Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ ගල් අඟුරු ආකරයක පැවති විරෝධතාවකදී දේශගුණික ක්‍රියාකාරිනියක අත්අඩංගුවට  

Add comments

ජර්මනියේ ගල් අඟුරු ආකරයක පැවති විරෝධතාවකදී දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ජර්මනියේ ලුට්සෙරාත් ගම්මානය ආසන්නයේ ගල් අඟුරු ආකරයක් පුළුල් කිරීම සඳහා ගම්මානය විනාශ කිරීමට එරෙහිව සිදු කළ විරෝධතාවකදීයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ග්‍රේටා තුන්බර්ග් දින තුනක කාලයක සිට ජර්මනියේ රැඳි සිටිමින් මෙම විරෝධතාවට සහභාගි වී තිබෙනවා.

මෙම විරෝධතාව සඳහා 35000ක පමණ පිරිසක් එක්ව සිටියා.

කෙසේවෙතත් ඇය අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැති අතර හැඳුනුපත් පරීක්ෂාවකින් පසුව නිදහස් කළ බවයි ලුට්සෙරාත් ගම්මාන පොලිසිය පවසන්නේ.

විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් ඇය ඔසවාගෙන යන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

The post ජර්මනියේ ගල් අඟුරු ආකරයක පැවති විරෝධතාවකදී දේශගුණික ක්‍රියාකාරිනියක අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG