Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් සමග අධික වර්ෂාවෙන් ද බලපෑම් එල්ල වුණා.

ඒ සමගම හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.

ලක්ෂයක් පමණ නිවාස හා ව්‍යපාර ස්ථානයන්ට විදුලි බලය අහිමි වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඇතුලු ප්‍රසිද්ධ පුද්ගලයින් වාසය කරන මුහුදු බඩ ප්‍රදේශයන්ගෙන් ඔවුන්ව ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කළා. කෙසේ වුවද මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ.

 

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG