Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද්ධයක් ඇති විය හැකි බවට රුසියාව අනතුරු අඟවයි  

Add comments

නේටෝව විසින් යුක්රේනය සන්නද්ධ කළහොත් නව මට්ටමේ යුද්ධයක් ඇති විය හැකි බව රුසියාව අනතුරු අගවනවා.

යුක්රේනයට බර අවි සහ යුද ටැංකි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජර්මනියේදී අද පැවැත්වෙනවා.

මේ අතර එක්සත් ජනපදය යුක්රේනය සදහා මිලිටර් ආධාර වශයෙන් ඩොලර් බිලියන 2.5 ක් ලබා දෙන බවට නිවේදනය කර තිබෙනවා.

විශේෂයෙන්ම එක්සත් රාජධානිය සහ ජර්මනිය යුක්රේනය වෙත යුද ටැංකි ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපදය තම මිලිටරි ආධාර වශයෙන් පාබල සටන් වාහන 59 ක්, නව ආයුධ සහ උණ්ඩ පැකේජයක් ලබා දෙන බව සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන රුසියාව පවසන්නේ.

මෙය අතිශ්‍යයින් භයානක මෙන්ම යුක්රේන රුසියා ගැටුම නව මට්ටමකට ගෙන එන ක්‍රියාදාමයක් බවයි.

මේ හේතුවෙන් සමස්ත යුරෝපයම  අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම නොවැලැක්විය හැකි බව රුසියාව ප්‍රකාශ කරනවා.

 

 

 

 

The post යුද්ධයක් ඇති විය හැකි බවට රුසියාව අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG