.

The post අයිඩා සුළි කුණාටුව ජීවිත හානි රැසක් සිදු කළ හැකි ස්වභාවික ව්‍යසනයක් – ජෝ බයිඩන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG