Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jan 18

වියට්නාම් ජනාධිපති ඉල්ලා අස්වෙයි  

Add comments

වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

වියට්නාම් ජනාධිපතිවරයා මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ නිර්දේශ මත රජයේ ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙනුයි.

චෝදනා එල්ල වු නිලධාරීන් වැඩි දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා. කොමියුනිස්ට් පක්ෂය වියට්නාමයේ බලයේ රැඳී සිටිනවා.

එමෙන්ම එරට ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ ද කොමියුනිස්ට් පක්ෂය හරහායි.

68 හැවිරිදි සුවාන් පුක් ධුරයෙන් ඉවත් කිරීමට බලපෑම් එල්ල කළේ කොමියුනිස්ට් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි.

කෙසේවෙතත් එරට ජනාධිපති ධුරයට තවමත් සුදුස්සකු නම් කර නැති බවයි වාර්තා වන්නේ.

The post වියට්නාම් ජනාධිපති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG