Jan
19
ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ලෙස සැළකිය හැකි සත්ත්වයෙකු ඕස්ට්‍රේලියාවෙන් හමු වී තිබෙනවා.
සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල මෙම මැඩියා ටොඩ්සිලා ලෙස නම් කර තිබෙනවා. එම මැඩියා හමුව තිබෙන්නේ උතුරු ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින්. කිලෝග්‍රෑම් 2.7 ක බරකින් මෙම මැඩියා යුක්තයි.මෙම මැඩියාගේ වයස අවුරුදු 15 ක් පමණ වෙතැයි අනුමාන කෙරෙනවා. මින් පෙර ලොව විශාලතම මැඩියා ලෙස ගිනස් වාර්තාවක් තබා ඇත්තේ 1991 දී ස්වීඩනයෙන් හමු වූ මැඩියෙකු වන අතර එම සත්ත්වයාගේ බර කිලෝග්‍රෑම් 2.65 ක් වුණා.
The post ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි appeared first on ITN News.
Post a Comment