Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරු රාජ්‍යයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මචු පිචු දින නියමයක් නොමැතිව වසා දැමේ  

Add comments

පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරයාට එරෙහිව පවතින විරෝධතා හේතුවෙන් එරට සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මචු පිචු දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

සංචාරකයින් සහ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙම අඩවිය වසා දැමූ බවත්, ඉන්කා ට්‍රේල් කදු නැඟීම ද වසා දැමූ බවයි එරට රජය ප්‍රකාශ කරන්නේ. හදිසියේ මෙම ස්ථාන වසා දැමීම හේතුවෙන් ඉන්කා බලකොටුව පාමුල පැය ගණනක් සිරවී සිටි සිය ගණනක් සංචාරකයින් මේ වන විට මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. පේරු රාජ්‍යයේ ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වූයේ පේරු හි පෙර නායකයා නෙරපා හැරීමත් සමඟ යි.  විරෝධතාකරුවන් විසින් ඇතැම් දුම්රිය මාර්ගවලට හානි කිරීම හේතුවෙන් පසුගිය දා මචු පික්චු වෙත දුම්රිය සේවා අත්හිටුවනනු ලැබුවා.

The post පේරු රාජ්‍යයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මචු පිචු දින නියමයක් නොමැතිව වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG